සිංහල ජාතිකවාදී මිනිසුනි
සිංහල ජාතිකත්වය වෙන කිසිදාටත් වඩා අවැසි යුගයක ඒ සඳහා වඩාත් හොදින් පෙළ ගැසිය යුතු යුගයක අපි සිටමු. බුදු දහමින් පෝෂණය වූ සිංහල ජාතිකවාදියා කිසි විටෙක තවත් ජාතිකයක් තලා පෙළා දැමිමට හෝ ඔවුන් සිංහල සමාජයට අන්තර්ග්‍රහණය කර ගැනීමට හෝ සැලසුම් කර නැත. කවුරුන් හෝ එවන්නක් සැලසුම් කරන්නේ නම් එය පුස්සක් වනුයේ අවබෝධයෙන් හා උප්පතියෙන් තොර සිංහල බෞද්ධ ජාතිකත්වය තුළ කිසිවෙකුටත් පැවැත්මක් නැති හෙයිනි. . . බලහත්කාර හෝ කුමන්ත්‍රකාරි අන්‍යාගමීකරණය තුළ බුදුදහම නොමැත්තේ එහෙහෙයිනි. කොටින්ම සිංහල බෞද්ධ ජාතිකත්වය තුළ අනුන්ගේ දේ උදුරා ගැනීමක් නොමැත.
එහෙත් තම උරුමයට අත තියෙන ඕනෑම මොහොතක සියලු තරාතීම් වගකීම් සහ බැදිම් කඩා බිඳ දමමින් ඒ වෙනුවෙන් සටන් කිරීමට සිංහල ජාතිකවාදියා පසුබට නොවේ. කොයිතරම් බාධාවන් කොයිතරම තක්කඩිකම් කොයිතරම් දේවේශ කිරීම් සහ හිත් රිදවීම ඇති කලත් කොයිතරම් කෙණහිලිකම් අසාධාරණකම් කලත් සිංහල ජාතිකවාදය මේ මහපොළොවෙන් තුරන් කිරීමට සමත් ජගතෙක් මේ ලෝ තලයේ නොමැත. එය මෙහි වැඩ සිටින සියලු අතීත මිනිසුන්ගේ ශක්තියයි.
එහෙයින් සිංහල ජාතිකවාදී මිනිසුනි නොබියව පෙරට එන්න. මේ රටේ හැම බිම් අඟලක්ම නිමැවුනේ ඔබේ දෑතිනි. ඒ අයිතිය ඒ උරුමය ඔබට තිබේ. අවැසි වන්නේ දෑත් දිගු කිරීම පමණකි. එකාවන්ව පෙළ ගැසෙමු.
චම්පා වෛද්‍යතිලක
7 Viewers





