එල්ටීටීඊ ත්‍රස්තවාදීන් ඝාතනය කරන ලද ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ ජ්‍යෙෂ්ඨතම රණවිරු නිලධාරීන්.

ලුතිතන් ජෙනරාල් ඩෙන්සිල් ලක්ෂ්මන් කොබ්බෑකඩුව RWP RSP VSV USP ශ්‍රී ලංකා යුද හමුදා ඉතිහාසයේ වඩාත්ම සුප්‍රසිද්ධ සහ භක්තියට බඳුන් වූ ජේෂ්ඨ නිලධාරීන් අතර හමුදා දක්ෂයෙකු ලෙස පුළුල් ලෙස සැලකේ. මහනුවර කීර්තිමත් ත්‍රිත්ව විද්‍යාලයෙන් බිහි වූ වීරෝධාර සෙන්පතියෙක් ඔහු තවමත් පුරාවෘත්තයකි.
1992 අගෝස්තු 8 වන දින “අරලි තුඩුව යාපනය” එල්ටීටීඊ ම්ලේච්ඡ ද්‍රවිඩ ත්‍රස්තවාදීන් විසින් වළලා දමන ලද අති දරුණු බිම්- බෝම්බයකට ගමන් ගත් රථය හසු වී ඝාතනය කරන ලදී. මෙතුමාට අජරාමර නිවන් සුව ලැබේවා.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 11 වන අණදෙන නිලධාරී අද්මිරාල් වනක්කුවත්ත වඩුගේ අර්වින් ක්ලැන්සි ප්‍රනාන්දු, VSV, USP, MSc, ndc, psc, MNI, ශ්‍රී ලංකා නාවික හමුදාව තුළ දක්ෂ උපායමාර්ගිකයෙකු, නිර්භීත නායකයෙකු සහ සැබෑ දේශප්‍රේමියෙකු ලෙස ගෞරවයට පාත්‍ර වේ. මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයේ එතෙක් මෙතෙක් බිහිවූ අති දක්ෂතම ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරියා.
16 නොවැම්බර් 1992 කොළඹදී මරාගෙන මැරෙන ද්‍රවිඩ ත්‍රස්තවාදියෙකු විසින් ජීවිතක්ෂයට පත්විය. RIP
එයාර් කොමදෝරු ශිරන්ත ගුණතිලක RWP RSP 5 වන ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් හැරී ගුණතිලකගේ බාල පුත්‍රයා සහ 12 වන ගුවන් හමුදාපති මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලකගේ සහෝදරයාය. කීර්තිමත් කොළඹ රාජකීය විද්‍යාලයෙන් බිහිවූ අති දක්ෂ ඉතා ක්‍රියාශීලී ජ්‍යෙෂ්ඨ ගුවන් නියමුවෙකු වූ අතර ඔහුගේ ජීවිතය එල්ටීටීඊය විසින් කෙටි කරන ලදී.
1995 අප්‍රේල් 29 වන දින එල්ටීටීඊ ම්ලේච්ඡ ද්‍රවිඩ ත්‍රස්තවාදීන් මොහු විසින් පියාසර කරන ලද ගුවන් යානයට වෙඩි තබා ගුවන් යානය විනාශ කරන ලදී. RIP
නියෝජ්‍ය පොලිස්පති චාල්ස් විජේවර්ධන මහත්මයෙක්, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් සහ ජනප්‍රිය ශ්‍රී ලාංකික රග්බි ක්‍රීඩකයෙක් විය. ක්‍රීඩා හා සේවා යනදෙඅංශයෙන්ම ඉතා විනයගරුක වූ ඔහු රග්බි ලෝලීන් අතර ‘මිස්ටර් රිලයබල්’ සහ ‘කිං චාලි’ ලෙස ප්‍රසිද්ධ විය. ඔහු මහනුවර කීර්තිමත් විද්‍යාර්ථ විද්‍යාලයේ ආදි සිසුවෙකි.
2005 අගෝස්තු 4 වන දින ඉනුවිල් යාපනය
ප්‍රදේශයේ සිදුවූ කලබලකාරී තත්ත්වයක් සාමදානය කිරීමට ගොස් දරුණු වද හිංසා පමුණුවමින් එල්ටීටීඊ ම්ලේච්ඡ ද්‍රවිඩ ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කරන ලදී. මෙතුමාට නිවන් සුව ලැබේවා.
උපුටාගැනීම :-
කපිතන් අසේල උනන්තැන්න විශ්‍රාමික
7 Viewers





