අරන්තලාව භික්ෂු ඝාතනය සිදුවූයේ අදවන් ජුනි 2 දාවකයි…
1987 ජුනි 2 අදවන් දිනක අම්පාර මහවාපි විහාරයේ සිට කැලණිය රජ මහා විහාරය වෙත වන්දනා ගමනක් යෑම සඳහා හෑගොඩ ඉන්ද්‍රසාර හිමි ඇතුළු සාමණේර භික්ෂූන් වහන්සේලා හතළිහකට අධික සංඛ්‍යාවක් බස් රථයකින් උදෑසනම පිටත් විය. සම්පූර්ණයෙන් බස් රථයේ 47 දෙනෙක් ගමන් කළහ.
පෙරදින එනම් ජුනි 1 දින ඉන්ද්‍රසාර නායක හිමි විසින් විද්‍යානන්ද පිරිවෙන වෙත වැඩම කොට කුඩා සාමණේර භික්ෂූන් වහන්සේලා මහාවාපි විහාරය වෙත කැඳවාගෙන යන විටත් කුඩා හිමිවරුන්ගේ මුණුණේ තිබූ සතුට සිනහව විස්තර කළ නොහැකි තරම් විය.
අලුයම 5. 00 ට පමණ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් රතු පැහැති බස් රථය විහාරයට පැමිණියේය. බස් රථයේ රියදුරු මහතා පන්සලේ දායක සභාවේ G.G. සමරපාල නම් අයෙක් විය.
කුඩා හිමිවරු පිරිත් සජ්ජායනා කරමින් අවට පරිසරයේ සිසිල් සුළඟේ පහස විඳිමින් වන්දනා ගමනේ සතුටින් නිරත වී සිටියහ. උන් වහන්සේලාගේ මුහුණු සතුටින් ඉපිල ගොස් තිබිණි.
සිංහල ගම්මාන පසුකොට අලුයම 7.15 වනවිට අරන්තලාව කැලෑ ප්‍රදේශය වෙත බස් රථය ළඟවීමත් සමඟ සිදුවූයේ කිසි කෙනෙක් බලාපොරොත්තු නොවූ දෙයකි.
මාර්ගය ඉදිරියේ කොටයක් දමා තිබුණි. එය උඩින් හෝ පැත්තෙන් යාමට කොන්දොස්තර මහතා ලෙස කටයතු කළ තැනැත්තා යෝජනා කළ ද රියදුරු මහතාට සැකයක් ඇති විය.
ඔහු සෙමින් රථය පිටුපසට රිවස් කරන්නට විය.
හදිසියේම පිටුපසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිල ඇඳුමට සමාන නිල් පැහැ ඇඳුමක් ඇදගත් පුද්ගලයින් තිදෙනෙක් බස් රථය නවත්වන ලෙස සංඥා කළහ. ඔවුන් අත T-56 සහ මැෂින් තුවක්කු තිබිණි.
ඔවුන් රජයේ හමුදා යැයි සිතු බස් රථයේ රියදුරු වැඩි කලබලයක් නොකර සිටියේය.
නමුත් බස් රථයට නැගී ඔවුන්
රථය අරන්තලාවේ තවත් කැලෑබද පෙදෙසකට ගෙන යන ලෙස අණ කළහ.
LTTE ත්‍රස්තයන් විසින් රියදුරා බියගන්වා පරුෂ වචනයෙන් බැන වදිමින් බස් රථය අරන්තලාව කැලෑ ප්‍රදේශය වෙත ගෙන යන ලදී.
සුළු දුරක් යන විට LTTE ත්‍රස්තයන් 30 ක් පමණ කඩු,මන්නා පමණක් නොව ස්වයංක්‍රීය ගිනි අවි පවා සමඟ ඉදිරියේ සිටියේය.
රියදුරු සමරපාල මහතා දෙමළ භාෂාවෙන් ඔවුන්ට කරදරයක් නොකරන ලෙසත් තමා දරුවන් 6 දෙනෙකුගේ පියෙක් බවත් පවසා සිටියේය.
බස් රථයට නැගී ත්‍රස්තයන් භික්ෂූන් වහන්සේලා හා ගිහියන් සතු බඩු භාණ්ඩ හා තිබූ සුළු මුදල උදුරා ගත්හ.
නැවත වරක් රියදුරු කරදරයක් නොකරන සේ පැවසුව ද ත්‍රස්තයන් විසින් ඔහුට වෙඩි තබා ඝාතනය කරන ලදී.
සිදුවීමට යන මහා විනාශය තේරුම් ගත් නායක හෑගොඩ ඉන්ද්‍රසාර හිමි විසින් LTTE ත්‍රස්තයන්ට තමන් වහන්සේ, ගාල්ලේ හෑගොඩ ඉන්ද්‍රසාර බවත් තමන් වහන්සේව පමණක් මරා දමා කුඩා සාමණේර හිමිවරුන්ගේ ජීවිතවලට කරදරයක් නොකරන ලෙස ඉල්ලා සිටියේය.
උන්වහන්සේගේ ඉල්ලීම ගණනකටවත් නොගත් LTTE ත්‍රස්තයන් තමන්ට සුපුරුදු ම්ලේච්ඡත්වය ආරම්භ කළහ.
මුලින්ම ත්‍රස්තයන් විසින් හෑගොඩ ඉන්ද්‍රසාර හිමි කපා කොටා ඝාතනය කළහ.
අනතුරුව කඩු, මන්නා වලින් කුඩා සාමණේර හිමිවරු ඝාතනය කරන්නට විය. ඇතැම් ත්‍රස්තයන් ගිනි අවි වලින් වෙඩි තැබූහ.
තප්පර කීපයක් ඇතුළත මුළු බස් රථයම ලෙයින් නැහැවිනි.
කුඩා සාමණේර හිමිවරු වුණත් උන්වහන්සේලා කුඩා දරුවන්ය.
උන්වහන්සේලා බයෙන් කෑ ගසමින් සීට් අතර හැංගෙන්නට උත්සාහ දැරූහ.
20 ක් පමණ වූ රුදුරු LTTE ත්‍රස්තයන් බස් රථයක් තුළට වූ කළ කෙසේ නම් අහිංසක කුඩා සාමණේරවරු හැංගෙන්න ද ?
“.. අනේ මාමේ අපිව මරන්න එපා…අය්යේ මරන්න එපා” යැයි හැඬූ කඳුලින් මේ කුඩා සාමණේරවරු කෑ ගසන්නට විය.
ත්‍රස්තයන් විසින් උන්වහන්සේලා ළමයින් සේ සිතාවත් එය කනකට ගත්තේ නැත.
මොහොතක් ඇතුළත බස් රථය සම්පූර්ණයෙන් රක්ත වර්ණයෙන් නැහැවී ගියේය. ඇතුළත එකම ලේ ගංගාවකි.
ත්‍රස්තයන් මෙම කෲර ක්‍රියාව සිදුකොට සිනහ වෙමින් පලා ගියහ.
ඒ අනුව උපසම්පදාව ලද නායක හෑගොඩ ඉන්ද්‍රසාර හිමි ඇතුළු කුඩා සාමණේර භික්ෂූන් වහන්සේලා 33 ක් සහ බස් රථයේ ගමන් කළ තවත් ගිහි පුද්ගලයන් 4 ක් LTTE ත්‍රස්තයන් විසින් ඝාතනය කරන ලදී.
මේ කුඩා සාමණේරවරු වයස අවුරුදු 7-15 අතර වූ කුඩා භික්ෂූන් වහන්සේලා වූහ.
උන් වහන්සේලා සිවිල් වැසියන්ගේත් ගිහි දිවියෙන් මිදි ජීවත් වීමට උත්සාහ කළ අහිංසක දරුවන් වූහ.
කොටි ත්‍රස්තයන්ට ඒව අදාල වූයේ නැත.
සයනයිඩ් කරල් බෙල්ලේ බැඳ ළමා බලහත්කාරයෙන් කොටි ත්‍රස්ත සොල්දාදුවන් නිර්මාණය කළ LTTE ත්‍රස්තයන්ට මෙය තවත් එක් සිද්ධියකි.
සිද්ධියෙන් දරුණු තුවාල ආබාධ ලැබූ හිමිවරු 6 දෙනෙක් යන්තමින් දිවි ගලවා ගත්හ.
සිදුවීමේ කම්පනයෙන් පසුව 4 නමක් සිව්රු හැර ගියහ.
තවත් එක් නමක් සිව්රු හැර කොටි ත්‍රස්තයන්ට එරෙහිව සටන් කිරීමට ශ්‍රී ලංකා රජයේ යුධ හමුදා සමඟ එක් විය.
ඒ සිදුවීම සිහිකරන්නේ එදා තෙරණුවන්ගේ පුත් ගිහිකල “අභය” නමින් ප්‍රකට වූ ථේරපුත්තාභය භික්ෂූන් වහන්සේ එළාර ආක්‍රමණිකයාගෙන් රට බේරා ගැනීම සඳහා සිව්රු හැර දුටු ගැමුණු රජුගේ සේනා හා ථේරපුත්තාභය මහා සෙන්පති ලෙස එක් වූ ආකාරයයි.
එකළ කුඩා සාමණේර හිමි නමක් වූ අනෙක් ස්වාමීන් වහන්සේ තවමත් දරුණු තුවාල ලබා තවමත් වැඩ වාර්තා කරමින් සිටි.
මෙම කෲර ප්රහාරය සිදුකළ LTTE කොටි ත්‍රස්තයන්ව පසුව විනාශ කිරීමට ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක අංශ සමත් විය.
කෙසේ නමුත් මෙම ප්‍රහාරය මෙහෙයවා ඇත්තේ අම්පාර සහ මඩකලපුව ප්‍රදේශවල තවත් මෙවැනි සංහාර වලට වගකිව යුතු “රේගන්” නම් LTTE ත්‍රස්තයෙක් විසිනි.
ඔහුද පසුව ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රහාර වලින් මිය ගිය බව සඳහන් කර සිටිය ද, මෙම “රේගන්” නැමැත්තා පසුව සරණාගත භාවය පෙන්වා ප්‍රංශයට පලා ගොස් ඇති බව සඳහන් වේ. ඔහු එහි සිටි පසු කාලීනව වෙනත් නමකින් LTTE කොටි ඩයස්පෝරා කටයුතු මෙහෙය වූහ. සන්ඩේ ටයිම්ස් ලිපියක ඔහු ප්‍රංශයේදි කොටි සමරන ඡායාරූපයක් ද පළ කොට ඇත.
මෙම රේගන් තැනැත්තා 1990 වසරේදී පොලිස් නිලධාරීන් 600-774 ත් අතර ප්‍රමාණයක් ඝාතනය කිරීමට ද සම්බන්ධ වී ඇති බව සඳහන් වේ.
ඇතැම් අය පවසන්නේ ඒ රේගන් සහ අරන්තලාව භික්ෂු ඝාතනයට අදාළ රේගන් යනු දෙදෙනෙක් බවයි.
(රේගන් පිළිබඳ මතවාද විවාදසම්පන්න බව කිව යුතුයි)
කෙසේ වෙතත් ප්‍රංශයේ සරණාගත භාවය ලබා සිටි රේගන්ව 2012 වසරේදී මෝටර් බයිසිකලයකින් පැමිණි හඳුනානොගත් තුවක්කුකරුවන් දෙදෙනෙක් විසින් වෙඩි තබා ඝාතනය කරන ලදී.
LTTE ත්‍රස්තයන් මෙවැනි කුරිරු ම්ලේඡ්ච ත්‍රස්ත ක්‍රියා බොහෝ සිදු කළහ.
අද අරන්තලාවේ භික්ෂු ඝාතනය සිහි කිරීමට ස්මාරකයක් ඉදිකොට ඇති අතර, එම බස් රථය නැවත විහාරයේ තබා අපවත් වූ භික්ෂූන් වහන්සේලාගේ පිළිම එහි අඹා ඇත.
LTTE ත්‍රස්තයන් හා ව්‍යාජ දෙමළ ඊළාම් නිජබිම් මිත්‍යා අදහස් වලට කිසිදු ඉඩක් ලබා නොදිය යුතුය. එසේ කරන්නෝ හා එයට අනුබල දෙන්නන් සියල්ලන්ම සිදු කරන්නේ ත්‍රස්තවාදී ක්‍රියාවන්ය.
මෙම පෝස්ටුව උඩුගත කළේ LTTE ත්‍රස්තයන් විසින් සිදුකළ කුරිරු අරන්තලා භික්ෂු සංහාර ඝාතනය සිදු වූයේ අදවන් ජුනි 2 දිනක බව සිහි කිරීමටත් නැවත මෙවන් ඛේදවාචක ඇති වීමට ලංකාව තුළ ඉඩ නොදිය යුතු බව සිහි කිරීම සඳහාත්ය.
මේ පෝස්ටුව කිසිම අයුරකින් වෛර සහගත අදහස් ජනගත කිරීම සඳහා යොදා නොමැති අතර ඉතිහාසමය සිදුවීම් මතක් කර දීමේ අරමුණින් ඉදිරිපත් කොට ඇත.
1. ඡායාරූපය :- අරන්තලාව භික්ෂු ඝාතනය සිහිවීම සඳහා ඉදිකල ස්මාරකය
2. ඡායාරූපය :- විහාරස්ථානය තුළ තබා ඇති එක බස් රථය
3. ඡායාරූපය :- LTTE ත්‍රස්තයන් විසින් ඝාතනය කළ කුඩා සාමණේර හිමිවරුන්ගේ සිරුර
4. ඡායාරූපය :- සිදුවීම සිහිවීම සඳහා නිර්මාණය කර ඇති උන්වහන්සේලාගේ ප්‍රතිමා.
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
Aranthalawa Bikkhu Massacre….
On 2 June 1987, more than 40+ novice monks including Venerable Hegoda Indrasara Thero departed early in the morning by bus from Mahawapi Temple in Ampara to Kelaniya Raja Maha Vihara on a pilgrimage.
In total, 47 people were travelling in the bus.
On the previous day, 1 June, when Venerable Indrasara Thero visited the Vidyananda Pirivena and brought the young novice monks to Mahawapi Vihara, the joy and smiles on their faces were beyond description.
Around 5.00 a.m., a red bus belonging to the Sri Lanka Transport Board arrived at the temple. The driver of the bus was a person named G.G. Samarapala, a member of the temple lay committee.
The young monks were chanting pirith, enjoying the cool morning breeze & happily continuing their pilgrimage. Their faces were filled with joy.
After passing Sinhala villages, by around 7.15 a.m., as the bus reached the Aranthalawa forest area, something completely unexpected happened.
A log had been placed across the road. Although the conductor suggested going over or around it, the driver became suspicious.
He slowly began reversing the bus.
Suddenly, from behind, 3 individuals wearing blue uniforms similar to those of the Sri Lanka Air Force signaled the bus to stop.
They were carrying T-56 rifles and machine guns.
The driver, believing they were government forces, did not react aggressively.
However, they boarded the bus & ordered the driver to take the vehicle deeper into the forested area of Aranthalawa.
They were LTTE terrorists.
Those LTTE terrorists threatened and abused the driver and forced him to drive further into the jungle.
After a short distance, around 30 LTTE cadres were seen ahead, armed with swords, machetes & automatic firearms.
The driver, Samarapala, pleaded in Tamil with them not to harm anyone and said he was a father of 6 children.
Terrorists boarded the bus and robbed the monks and passengers of their belongings and small amounts of money they had.
Despite repeated pleas from the driver, he was shot and killed.
Realizing the scale of what was about to happen, Venerable Hegoda Indrasara Thero pleaded with the terrorists, introducing himself and asking them to kill only him and spare the young novice monks.
However, his request was ignored.
Terrorists then began their brutal attack.
Venerable Indrasara Thero was first hacked and killed.
Then the young novice monks were attacked with swords and machetes, while some were shot with firearms.
Within moments, the entire bus was filled with red blood.
The young novice monks, though children, tried to hide in fear between the seats. But surrounded by heavily armed militants, there was nowhere to escape.
They cried and begged, shouting
“Please uncle, don’t kill us… please brother don’t kill us.”
LTTE terrorists showed no mercy.
Within minutes, the bus was completely soaked in blood.
After committing the massacre, the attackers left the scene.
In total, Venerable Hegoda Indrasara Thero, 33 novice monks, and 4 lay passengers were killed by LTTE terrorists.
The small monks were between 7 and 15 years old, children who had renounced lay life in pursuit of a religious path.
By tying cyanide capsules around small Tamil children’s necks and forcibly turning them into LTTE child soldiers, this was just another incident for the LTTE terrorists. For them, it was treated as just another incident. How cruel LTTE were ?
Six monks who were severely injured survived. After the incident, four of them later disrobed & one joined the Sri Lankan Army to fight against the LTTE.
It is said that the attack was led by an LTTE militant known as “Reagan”, who was responsible for similar massacres in the Ampara and Batticaloa regions.
There are claims that he later fled to France under refugee status and continued LTTE diaspora activities under a different identity.
A Sunday Times article reportedly published a photograph of him in France participating in LTTE commemorations.
It is also said that he was later killed in 2012 by unidentified gunmen while in France.
However, some argue that the “Reagan” involved in the Aranthalawa massacre and the one mentioned in later accounts may not be the same person. (This remains a disputed point.)
Today, a memorial has been built in Aranthalawa to commemorate the victims & the original bus is preserved with statues of the deceased monks.
This post is shared to remember the Aranthalawa Buddhist monk massacre of 2 June & to emphasize that such tragedies must never be allowed to happen again in Sri Lanka.
No space should be given to LTTE terrorists and the false myth of a Tamil Eelam homeland. Those who do so & those who support it, are all engaging in acts of terrorism.
It is not intended to promote hatred, but to preserve historical memory of this tragic event.
4 Viewers





