ලැජ්ජයි – දුකයි : හමුදා මිත්‍රයෙක් ගේ හද ගැස්ම
හමුදා සේවයේ , අධිකාරී නිලයක සේවය කරන මිත්‍රයෙක් අද කතාකලා. ඔහුගෙ හඩේ තිබුනෙ දැඩි කළකිරීමක්. නිදහස් දිනයේ එවැනි නිලධාරීයෙක්ගෙන් බලාපෙරොත්තු නොවිය යුතු එකක්
මොකද නිදහස් දිනය කියන්නෙ ත්‍රිවිධ හමුදා සියළු නිලයන්ගේ විශේෂ දවසක් .ඔවුන් එදාට ඉන්නෙ වෙනම වයිබ් එකක.
ඔහුගේම වචන වලින් මම ලියන්නම්.
” මචං , අපි කොහාටද තල්ලු වෙන්නෙ කියල මට හිතාගන්න බැහැ. අනුර මේ නැති කරන්නෙ රටේ රාජ්‍යය නායකය කියන තනතුරේ ගෞරවය. අපි ට්‍රේනින් වෙනකොට අපිට ඉගැන්වුයේ බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය. මචං,
“ගන් සැලියුට්”[ ආචාර වෙඩිමුර] කියන්නෙ අනුරට දෙන එකක් නෙමේ මචං. ඒක රටේ ජනාධිපතිට දෙන එක. ජනාධිපති උත්තමාචාර, ජාතික ගීය, ගන් සැලියුට් 21 ඕව වලට වෙනම සම්ප්‍රදායක් තියෙනව. 21ක් ගහන්නෙත් හේතුවකට. නැතුව 3න් බෙදෙන ගානක් හින්ද නෙමේ.
ප්‍රසිඩන්ට විතරයි ගන් සැලියුට් 21 ගහන්නෙ. එකත් අපිට ලැබුන 1972 න් පස්සෙ. එතකම් අපිට තිබුනෙ බ්‍රිතාන්‍ය රැජිනට ගරුකරන සම්ප්‍රදායක්..
මගෙ යාලුව හරිම ශෝචනීය හඩින් කියනවා.
නිදහස් දිනේ ප්‍රෙපරේෂන් මීටින් පටන් ගන්නෙ ඔක්තෝම්බර්. අගමැතිගෙ මූලිකත්වයෙන්. අගමැති ලේකම් / රාජ්‍යය පරිපාලන ඇමති/ලේකම් වගේ අය තමා ඒක ප්‍රධානීත්වය ගන්නෙ. අවස්ථා දෙක තුනකදි රූපවාහිනී ලයිව් කවරේජ් එක සම්බන්ධයෙන් නිෂ්පාදන කණ්ඩායමේ හිටපු හින්ද මටත් අවස්ථාව ලැබිල තියෙනවා ඔය මීටිමකට යන්න.
” මේ පාර පලවෙනි මීටිම තිබුනෙ දෙසැම්බර් වල. දිත්වා හින්ද ඒක නිකං දියාරු එකක්. මුන් වැඩ දන්නෑ , නිලධාරි වැඩ කරන්න බයයි. ඉස්සර මචං ඕඩර් එක විතරයි ඕනෙ .වැඩේ චේන් එකක යනවා.
දැන් කිසිතැනක සූදානමක් නැහැ.
ඔය ගන් සැලියුට් එක ගැන කිසිම තැනක කතා වුනේ නෑ. පස්සෙ තුයියකොන්තා ඕක ඇහුවා. අපරාදෙ කියන්න බෑ මිනිහා හමුදාව වෙනුවෙන් කතාකලා. මේ අවුරුද්දට දෙපාරක් තිබ්බා ඒ මෝදි ආපු වෙලෙයි , අනුර පාස් අවුට් එකට ගිය වෙලයි.
ජාතික නිදහස් උලෙලදි ඒක තිබුනෙ නැත්තං අඩුවක් වගේම හමුදාවට අවමානයක් , ලැජ්ජාවක් කියලම තුයියාකොන්ත කිව්වා.
මචං ඊළග මීටින් එකේදි ගන් සැලියුට් ගැන කිසිම මිනිට් එකක් නැහැ. කව්රුත් උත්තර දුන්නෑ. මම HE ගෙන් අහල කියන්නම් කියලා හරිනි ෂේප් වුනා.
දුකයි වගේම ලැජ්ජයි බං ” ඇත්තටම මගේ මිත්‍රයා හිටියෙ හරිම කනගාටුවෙන්.
ත්‍රිවිධ හමුදාපතිවරු සහ ෆීල්ඩ් මාෂල්වරයා ගෙ Arrivals ලයිව් පෙන්නුවෙ නැත්තෙ ඇයි කියල ඇහුවාම මිනිහ හිනා වෙලා “ඒවා ෂෙඩුල් හදන්නෙ ටැමිල් ඩයස්පෝර එක මචං”
“උබ ඇහුවද කමාන්ඩෝ පැරඩ් එකේදි දීපු කමෙන්ට්‍රිය. දිත්වා කුණාටුවෙන් බේරගත්ත එකයි , කෑම ඇදපු එකයි විතරද බං අපේ කොල්ලො කලේ. ලැජ්ජාව කියන්නෙ කමෙන්ට්‍රියෙ කියනවා ” යන්න බැරි තැන්වලට ” ගිහින් සේවය කලා කියලා. ඇයි බං කොමාන්ඩෝ පාඨයම “නොහැක්කක් නොමැත” කියන එක ඒ බූරුව දන්නෙ නැද්ද.
මේ ආල්පාරුවො ඇවිත් විනාශකරන්නෙ අපේ Values මචං. ගල්කටස් පත්තුකරපු උන්ට කොහෙන්ද මේවයෙ වටිනාකමක්.
“ගනං ගන්න එපා මචං , මොනාකරන්නද ,අනික කොමාන්ඩොස්ල යනකොට කියන්නද මේකෙ හිටපු සේනංකාධිපති ජානක පෙරේරා තමයි උලපනේ වත්තක හිටපු ත්‍රstayවාදී නායකයෙක් අල්‍ලන්න මෙහෙයුම දියත්කලේ කියලා”
මං එහෙම කියලා ෆෝන් එක තිබ්බා.
හැත්ත අටවපු නිදහස
6 Viewers





