• Home »
  • News »
  • දේශපාලනික කරන බුද්ධි අංශය

දේශපාලනික කරන බුද්ධි අංශය

සලේව අත්අඩංගුවට ගත්⁣තෙ ඔහු මහමොළකරු කියල නම් ඒ තරම් විහිළුවක් තවත් නැහැ. හැබැයි ඒවගෙ විහිළු නූගත් මාලිමා පාක්ෂිකයින්ට අවශ්‍යයි.

බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකා චෝදනාවෙන් පස්සෙ තමා සලේ මේකට සම්බන්ධයි කියල කියන්න ගත්තෙ. චැනල් 4 නාලිකාව ඒක කියන්නෙ පිල්ලෙයාන්ගේ හිටපු මාධ්‍ය ප්‍රකාශක අසාද් මෞලානාගේ ප්‍රකාශයක් මත. මෞලානා කියන්නෙ සලේ 2018 පෙබරවාරියේ ලංකාවේ දී පාස්කු ප්‍රහාරකයින් හමුවුනා කියල.

ඒත් 2018 වසර පුරා සලේ ඉන්නෙ මැලේසියාවෙ ලංකා තානාපති කාර්යාලයේ. ඔහු එක වරක් ලංකාවට ඇවිත් තියෙනවා. ඒ 2017 දී. ඒත් ආරක්ෂක අමාත්‍යාංශය කරපු පරීක්ෂණයකට සාක්ෂියක් දෙන්න. ඒ ඇවිත් ඔහු නැවත මැලේසියා ගියා.

එතකොට 2019 අප්‍රේල් පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවෙනකොට සලේ හිටියෙ ඉන්දියාවේ ආරක්ෂක විද්‍යාලයේ. මේව facts.

පාස්කු ප්‍රහාරය ගැන ඇමරිකානු FBI, බ්‍රිතාන්‍ය Scotland yard, ඔිස්ට්‍රේලියා බුද්ධි අංශ ඇතුළු සංවිධාන රැසක් වෙන වෙනම පරීක්ෂණ කළා. ඒ සියලු පරීක්ෂණ එකම නිගමනයකට ආවේ. විශේෂයෙන් ඇමරිකානු පරීක්ෂණය පදනම් වුනේ ප්‍රහාරකයින් සහ මෙහෙයවන්නන්ගේ සංනිවේදන ගැන වෝහාරික පරීක්ෂණ කරල. ඉතා දියුණු තාක්ෂණික ක්‍රම ඔවුන් භාවිතා කළ බව FBI වාර්තාව කියනවා.

දැන් සලේ ලංකාවට ආවනම් සහ බෝම්බකරුවන් එක්ක සබඳතා පැවැත්තුව නම් ඔය කාලයේ සලේ හිටියෙ කොහෙද කියන එක ඉතාම පහසුවෙන් හොයා ගන්න පුළුවන් කියන එක පැත්තකින් තියමු. ඔහු විදේශයක සිට මේක මෙහෙයවූවා නම් අනිවාර්යයෙන් ම සන්නිවේදන ආවේක්ෂණ හරහා ඇමරිකාවට හසුවෙනවා. ඇමරිකාව ඒ අවස්ථාවේ රාජපක්ෂල එක්ක තිබුණ ආරෝව මත ඔවුන් එම තොරතුරු ලංකාවට දෙන එක ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ.

ඔය සලේ ගැන ලංකාවේ කතා කරන හැමෝම මේ කාරණය අමතක කරල කතා කරන්නෙ. මොකද මේක කතා කළ ගමන් මේ චෝදනාව පදනම් විරහිත වෙනවා. හැබැයි ඔවුන්ට අවශ්‍ය මේක දේශපාලනිකව තියාගන්න. නැත්නම් වෙන්නෙ අන් බොහෝ දේ ව⁣ගේ ම මේකත් අහෝසි වෙනවා.

පසුගිය දා පොලීසියෙන් ඇහුවාම ඇයි සලේව ගත්තෙ කියල, පොලීසිය කියන්නෙ හේතුව කියන්න පුළුවන් විමර්ශනය කරල කියල. ඒ කියන්නෙ ඔහුව ගන්න හේතුවක් නැහැ. ඒ කියන්නෙ ඔිපදූප මත අරගෙන තියෙන්නෙ. පිල්ලෙයාන් ගත්තෙත් එහෙමයි. ඒකයි පිල්ලෙයාන් අධිකරණයට ඉදිරිපත් කරන්නෙ නැත්තෙ. CID එක හිස් කියල තේරෙනවා. ඇප දෙන්න වෙනවා.

පින්තූරය; සලේ මැලේසියාවේ සේවය කරද්දි



8 Viewers