අපේ රූ රැජින

2025 ලෝ රූ රැජින තරගය තායිලන්තයේ රූ රැජිණට කිරුළ හිමි කරදෙමින් අවසන් වූයේය..
අපේ අනුදි ගුණසේකරට එම ජයග්‍රහණය ලබා ගැනීමට හැකි වූයේ නැත..

නමුත් එම තරගයට සුදුසුකම් ලැබීමේ මූලික වටයේ තරග වලදී විවිධ ඉසව්වලින් මීට පෙර ශ්‍රී ලංකාව නියෝජනය කළ රූ රැජිනියන්ට ලබාගැනීමට නොහැකි වූ ජයග්‍රහණ රැසක් ඇය හිමිකර ගත්තාය..

ලෝ රූ රැජිණ තරඟයේ ජයග්‍රහණය ලැබුණත් නැතත් ශ්‍රී ලංකාවට ආදරය කරන ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් ජයග්‍රහණය කිරීමට ඇය සමත් වූවාය..

අපේ සමහර අයට ජාත්‍යන්තරය ඉදිරියට ගිය විට අපේ ඉතිහාසය ඓතිහාසික සංස්කෘතික උරුමයන් සිරිත් විරිත් ඇඳුම් පැළඳුම් සියල්ල පිළිබඳ හීනමානයක් තිබේ….

එමෙන්ම බෞද්ධාගම පිළිබඳව ඇරියස් එකක් තිබෙන අමුතුම සත්ව කොට්ඨාශයත්ද අප අතර සිටිති..

අරුණි “සබ්බ පාපස්ස අකරණං” ගාථාව කියපු වෙලාවේ පටන්,
භූමි තෙල් වැදුනු ගැරඬියන් මෙන් ඔවුන් මහත් අසහනයට පත්වූහ…
ආටානාටිය කියන්නටත් කලින් කලබල වූහ..

සමහර මහ ලොකු ලේඛකයන් යැයි තමන් විසින්ම සිතා සිටින අය,
එළිපිටම ඒ ගැන ඔවුන්ගේ නොකැමැත්ත අනියම් ආකාරයෙන් ප්‍රදර්ශනය කරනු දැක ගන්නට හැකි විය..

ඇය තරඟයට අදාලව නිර්මාණය කර තිබූ වීඩියෝ පටයේ ඓතිහාසික අනුරාධපුරයේ පෞරාණික සිද්ධස්ථාන පෙන්වීම,
ඇය සරණමාලී චෛත්‍යය ඉදිරියේ ආගමික කටයුතුවල නිරත වීම ,
මේ සියල්ල සමහරුන්ට දරාගත නොහැකි සිදුවීම් විය…

ඒ නිසා පැහැදිලිවම ඔවුන් තම රට නියෝජනය කරමින්,
ජාත්‍යන්තරයට ගොස් ,
වෙන බොහෝ වසර වලට වඩා ජයග්‍රහණ ලබා ගනිමින්,
ඉදිරියෙන් සිටි තරගකාරියගේ ජයග්‍රහණය ඔවුන් පැතුවේ නැත…
ඔවුන් පැතුවේ ඇයගේ පරාජයයි….

මේ පොළොව සමග අසහනයෙන් පෙරෙන කණ්ඩායමක් එසේ ක්‍රියා කරත්,
ඉතිහාසයේ කවරදාවකටවත් නැති තරම් ශ්‍රී ලාංකික ජනතාව මෙවර ලෝ රූ රැජිණ තරඟය කෙරෙහි සිය අවධානය යොමු කළහ..

එසේ යොමුවීමට හැකි සිදු වූයේ අනුදි ගුණසේකර එම තරඟයට අවතීර්ණ වූ ස්වභාවය නිසාය..
ඇය ශ්‍රී ලාංකික උරුමයන් එයට හැකි උපරිමයෙන් ජාත්‍යන්තරයට ගෙන ගියාය.

ඇය සත්‍යවශ්‍යයෙන්ම හදවතින්ම තම රට නියෝජනය කරන තමන් නියෝජනය කරන යුවතියක් ලෙස බහුතර ජනතාව පිළිගත්හ….

අපේ මිනිසුන්ගේ ඇඟේ අපේ කම තිබේ..
බොහෝ බලපෑම් උත්සාහ කරන්නේ ඒ අපේකම අපෙන් අයින් කිරීමටය…

අනුදි වටා එකතු වූ ඒ මහා ජනප්‍රසාදය තුළ ගැබ්ව තිබුණේ ඒ අපේ තමයි..

අද සමහරුන් කියන පරිදි අනුදිට ජයග්‍රහණය කරා තවත් ඉදිරියට යාමට නොහැකි වූයේ ඒ අපේ කම නිසයි..

එසේ කියන්නේ කලින් මා කිවූ භූමි තෙල් වැටුණු ගැරඬියන් මෙන් දැඟලූ සෙට් එකම මිස වෙන කවුරුවත් නොවේ..

කෙසේ වුවත් අවසාන වශයෙන්,
අපේකම ලොවට ගෙන ගිය ,
අපේ කෙල්ලෙක් ලෙස,
අපේ හදවත් දිනු ,
අනුදි දුවට මේ රටට ආදරය කරන ඔබේ උත්සාහයද ආදරයෙන් සිහිපත් කරනු ඇත…



6 Viewers