දෙබිඩි ජනාධිපති

ජනාධිපතිතුමා තෛපොංගල් සමරන්න අද උතුරටම යනවා. තෛපොංගල් උත්සවය අළලා උතුරේ විවිධ උත්සව ගණනාවක් සංවිධානය කරලා. මීට කලින් මුස්ලිම් ජනතාව එක්ක ඉෆ්තාර් උත්සවේ ජයටම සැමරුවා. ඒවා හරිම හොඳයි. රාජ්‍ය නායකයා එහෙම වෙන්න ඕන.
හැබැයි එතුමා සිංහල අලුත් අවුරුද්දට අතුරුදන් වුණා. කිසිම සිංහල අවුරුදු චාරිත්‍රයක් සැමරුවේ නෑ. අවම වශයෙන් තෛපොංගල්, ඉෆ්තාර් වගේ කිසිම අවුරුදු උත්සවයක අපි ජනාධිපතිතුමා දැක්කේ නෑ. සිංහල අලුත් අවුරුද්ද සිංහලයාගේ ලොකුම සංස්කෘතික උත්සවය.
සියයට 70 ඉක්මවා සිංහලයන් ඉන්න රටේ රාජ්‍ය නායකයා සිංහලයාගේ සංස්කෘතික මංගල්‍යය එක්ක එකතු වෙන්නේ නෑ. සිංහලයා එක්ක සතුට බෙදාගන්න එන්නේ නෑ. නිදහසින් පසු කිසිම රාජ්‍ය නායකයෙක් සිංහලයාට මෙහෙම කුඩම්මාගේ සැලකිලි දක්වලා නෑ.
ජනාධිපතිතුමා සිංහලයාට එහෙම සලකන්නේ ඇයි? එහෙම කරල බලාපොරොත්තු වෙන්නේ මොනවාද? සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කිරීම එතුමාට මදිපුංචිකමක් ද? නැත්නම් සිංහල අලුත් අවුරුද්ද එතුමලා හදන දියුණු සංස්කෘතියට අනුව ගෝත්‍රික ද?
37 Viewers





