දේශපාලනික පොලීසිය

හෘද සාක්ෂියක් ඇති මිනිසුන්ට නම්
මෙවැනි පුවත් හදවතට ගෙන එන්නේ මහත් කලකිරීමක් සහ කණගාටුවකි..ත්‍රිකුණමලය බුදු පිළිමයක් තැන්පත් කිරීමට අදාළ සිද්ධියේදී පොලිසිය කටයුතු කරන්නේ
මෙරට සිදුවුනු බිහිසුනුම අපරාධයක් ගැන කටයුතු කරන ආකාරයට දැයි සිතේ..
පොලිසියට අධිකරණයට ඉදිරිපත් කරන චෝදනා නිසා අධිකරණයටද එම සීමාවන්ට යටත්ව තීරණ ගැනීමට සිදුවීමට ඉඩ ඇත..
අද පුවත් ප්‍රකාශ වූ අන්දමට ගරුතර ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතීඥ නුවන් බැල්ලන්තුඩාව පැවසුවේ ස්වාමීන් වහන්සේලා ඇතුළු පිරිසට ඇප ලබාගැනීමට,
බුදු පිළිමය සඳහා යොදනු ලැබූ ආවරණ ඉවත් කිරීමේ එකඟතාවය මත නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කළ නීතිඥයන් සමඟ පෙර දිනයේ එකඟතාවයකට පැමිණ සිටියත්,
ඒ සඳහා නීතිපති දෙපාර්තමේන්තුව එකඟ වී සිටියත් පොලිසිය වෙනත් කරුණු ඉදිරිපත් කරමින් දැක්වූ විරෝධතා නිසා අද දිනයේත් තවදුරටත් ස්වාමීන් වහන්සේලා ඇතුළු පිරිසට බන්ධනාගාරගතවීමට සිදුවූ බවයි..
ස්වාමීන් වහන්සේලා අත්අඩංගුවට ගැනීමට එරෙහිව එය නීති විරෝධී බව පවසමින්
මේ වන විට ඉදිරිපත් කර ඇති මූලික මිනිස් අයිතිවාසිකම් නඩු ඉවත් කරගන්නා ලෙසට පොලිසියෙන් කොන්දේසී ඉදිරිපත් වූ බවයි…
දැන් පොලිසිය සමහර කටයුතුවලදී නීතිය ක්‍රියාත්මක කරන්නට කෙතරම් උනන්දු දැයි පෙනුනේ,
පසුගිය දින එක පොලිසියක OIC මහත්තයෙක් යුනිෆෝම් එකට සපත්තු දෙක දාගන්නටත් මතක නැතුව සෙරෙප්පු දාගෙන කොඩි කණු ගලවන්නට දුවගෙන ආපු ගමන දෙස බලන විටය..
මේ රටේ හතර වටේටම ඇත්තේ මුහුදයි..
මුහුදු වෙරළයි…
ඒ මුහුදු වෙරළේ පුරා ඉදිවී තිබෙන ගොඩනැගිලි දෙස බලන විට,
මේ රටේ වෙරළ සංරක්ෂණ නීතිය උල්ලංඝනය කරමින් සිදුකර තිබෙන මහා විශාලම වරද බුදු පිළිමයක් සඳහා ආවරණයක් යෙදීම දැයි සිතින විට ,
සම්බුදුරජාණන් වහන්සේ විසින් උත්පලවන් මහ දෙවිඳුන්ට මේ රට තුළ බුදු දහම ආරක්ෂා කිරීමට භාර දුන් ඓතිහාසික පණිවිඩයට අභියෝග කිරීමටත් දැන් සමහරුන් උත්සාහ ගැනීම අරඹා ඇත්දැයි සිතේ..
එක පැත්තකින් නොව හැම පැත්තකින්ම අපහාස උපහාසය .. කෙණෙහිලිකම් ය…..
මේවාට ප්‍රතික්‍රියා ක්ෂණිකව නොලැබෙනු ඇත..
ඒත් කවදා හෝ ලැබෙනු ඇත..
බාමියන් බුලු පිළිම බිඳ හෙළමින් රජ දහනක් කර ගත් අය කලක් ප්‍රීතිය භුක්ති විඳි ආකාරය අපට මතකය..
හැබැයි ඒවාට ආපසු ප්‍රතිඵල ලැබෙන විට රසවත් වූයේ නැත..
අද මේවායින් රස විඳින අයටත් ,
මේවා පිටුපස සිටින අයටත් ,
කීමට ඇත්තේ එපමණය…
ස්වභාව ධර්මය විසින් නඩු අසන දවසට ඒවාට ඉහළ නියෝග වලින් බලපෑම් කිරීමට ලැබෙන්නේ නැත..
ලාල් ද අල්විස්
20.01.2026
5 Viewers





