ජාතිවාදය !

අපේ ජාතිය, අපේ ආගම, අපේ භාසාව කියා කතා කරනකොට මාත් මහ ජාතිවාදියෙක් කියල සමහර විටක උඹලාටත් හිතෙන්‍ට පුළුවන් ද මන්දා! අනේ බන්, ජාතියට ඇල්මක් නැතුව ජාත්‍යන්තරයකට ඇල්මක් ඇති වෙතෑකියෑ! තමන්ගෙ දේ ගැන ගරු කිරීම, ඇල්ම කිරීම අනුන්ගෙ දේ ගැන නිගරු කිරීමක්, පහත් කිරීමක් නෙවෙයි. අනුන්ගෙ දේවල්වලට සලකන්ට ඕනෑ. ගරු කරන්ට ඕනෑ. අපේ දේ රැකගන්ට ඕනෑ. නැත්නම් අපේ දේට වෙන්නෙ මොකද! උන් උන්ගෙ දේ රැකගන්නවා මිසක්, පිටස්තර අය අපේ දේ රැක දෙනවා යැ! තමන්ගෙ දේ තමන්ටමත් එපා නම් මොන යකාටද ඕනෑ!
තමන් ගැන ප්‍රේමයක් නැති එකා මවුපියන්ට ප්‍රේම කරනවායැ! අඹුදරුවන් ගැන ප්‍රේම නොකරන එකා සහෝදර සහෝදරියන් ගැන ප්‍රේම කරනවා යැ! සහෝදර සහෝදරියන් ගැන ප්‍රේම නොකරන එකා සිය අසල්වැසියන් ගැන ප්‍රේම කරනවා යැ! අසල්වැසියන් ගැන ප්‍රේම නොකරන එකා බන්, පිටස්තර දුරස්තර අය ගැන, රට ගැන, ජාතිය ගැන, ආගම ගැන, භාසාව ගැන ප්‍රේම කරනවා යැ! තමන්ගෙ දේ එපා වෙච්ච එකාට අනුන්ගෙ දෙයක් ඕනෑ වෙන්ට පුළුවනෑ!
– පෑලියගොඩ විද්‍යාලංකාර මහ පරිවේනාධිපති ව වැඩ විසූ යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම මාහිමිපාණන් වහන්සේ –
36 Viewers





