සුමන්තිරන්ට පාඩමක් උගන්වමු – කන්නියා රැක ගනිමු
කන්නියා උණු වතුර ළිං ප්‍රතිසංස්කරණය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් පසුගියදා ආරම්භ වූ බවත් මෙම ප්‍රතිසංස්කරණ නවත්වාලන මෙන් ඉල්ලමින් ත්‍රිකුණාමලයේ කෝවිල් අම්මා නම් කාන්න්තාව ඉදිරිපත් කල රිඩ් පෙත්සම විභාගයට ගැනිමෙන් අනතුරුව අගෝස්තු 31 වෙනිදාට කල්ගිය බවත් මම ඔබට ලියා දැනුවත් කලෙමි.
ඒ නඩුව අගෝස්තු 31වෙනිදා විභාගයට ගැණුනු අතර එහිදි සිදු වූ දේ පිළිබඳව ඔබ හොදින් දැනුවත්වී හොදින් සිතා බැලිය යුතුය.
මීට පෙර කන්නියා උණුවතුර ළිං සම්බන්ධයෙන් තිබු නඩුවකදී සමථයකට පත්ව තිබේ. ඒ ගැනද මීට පෙර ඔබ දැනුවත් කලෙමි. එයට අනුව හිංදු කෝවිල පුරාවිද්‍යා භූමියෙන් ඉවත් කිරීමටත් පුරාවිද්‍යා විෂයට අනුගතව පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස නම් කර ඇති චෛත්‍ය සංරක්ෂණය කිරීමටත් එහිදි සාකච්ඡා කර තිබුණි. (මෙය බෞද්ධයින්ගේ ආගමික සිතුවිලි වලට ගරු කිරීමක් නොවුනත් වාර්ගික ගැටුමක් ඇති නොවනු වස් අපි මෙම තීන්දුවට එකඟ වෙමු)
එම නඩුවේ සමතයට අනුව මෙම සෑයේ ප්‍රතිසංස්කරණ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කරන ලදි. අපි පිලිගත යුතු දෙයක් තිබේ. මේ ආකාරයෙන් හෝ මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම ගැන අපි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අගය කල යුතු වේ.
ඇත්තටම අපි මෙහි ඇත්ත තත්වය කතා කල යුතුය. අපේ වරද තේරුම් ගත යුතුය. මේ රටේ සිදු වන අන්තවාදී ක්‍රියා හෙළි කල යුතුය. සිංහලයාගේ පිරිහීම අවබෝධ කර ගත යුතුය. තමන්ගේ ගේ ළඟට ප්රශ්නය එනතෙක් ඉඳගෙන ඉන්නා එතෙක් මේ වෙනුවෙන් නැගී සිටිනා මිස්සුන්ට මඩ ගහන සිංහලයා මේ රටේ ජාතියේ විනාශය බව අප පිලිගත යුතුය.
අපි අගෝස්තු 31 නඩුව ගැන කතා කරමු. රාජ්‍ය ආයතන වල නඩු සඳහා ඉදිරිපත් කරන්නේ නිතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥවරුන් ය. රාජය ආයතන වල නීති නිලධාරියෙක් සිටියත් ඔවුන් නඩුවට අවශය උපදේශනය ලබා දෙනව මිස නඩුව්ට පෙනී සිටින්නෙ නැත. ඒ අනුව මෙම නඩුවට නීතිපති දෙපාර්තමේන්තුව විසින් නම් කලේ ඉතා කණිෂ්ඨ නීතීඥයකු වූ දෙමළ ජාතික නීතීඥවරයෙකි.
මම ත්‍රිකුණමලය උසාවියේ නඩු වලට ඕනෑ තරම් පෙණි සිට ඇත්තෙමි. කොළඹින් පැමිණෙන නීතීඥවරයෙක් දෙන්නෙක් ඇරුණාම ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් උසාවිය පිරී යන්නේ දෙමළ නීතීඥවරුන්ගෙනි. කතා කරන්නෙ දෙමළ භාෂාවෙනි. එතකොට කෝවිල් අම්මාගේ පාර්ශවය පැත්තෙන් මේ නඩුවට සුමන්තිරන් පැමිණ තිබේ. අපි වෙනුවෙන් පෙනී ඉන්නා දෙමළ ළාබාල නීතීඥවරයා සුමන්තිරන් දුටු විට අසුනින් නැගිටි සිට ඇත. මුලු උසවියම පාහේ සුමන්තිරන් පමිණෙන විට නැගී සිටින අතර උසාවිය පුරා ඒ මොහොතේ පැතිරෙන්නෙ සුමන්තිරන්ගේ අණසකය. තහනම් නියෝග ලැබෙන්නේ ආකාරයෙනි.
දැන් ඔබට මෙහි ස්භාවය පැහැදිලි ඇතැයි සිතමි.ඉතිං අපි කල යුත්තේ කුමක්ද? අපි කල යුත්තේ සුමන්තිරන්ගෙ මේ කපටි ව්‍යායාමය විරුද්ධ වීමය. උතුරේ හෝ නැගෙනහිර උසාවිවල නඩු අසන හැටි ඔබ ගිහින් බලා සිටින්න. එවිට සහජීවන ගැන ඔබ කිසිදිනෙක කවි නොලියනු ඇත.
ඉතිං අප කලයුත්තේ කුමක්ද. ඔබ ඇදෙන් නැගිටින්න. ගෙයින් එළියට එන්න. මෙයට පිළිතුරු දිය යුත්තේ ජනතා බලවේගයක් තුලිනි. අපිට නොඇඩෙන තරමට උන් බලවත් වේ. දැන් ඔබට ඇඩෙන්න ඕනෑය. ගෑස් හිග වු විට වාහනේට තෙල් නොමැති වූ කල ගෝල්ෆේස් පිරී යන ලෙස එක් රැස් වූ ඔබ තමන්ගේම උරුමයක් රැක ගන්න සිය දහස් වාරයක් සිතමින් සිටිය යුතු නැත.
සුමතිරන් හමතැනම සිඳු කරන්නෙ මේ ජඩ ක්‍රියාවයි. නඩු තීන්දුවකින් සමතයකට පත්ව ඇති ස්ථානයක් රටේ උරුමයක් ලෙස සලකා හෝ නීතියට අවනත වීමක් ලෙස හෝ පිළිගන්න මේ අන්තවාදියා සූදානම් නැත. ඔහු නීතියට අභියෝග ජරයි උසාවියට අපහාස කරයි. උසාවිය ඒ අපහාසය බියෙන් බාර ගනි. ඔබ මෙහි බරපතළ තත්වය තේරුම් ගත යුතුය.
හරි අපි පෙළ ගැසෙමු. සුමන්තිරන් ඔහුගේ මේ උසාවිය කපටි ලෙස බියවද්දා ලබා ගන්නා තීන්දු සහ මේ තක්කඩි වැඩේ අවසන් කල යුතුය.
එහෙමනම් උතුරේ හෝ දකුණේ හිංදු කොවිල් වල් සිදු කෙරෙන කිසිදු ප්‍රතිසංස්කරණයට ඉඩ නොදීමට මහා ජනතා බලවේගයක් ගොඩ නගමු. ඒ අපි අන්තාවදීවීමට නොව සුමන්තිරන්ට පාඩමක් ඉගැන්වීමටයි. මතක් කරගන්න. සුමන්තිරන් ලෙස ජඩ වැඩ කරමින් නැටූ මුලතිව් මහේස්ත්‍රාත්ට රට දමා පලා යන්නට වුයේ සිංහල ජන හඬට බයේය.
සුමන්තිරන්ට පාඩමක් උගන්වමු
අපේ නඩු වලට දක්ෂ සිංහල නීතීඥවරුන් නීතිපති එකෙන් ලබා දෙන මෙන් අධිකරණ ඇමතිවරයාට බල කරමු. අධිකරණ ඇමතිවරයා කල යුත්තේ විනිසුරුවරුන්ගෙ විශ්‍රාම වයස් දිගු කිරීම නොව මෙවන් විශාල ගැටලුවලදි අන්තවාදි අර්බුද ඇති කිරීමට නොහැකි වන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව ස්වාධීන කිරීමය.
මේ සටන් පාඨය ගෙන යමු.
කන්නියා කුරුන්දි වඩුන්නාගල අන්තවාදීන්ගෙන් බේරා ගමු.
චම්පා වෛද්‍යතිලක
4 Viewers





