• Home »
  • Sinhala Articles »
  • ආචාර්ය ආරියරත්න සහ හිටපු මංත්‍රී තෙවරප්පෙරුම….සහ රාජ්‍යයේ ගෞරවය…?

ආචාර්ය ආරියරත්න සහ හිටපු මංත්‍රී තෙවරප්පෙරුම….සහ රාජ්‍යයේ ගෞරවය…?

සර්වෝදය නායක ආරියරත්න මහතා රාජ්‍ය ගෞරව සහිතව හෙට අවසන් ගමන් යයි..

ඔහුගේ අභාවය සිදුවූ දිනයේ මෙරට එක්තරා පෞද්ගලික මාධ්‍යයක ප්‍රවෘත්ති ප්‍රචාරයේදී තෙවරප්පෙරුම මන්ත්‍රීවරයාගේ අභාවය මුල් පුවත ලෙස විස්තරාත්මකව ප්‍රචාරය කල අතර ආරියරත්න මහතාගේ අභාවය ප්‍රවෘත්ති විකාශය වන අතරේ යටින් තීරුවක අකුරෙන් සටහන් විය….

එදා රාත්‍රියේ මිතුරන් කිහිප දෙනෙකු එකතුව කතාබස් කරන මොහොතක මම ඒ ගැන සඳහන් කළේ එසේ කිරීම නුසුදුසු යැයි මගේ අදහස් ලෙස පවසමිනි..

ග්‍රාමීය ආර්ථිකය නංමාලීමට සර්වෝදය මගින් කරනු ලැබූ මෙහය පිළිබඳව මම පැවසුවෙමි..

දැනටති ඒ කටයුතු අගය කරමි…

එතන සිටි එක මිතුරෙක් මෙරට බිහිසුණු ත්‍රස්තවාදය අවසන් කිරීමේ සටනේ දිවිය පරදුවට තබමින් අභීත අමිල මෙහෙයක් මව්බිම වෙනුවෙන් කරනු ලැබූවෙකි..

“එක අතකට මචන් ඒකේ වැරැද්දක් නෑ..

අපි වන්නියේ කැලෑවල න් බිහිසුණු එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ට එරෙහිව අපේ ජීවිතය පරදුවට කියලා සටන් කරනකොට වවුනියාවේ සර්වෝදය හරහා එල්.ටී.ටී.ඊ.යට වාසි විදියටත් ඒගොල්ලෝ නිර්දෝෂී මිනිස්සු විදියටත් ලෝකයට පේන විදියට කටයුතු කරා..”

මම එයට පැය කීපයකට පෙර ආරියරත්න මහතාගේ මරණය වෙනුවෙන් මුහුණු පොතේ පළ කළ පෝස්ට් එක ඒ මොහොතේම ඉවත් කරගතිමි..

මගේ මිතුරා කී දේ නිවැරදි බවත් ඔහුගේ කීමාසා මම පෝස්ට් ටික අයින් කරගැනීමද නිවැරදි බවත් මට වඩාත් පැහැදිලි වුනේ අද උදේ මුහුණු පොතේ මගේ මිතුරුකු පළ කර තිබූ ට වසර විසි දෙකකට පෙර ලක්බිම පුවත්පතේ තිබූ ඡායාරූපයක් සහ සටහනක් දැකීමෙනි..

බිහිසුණු ත්‍රස්තවාදයට එරෙහිව අපේ හමුදා දිවි පරදුවට තබා සටන් කරද්දී ,
ත්‍රස්තවාදය පැරදිවීමේ සටනට සහාය දෙනවා වෙනුවට,
එයට වාසිදායක අන්දමට සාම වැඩසටහන් පැවැත්වීමට ශ්‍රී දළදා මාලිගාව යොදා ගැනීමට ගත් උත්සාහයකදී,
එවකට මල්වතු අස්ගිරි නාහිමියන් සහ දියවඩන නිලමේවරයාගේ විරෝධය නිසා එය නවතා දැමීමට සිදුවූ පසු,
ආරියරත්ත මහතා ඇතුළු පිරිස ශ්‍රී දළදා මාලිගාව ආසන්නයේ ඇති වැල් බෝධිය ළඟට ගොස් නැවත වතාවත් එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගත් අවස්ථාවේදී,
මහනුවර ජනතාවගෙන් ඉල්ලූ දැඩි විරෝධය නිසා පොලිස් ආරක්ෂාව මත එතැතින් පිටවී යාමට සිදුවූ අවස්ථාව එම ලක්බිම පුවතේ සඳහන් වේ..

අරියරත්න මහත්මයලාගේ සාම බණ ප්‍රභාකරන් කියන මිනීමරුවාට කියන්නේ නැතුව කියන්නට ආවේ අපටය….

හරියට වැරදිකාරයන් අප වාගේය…

ඔහු සාම උපවාස කරන්නට ගිය ශ්‍රී දළදා මාලිගාවටත් මිනීමරු එල්ටීටීයේ ඊට ටික කලකට පසු පහර දුන්නේය..

ඔහු සාම උපවාස කරන්නට යන වෙලාව වන විට උතුරු නැගෙනහිර මායිම් ගම්මාන වල අහිංසක මිනිසුන් ඉතාමත් බිහිසුණු ලෙස එල්ටීටීය විසින් මරා දමා අවසානය..

හැබැයි ආරියරත්න මහතාලා සාමය ගැන කියන්නට ආවේ අපටය ..එල්ටීටීයට නොවේ..

ලංකාවේ සමහරුන්ට ලෝකයෙන් සම්මාන ලැබෙන විට ( මා පවසන්නේ විද්‍යාත්මක තාක්ෂණික කටයුතු සඳහා නොවේ) බොහෝ විට එම සම්මාන ලැබෙන්නේ ශ්‍රී ලංකාවට ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදාවන්වලට ලංකා රජයේ ක්‍රියාමාර්ගවලට එරෙහි මතයක් විරුද්ධ මතයක් රට තුළ ප්‍රචලිත කරන අයටය…

අසූවේ අනූවේ දශකයෙන් පසු අපේ සිනමා පටවලට සම්මාන ලැබී ඇති ආකාරය බලන විට ඒවායේ සිනමාත්මක ගුණයට සම්මාන ලැබීමට වඩා පොදු ලක්ෂණයක් දැකගත හැකිය..

එසේ සම්මාන ලැබූ අති බහුතරයක් සිනමාපටයන් එල්ටීටීයට එරෙහිව යුද්ධය ත්‍රස්තවාදියට එරෙහි යුද්ධය හෙලා දකින ආකාරයේ සිනමා පට සහ මෙරට සන්නද්ධ හමුදා පිළිබඳව අපහාසාත්මක සහ විවේචනාත්මකව දැනු සිනමාපටය…

ඒවගේම සාමය සම්බන්ධයෙන් ලැබුණු සම්මාන ගැන කියන්න තියෙන්නේ ද ඒ ටිකය..

ආරියරත්න මහතාටද එවැනි සම්මාන ලැබුණු බවට මතකයක් ඇත..

හමුදාවන්ට පිරිස් බලය අඩු වී තිබෙන මොහොතක න් හමුදාවන්ට සොල්දාදුවන් අවශ්‍යව තිබෙන මොහොතක, හමුදාවට එකතුවීමට බලාපොරොත්තු වන තරුණයනුත් අධෛර්යය කරන අන්දමට කරන ලද කටයුතුද සමහරවිට එම සාම සම්මාන ලැබීමට හේතු වන්නට ඇත…

සර්වෝදය හරහා ග්‍රාමීය ආර්ථිකය නංවාලීමට කරනු ලැබූ මෙහෙය අගය කරන අතරම , අනික් පැත්තෙන් මෙරට බිහිසුණු ත්‍රස්තවාදයක් පැවති සමයේ එය මර්ධනය කිරීමට ආරක්ෂක හමුදාවන් විසින් ගෙන ගිය ක් ඒ රෝධාර සටන අඩපණ කිරීමට දායක වන අන්දමින් ඔහු විසින් කරනු ලැබූ කාර්යභාරය පිළිබඳ අප්‍රසාදයද පළ කිරීම කළ යුතුය…

දැන් කල්පනා කර බලනකොට අර රූපවාහිනී නාලිකාව තෙවරප්පෙරුම මන්ත්‍රීවරයාට මුල් තැන දීමේ වැරැද්දක්ද නැතැයි සිතේ…

හැමදාම පිට කවරේ බලලා රචනා ලියන අපිට තෙවරක්පෙරුම ගැන වැටහෙන්නේ,
ඔහු පසේ බුදු හෝ රහත් රංගනයක් කරේ නැතත්,
සැබැවින්ම පරාර්ථකාමී මානුෂික ගුණාංගවලින් කෙතරම් ඉදිරියෙන් හිටි මිනිහෙක්දැයි තේරෙන්නේ මියගිය පසුව මිනිසුන් ඔහු ගැන කියන කතා ඇසූ විටය…

ආචාර්ය ආරියරත්නයන් කරනු ලැබූ යම් යහපත් ක්‍රියාවන් මරණයෙන් පසු දිවිය සුගත ගාමී වීමට හේතු වේවායි ප්‍රාර්ථනා කරමි….

හැබැයි අභාවයට රාජ්‍ය ගෞරව දීම නම් මේ රටේ නිදහස වෙනුවෙන් සිය ජීවිතය පූජා කළ විරෝධාර රණවිරුවන්ට කරන අනියම් ආකාරයේ අපහාසයක් දැයි විටෙක මට සිතේ..

මන්ද ඒ කොල්ලන් සිය ජීවිතය පූජා කළේ පෞද්ගලික ප්‍රශ්නයකට නොවේ..

මේ රාජ්‍යයේ ආරක්ෂාව සඳහාය..

ඒ රාජ්‍යයේ ආරක්ෂාවට සටන් කළ එවුන්ට එරෙහිව ගිය අයට රාජ්‍යයේ ගෞරවය හිමිවන්නේ කෙසේදැයි මට ඇත්තේ කුකුසකි…



34 Viewers