යුධ සාහිත්‍ය

පොත් ප්‍රදර්ශනයට ගියා.. එකම කුටියකට විතරයි ගියේ..H 12…
යුධ සාහිත්‍ය වෙනුවෙන් වෙහෙසෙන්න වෙලා තියෙන්නෙත් යුද්ධය කරපු රණවිරුවන්ටමයි..

තව ටික කාලයක් යනකොට,
සුන්දර නිහතමානී ද මැල් මහත්මයා
දැනට අවුරුදු පහළොවකට විතර කලින්,
තවත් අවුරුදු 40 කින් වෙනවා කියපු දේ,
ඊට බොහොම කලින් සිද්ධ වෙයි කියලා හිතෙනවා මේ යන විදියට..

මොකද අපේ රටේ ප්‍රධාන පෙළේ විහාරස්ථානයක යොවුන් හාමුදුරුවරුන්ට ,
ස්වේච්ඡාවෙන් ඉංග්‍රීසි භාෂාව උගන්වන්න යන විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ රාජ්‍ය සේවකයෙක් ගෙන්,
ඒ හාමුදුරුවරු පහුගිය දවසක අහලා තියෙනවා,

“ඇයි මහත්තයෝ අපේ හමුදාව යාපනයට ගිහිල්ලා අර විදියට අහිංසක මිනිස්සු මරලා දාලා තියෙන්නේ කියලා..”

වර්තමාන තරුණ පරම්පරාව අතර අපේ මෑත ඉතිහාසය මොන තරම් විකෘති වීමකට භාජනය වී යනවද කියන එකට ඊට වැඩිය මොන කතාද.?

ඒ හාමුදුරුවරුවත්,
ජයසිරි මහා බෝධිය ඉදිරිපිට,
ස්වර්ණමාලී චෛත්‍යය ආසන්නයේ,
දළදා මාලිගාව ඉදිරිපිට,
අරන්තලාවේදී ,
කාත්තංකුඩිය මුස්ලිම් පල්ලියේ,
වෙච්ච සිද්ධිවත් දන්නෙ නැතුව ඇති සමහරවිට……

තමන්ගේ ජීවිත, අහිංසක දෙමළ මිනිසුන්ගේ ජීවිත බේරගන්න ,
අවසාන සටනෙදි ජීවිත පූජා කරපු හමුදාවකට තමයි අද මෙහෙම කියන්නේ…

අහිංසක මිනිස්සුන්ගේ ජීවිත ගැන හිතන්නේ නැතුව අවසාන සටනේ අවසාන මාසය සටන් කරා නම් ,
හමුදාවේ සෝදාදුවෝ කී දෙනෙකුගේ ජීවිත බේරෙනවාද ..?
කී දෙනෙකුගේ අතපය බේරෙනවාද..?
එහෙම හමුදාවක් ගැන තමයි මේ වගේ මතයක් අද සමාජගත කරමින් යන්නේ..

අඩුගණනේ මේ පොතක් කියවල තියෙන මිනිහෙක් නම් ඒ මොළ ශෝධනයට ලක්වෙන එකක් නෑ කියල මට හිතෙනවා…

හැබැයි එච් 12 කුටියට ගියාම හිතට සතුටකුත් දැනුනා…
තරුණ දුවල පුතාලත් ඇවිල්ලා,
ඒ කුටියේ තියෙන යුධ සාහිත්‍යයට අදාළ පොත්පත් උනන්දුවෙන් මිලදී ගන්න ආකාරය දැක්කම…

රැල්ලට එරෙහිව කතා කරලා,
උඩුගං බලා පීනන්න හදලා,
පසුගිය කාලය පුරාම ටික දෙනෙක් ගත්ත උත්සාහයක් ,
යන්තම් හරි ප්‍රතිඵල ය දක්වනවා කියලා හිතුනාම,
ඒ උත්සාහයට ඉතාමත් පුංචි විදියට හරි දායක වෙච්ච කෙනෙක් හැටියට
හිතට සතුටක් දැනෙනවා..

මැරෙන දවසක මැරෙන වෙලාවට මේ මහ පොළොවට පුංචි යුතුකමක් හරි ඉටු කරපු මිනිහෙක් විදියට,
හුස්ම ටික හෙලන්න පුලුවන්නම් ඒක වටින දෙයක් කියලයි මම විශ්වාස කරන්නේ..

මිලදී ගත්ත පොත්වල කතුවරු තුන්දෙනෙක්ම ඒ මොහොතේ කුටියේ දී හමුවුන එකත් හිතට ලොකු සතුටක්,

මේජර් ජනරාල් ධම්මි හේවගේ
කර්නල් සුරංග නිරෝෂණ මනතුංග
මේජර් සෙල්වින් සලේ

ඔවුන් ඉතාමත් ආදරයෙන් ඔවුන්ගේ පොත්වල සමරු සටහනක් තබා අසනක් සහිතව පිළිගැන්වූ විට හිතට දැනෙන සතුට තවත් වැඩියි.
අද උදේම මගේ ඔළුවට මේ අදහස එක්කළ බ්‍රිගේඩියර් නජීව එදිරිසිංහ මල්ලිටත් ස්තූතියි.

ලාල් අල්විස්



5 Viewers