අසාර්ථක අරගලයට වසර 02යි… සාර්ථක වුයේ තානාපති කාර්යාළ පමණයි.
මේ,සෙනග අරගලයේ හිටියා කීව කිසිම දේශපාලන පක්ෂයකට අද රැස් කරන්න බෑ.‼️
අඩුම මාළිමාවේ වේදිකාවක් ඉස්සරහවත්,නෑ.‼️
ලහිරුලා, දුමින්දලා, මුදලිගේලා ඉන්න ජන අරගල ව්‍යාපාරයටත් නෑ‼️
ඒ,වගේම අරගලය දියත් කරන්නට මුලික වුනා කියන කාරණා ටික පැටව් ගහලා එදාටත් වැඩිය අද තිබෙනවා.
එදා ගෝඨාභය රාජපක්ෂ එලවන විට තිබ්බ ජීවන වියදමට වඩා මහපොළවේ ඇත්ත ජීවන වියදම වැඩිවෙලා තියනවා.
එහෙමනම් මේ මිනිස්සු අද ඉන්නත් ඕන ගෝලෆේස් එකේ
සිද්ධ වුනේ ඇමරිකන් සහ ඉන්දියන් තානාපති කාර්යාළ ඔවුන්ගේ ව්‍යාපෘතිය ලෙස අරමුණු කරගත්ත රාජපක්ෂලා බලයෙන් පහ කිරීමේ ව්‍යාපෘතිය ඉටුවීම විතරයි.
මේ සෙනග ජනාධිපති මංදිරයට ඉදිරියට ආවේ දැනුවත්ව හෝ,නොදැනුවත්ව ඒ ව්‍යාපෘතිය වෙනුවෙන්.
මොකද ඒක එහෙම නෙවේනම් මේ සෙනග සහ ඒ අරගලය අදත් මහපාරේ තියෙන්න ඕන.
එහෙමනම් අද රනිල් වික්‍රමසිංහ සහ ඔහු යටතේ රාජපක්ෂලා අදත් පාළනයේ ඉන්න බෑ.
අරගලය සාර්ථකයි.
හැබැයි මේ ආව මිනිස්සුන්ට නෙවෙයි.
අරගලය ව්‍යාපෘතියක් ලෙස දියත් කළ තානාපති කාර්යාළ වලට. ‼️
අරගලය තුළින් කවුරු හරි, ජයග්‍රහණයක් ලැබුවද ඇහුවොත් කියන්න තියෙන්නේ අරගලය කරපු කාලේ,තිබ්බ මිළට චුට්ටක් අඩුවෙන් ඉන්ධන ගන්නවා.
අරගලය තිබ්බ කාලේ නැති වැටුපට බද්දක්,ගෙවනවා
රාජපක්ෂලා බලයේ නෑ කියලා හිත රවටිටගෙන රනිල් එලවනවා
වගේ දේවල්ම කියනවා
අරගලය නම් නඩගමේ වසර දෙකක ප්‍රතිපල එච්චරයි
– නුවන් මොණරවිළ –
38 Viewers