මනෝ ගනේෂන් ගේ පෙරළිය!

සිදුවෙමින් තිබෙන්නේ කුමක් ද? 2026/06/04 දින The Island පුවත්පතේ ප්‍රධාන පුවතට අනුව, දෙමළ ප්‍රගතිශීලි පෙරමුණේ නායක මනෝ ගනේෂන් මන්ත්‍රීතුමා ප්‍රකාශ කර තිබුණේ, පළාත් සභා ඡන්ද පැවැත්වීම සඳහා ඉන්දියාව මැදිහත්වීමේ අවශ්‍යතාවක් නැති බව ය. ගනේෂන් මන්ත්‍රීතුමා වැඩිදුරටත් කියා තිබුණේ, අපි, අපේ ප්‍රශ්නවලට දේශීය විසඳූම් සෙවිය යුතු බවකි. අපූරු ය!

දැන් මේ සංවාදය පැනනඟින්නේ, ඉන්දියාවට ගොස් පැමිණි ජ වි.පෙ. ලේකම් ටිල්වින් ද සිල්වා මහතා මේ වසරේ දී පළාත් සභා ඡන්ද නොපවත්වන බව යාපනයේ දී ප්‍රකාශ කිරීමත් සමඟ ය.

දැන් ඉන්දියාව තමන් ගේ සොල්දාදුවන් දාහකට අධික පිරිසක ගේ ජීවිත අහීමි කරගැනීමෙන් පසු, තමන් ගේ හිටපු අගමැතිවරයෙක් ගේ ජීවිතය අහිමි කරගැනීමෙන් පසු, වසර 40+ රස්තියාදුවකින් පසු, උතුරේ ජාතිවාදී, බෙදුම්වාදී දෙමළ දේශපාලනය  වෙනුවට  බහුතරය සමඟ ඍජු ව ගනු-දෙනු කිරීම, වඩා ඵලදායි ය යි තීරණය කර ඇති සේ ය. මෙය ඉන්දියාවට යථාභූත ඥානය පහළවීමක් සේ සලකා, ඒකීය ශ්‍රී ලංකාවේ තිර පැවැත්ම වෙනුවන් යොදාගනීමට අපි බුද්ධිමත් විය යුතු ය.

අවසන් වරට පළාත් සභා ඡන්ද පැවතුණේ 2013/14 වසරවල දී ය. මීට දශකයකටත් පෙර ය. පළාත් සභා ඡන්ද නොපවත්වා අක්‍රීය කළේ  පළාත් සභා විරෝධී ජාතික බලවේග නොවේ; බලය බෙදීම වෙනුවෙන් ම පෙනී සිටි, උතුරේත් දකුණේත් සියලු බලවේග එකතු ව ය. ඔව්, එදා 2017/18 දී එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් කොංග්‍රසය ආදි එකී-නොකී පළාත් සභා වෙනුවෙන් පෙනී සිටි, ඒ ඉක්මවා බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටි, සතලවිධ බලවේග එකතුව ය. ඒ ඇයි? පළාත් සභා බහුතරයක බලය ඒකාබද්ධ විපක්ෂයට යතැ යි බිය වූ බැවිනි. දැන් ඉන්දියාව සිතන්නට ඇත්තේ බලය තමන්ට නොලැබේ ය යි සිතෙන විට පළාත් සභා එපෝ ය යි කියන ප්‍රතිපත්ති විරහිත නඩයක් සමඟ මොන ගමනක් ද කියා ය.

දැන් ඉන්දියාව පළාත් සභා සම්බන්ධයෙන් අනුගමනය කරන නිහඬ පිළිවෙත ගැන දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ ලේකම් වසන්ත බණ්ඩාර මහතා හෙළා තිබුණේ සැකමුසු බැල්මකි. ඔහු මෝදි අගමැතිතුමා අනුර කුමාර ජනාධිපති ගේ කරට අත-දමා අස්සන් කරගත් ගිවිසුම් හත මතක්කර තිබිණි. ඉතින් ඒ ගිවිසුම් හොර-රහසේ අත්සන් කෙරුණේ, පළාත් සභා ඡන්ද නොතියා සිටීමට නොවේ නේ ද? ඒ නිසා මේ මොහොත අක්‍රීය පළාත් සභා, චුත කරදැමීම වෙනුවෙන් භාවිත කළ නොහැකි නම්, අඩු ම තරමින් තවදුරටත් අක්‍රීය ව පැවැතීම සහතික කිරීම සඳහා යොදාගත යුතු ය කරුණාකර අමුණා ඇති මේ ඉරිදා දිවයින පුවත්පතේ ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ ගේ “පළාත් සභා උභතෝකෝටිකය” යන වැදගත් ලිපිය බලන්න:
https://share.google/94OOd6E6Goq6tAqol

මෙ වැනි ම විසංවාදී ක්‍රියාදාමයන් උතුරේ ද සිදුවෙමින් පවතී. උතුරු හා නැගෙනහිර පළාත්වල බෞද්ධ පුරාවස්තු ආරක්ෂා කිරීමට,  සිද්ධස්ථාන රැක බලා-ගැනීමට, සිංහල මාධ්‍ය පාසල් දියුණු කිරීමට, රජය ක්‍රියා නොකරැතැ යි යන හැඟීම ඒ සඳහා මැදිහත්වීමට සිංහල ජනතාව අවධිකරවා ඇත. වෙසක් පෝ දා යාපනය නාගවිහාරය අභියස බෙදුම්වාදීන් දහ-පහළොවක් බෝඩ්-ලෑලි ඔසවාගෙන සිටිද්දී, සිය-දහස් ගණනින් බෞද්ධ ජනතාව එහි සිල් සමාදම්වීම මේ බව කියාපායි.

එහෙත් ඊට වඩා මගේ හදවත සසල කළේ යාපනේ දෙමළ තරුණයකු, යාපයේ වෙසක් ගැන නිර්මාණය කර තිබූ වීඩියෝව යි. පොලිසියේ හමුදාවේ මැදිහත්වීමෙන් පැවැති යාපනයේ වෙසක් උලෙළ  – තොරණ, වෙසක් කූඩු, දන්සැල්, යාපනේ ජනතාව භුක්තිවිඳි ආකාරය ඒකීය ශ්‍රී ලංකාවක් පිළිබඳ බලාපොරොත්තු පෙර නොවූ-විරූ ලෙස පුබුදුවාලන බව කිව යුතු ය. ඒ විඩියෝව කරන තරුණයා අවසානයේ කියන්නේ, ‘අපි බලානොරොත්තු වූයේ මීට වඩා ලොකු වෙසක් උලෙළක් බව ය!” (අදාල විටියෝව ලෝකය හා ලෝකයෝ වැඩසටහනෙන් ඉදිරිපත් කිරීම පිළිබඳ දෙරණ චතුර අල්විස් මසතාට ද මුල් විඩියෝව තමන් ගේ යූ-ටියුබ් චැනලයෙන් ඉදිරිපත් කළ දෙමළ තරුණයාට ද අපේ කෘතඥතාව හිමි වේ). ඔබට ඒ වීඩියෝව පහත සැබැඳියාවෙන් නැරඹිය ගැකි ය:
https://www.facebook.com/share/v/1D1CZWuHf8/

යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් නිර්මාණය කළ අලංකාර වෙසක් කූඩුව කඩා-බිඳදැමීම පිටුපස ඇත්තේ අන්තවාදීන් ගේ අසතුට යි! කාගේ-කාගේත් බලාපොරොත්තු, අපේක්ෂා, සැලසුම් ආදියට පටහැනි ගමනක ශ්‍රී ලංකා මාතාව යෙදී සිටී ද?



3 Viewers