පළමුව ඔබේ වහල්කම තේරුම්ගන්න

මේ වෙද්දි ලිපි කිහිපයක් ලියල තියෙනව . facebook page එකක හදල මේ විදිගහට ලියන්න හිතුනෙ සිංහල ජාතියට සිදුවෙමින් තියෙන බරපතල විනාශය දැකල . “ජාතිය” ගැන “ආගම” ගැන කියපු ගමන් සිංහල ඔයගොල්ලන්ටම පුදුම කේන්තියක් එනවනේ .. එහෙම කෙන්තිගන්න කලින් , විනිශ්චයකට එන්න කලින් මම ලියල තියෙන ලිපි කිහිපය කියවන්න කියල මම ඔබට යෝජනා කරනව . කෙටියෙන්ම කියනවනම් ඔබ හිතාගෙන ඉන්න ආකාරයේ “ජාතියක්” නෙවෙයි සිංහල කියන්නෙ .. සිංහල කියන්නෙ “සංස්කෘතියක්” එහෙමත් නැත්නම් “දැනුම් පද්ධතියක් . ඒ සංස්කෘතිය මේ ලෝකෙ
විශිෂ්ඨම දැනුම් පද්ධතිය කිව්වොත් නිවැරදියි (ඉදිරියේදී පැහැදිලි කරන්නම්). ඒකට ප්‍රධාන හේතුව “බුදු දහම “ ඒ සංස්කෘතියේ අරටුව නැත්නම් හරය වෙලා තියෙන එක . “ බුදු දහමත් “ ඔබ හිතාගෙන ඉන්න ආකාරයේ “ආගමක්” නෙවෙයි (ඉදිරියේදී විස්තර කරනවා ).

මේ “සිංහල බෞද්ධ” දැනුම් පද්ධතිය එක ජන කණ්ඩායමකට නැත්නම් ජාතියකට අයිති දෙයක් නෙවෙයි . ජීවිතේ සත්‍යය හොයන සැබෑ සතුට හොයන හැම මනුෂ්‍යයෙකුටම අයිති දැනුමක් . මේ “සිංහලකමත් , බෞද්ධකමත් “ එහෙමත් නැත්නම් මේ ශ්‍රේෂ්ට දැනුම් පද්ධතියෙන් අපිත් ප්‍රයෝජන අරගෙන අනාගත මිනිසුන්ට රැකලා දෙන එක ඔබෙත් මගෙත් වගකීම . මම මේ ලියන්නෙ ඒ වෙනුවෙන් .

මම කලින් ලියපු ලිපිවලට දක්වලා තියෙන බොහෝ ප්‍රතිචාර ගැන ගොඩක් කණගාටුයි . සිංහල මිනිස්සුන්ට අත්වෙලා තියෙන ඉරණම ඒ “comments “ වලින් තේරුම් ගන්න පුළුවන් . කොයි තරම් බුද්ධිමත් ජාතියක්ද සිංහල කියන්නෙ ? ඔයගොල්ලන්ට නොතේරුනාට “සිංහල ” කියන්නෙ මේ ලෝකේ බුද්ධිමත්ම ජාතිය කිව්වත් වරදක් නෑ . සිංහල තරම්ම බුද්ධිමත් ජාතින් ලෝකෙ හිටියනම් හිටියෙ ගොඩක්ම අඩුවෙන් . සැබෑ බුද්ධිමත්කම කියන්නෙ බාහිර ලෝකෙ
ගැන ලබන දැනුම නෙවෙයි (විද්‍යාත්මක දැනුම).. වඩාත් වටින්නෙ සහ වැදගත්වෙන්නේ ඔබ ගැන හෙවත් “මම” ගැන දැනගැනීම හෙවත් අධ්‍යාත්මික දැනුමයි … ඒ අධ්‍යාත්මික දැනුම අවබෝධ කරගන්න අතිශයින්ම සියුම් බුද්ධියක් අවශ්‍යයි . සිංහලයට ඒ බුද්ධිය තිබුන එදා . ඒ අර්ථයෙන් තමයි අපි ලෝකෙ බුද්ධිමත්ම ජාතිය වුණේ ..ඒ බුද්ධිමත් ජාතියේ මොළ සෝදා දමල තියෙන්නෙ අද වෙද්දි . ඒ නිසයි ඔබට ඔබේ “ජාතිය” ගැන කතා කරද්දි ඔබට කේන්ති ගන්නෙ . අපේ වටිනා දැනුම සම්පුර්ණයෙන්ම අයින් කරල බටහිර රටවල දැනුම් පද්ධති අපේ කරගෙන ඒවාට වහල් වී තියෙන නිසයි ඔබට මේ තත්වය ඇතිවෙලා තියෙන්නෙ .

මගේ ලිපිවලට ප්‍රතිචාර දක්වන ගොඩක් දෙනෙක් පුදුමතරම් අන්තවාදී සහ අගතිගාමී වෙලා . විශේෂයෙන්ම පක්ෂ දේශපාලනයට . ඔයගොල්ලො නිකමට හිතල බැලුවද මේ පක්ෂවලට බෙදිලා ගහගන්නෙ , මරාගන්නෙ එකම සිංහල මිනිස්සු ටික කියල . තේරුම් ගන්න මේ පක්ෂ ක්‍රමය ලංකාවට ගෙනත් තියෙන්නෙම සිංහල මිනිස්සු ටික බෙදන්න . බෙදල සිංහල මිනිස්සු ටිකම එකිනෙකා කොටවන්න . ඒක තමයි අද පැහැදිලිව සිදුවෙන්නෙ . මේ පක්ෂවලට බෙදිලා , ගහගන්නෙ , වාද කරගන්නෙ සිංහල මිනිස්සු විතරයි කියල ඔබට පේන්නෙ නැත්තෙ ඇයි ? අනෙක් කිසිම ජාතියක් මේ විදිහට අසමගි වෙලා තියෙනවද මේ රටේ .?. අසමගි වෙලා ඉන්නකල්ම වෙන්නෙ මේ රට දවසින් දවස විනාශයට යනවා කියල ඔබට නොතෙරෙන්නෙ කොහොමද ? අපේ ජීවිත කාලෙම වෙලා තියෙන්නෙ ඒ දේම නෙවෙයිද ? අද අප වෙනස් නොවුණොත් අනාගතයෙත් මේ දේම තමයි වෙන්නෙ මේ සිංහල ජාතිය මේ පින් බිමින් අතුගෑවිලම යනකන්ම.මේ රට දියුණු කරන්නත් මිනිස්සුන්ට සතුටින් ඉන්න පුළුවන් පරිසරයක් හදන්න නම් මේ රටේ හැම ජාතියකම මිනිස්සු සමගියෙන් ඉන්න ඕනි . හැබැයි සිංහලයම මේ තරමට අසමගි වෙලා කොහොමද ජාතින් අතර සමගිය හදන්නෙ ? මට දක්වලා තියෙන ප්‍රතිචාරවලින් පේනවා ඔයගොල්ලො කොච්චර දුරට දේශපාලන පක්ෂවල වහලුන් වෙලා තියෙනවද කියල . ගොඩ දෙනෙක් හිතනවා මෙතන “සිංහල ජාතිය ” සහ “බුද්ධාගම ” ගැන කතා කරන නිසා මේක හිටපු රාජ්‍ය පාලකයන්ට සම්බන්ධ ව්‍යාපෘතියක් කියල .. එහෙමත් නැත්නම් වර්තමානයේ පවතින පාලන ක්‍රමයට උමතුවෙන් වගේ පක්ෂග්‍රාහීව තමයි ඔයගොල්ලො ප්‍රතිචාර දක්වල තියෙන්නෙ . එක් දෙයකට දැඩිව අකමැති වීමත් තවත් දෙයකට දැඩිව කැමති වීමත් දෙකම එකයි . ඒ දෙකෙන්ම ඔබට ලැබෙන්නෙ නොසතුට , අසන්ත්රුප්තිය . ඒ දෙකම අන්තවාදී . අන්තවලින් මිදිලා මැදහත්ව ලෝකය දකින හැටි කියල දෙන ඉගැන්වීම තමයි සිංහල බෞද්ධ මිනිස්සු අරගෙන එන්නෙ . ඒක තේරුම් ගන්න බලන්න . මේ පවතින ක්‍රමය තුලින් ඔබ ගමන් කරන්නේ විශාල මායාවක් දිහාවට . ඒ තුළ ඔබටවත් , ඔබේ දරුවන්ටවත් සැබෑ සතුටක් හමුවෙන්නෙ නැහැ නිසැකවම .

පාලකයෙක් පත්වෙන්නෙ මේ රට ආරක්ෂා කරන්න . මිනිස්සුන්ට සතුටින් ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හදන්න . ඒ අය එනවා ටික කලක් රට පාලනය කරනවා , ඊට පස්සෙ තව පාලකයෙක් එනවා . මේ විදිහට පාලනය සහ පාලකයා කලින් කල වෙනස්වෙනවා ලෝකෙ හැමදේම වගේ. ඒ නිසා කව්ද පාලකයා ඔහුගෙ පක්ෂෙ මොකක්ද කියල අදාල නැහැනෙ . වෙන්න ඕනි මේ රට ආරක්ෂා කරන එකයි . හැබැයි ලංකාව ගත්තම ලොකු වෙනසක් තියෙනව ලෝකේ අනිත් රාජ්‍යයන්වල පාලනයත් එක්ක බලද්දි . ඒකට හේතුව තමයි ” බුදු දහම “ . එහෙමත් නැත්නම් සිංහල ජාතියේ අරටුව . පාලනයට එන පාලකයාගේ පරම යුතුකම බුදුදහම ආරක්ෂා කරන එක . පැරණි රජවරු පවා දැනගෙන හිටිය බුදු දහම නැතිවුණු තැන සිංහල ජාතියත් නැතිවෙනවා කියල . අද වෙද්දි සිංහලකම සහ බෞද්ධකම බරපතළ අනතුරක තියෙන්නෙ . කරුණාකරලා නිදහසේ , මධ්‍යස්තව මේ දේ ගැන හිතල බලන්න . ඔබ කොයි පක්ෂෙට , කොයි පාටට වහල් වෙලා හිටියත් ඔබටවත් ඔබේ දරු මුනුපුරන්ටවත් සතුට හම්බෙන්නෙ නෑ . රාජ්‍යය අවශ්‍ය කරන්නෙ අපේ පාලනයට පමණයි . හැමෝටම කිසිම පක්ෂයක වහලෙක් නොවී නිදහසේ රටටත් එහි සියලු මිනිසුන්ටත් යහපත , සතුට වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනි . ඒත් ඔබ ගැනම හිතල බලන්න ඔබ කොයි තරම් වහල් වෙලාද .. පක්ෂවලට විතරක් නෙවෙයි මේ අධ්‍යාපන ක්‍රමය ඔබට උගන්නන්නෙ පුළුවන් තරම් භෞතික දේවල්වලට ඇලෙන්න , වහල් වෙන්න . එහෙම වහලෙක් වගේ ජීවිත කාලෙම ගතකරලා මැරිලා යනවා මොකුත්ම හොයාගන්නෙ නැතිව ..

ඉතින් දැන්වත් ඔබේ “මත් බැවින් ” එහෙමත් නැත්නම් ඔබ ඉන්න නින්දෙන් අවදිවෙලා බලන්න ඔබේ රටට ඔබේ දු දරුවන්ට සහ ඔබේ පරිසරයට සිදුවෙමින් තියෙන විනාශය . ඔබේ වහල්කම් සහ ඔබේ අත්මර්තකමිත්වය අත්හරින්න බලන්න . අපි හැමෝම එකතුවෙලා මේ ගැන කතා කරමු . කලින් කිව්වා වාගේ එක පාරටම මේ අදහසට පහරදෙන්න එපා .නිදහස්වෙන්න ඔයගොල්ලන් එල්ලිලා , වහල්වෙලා ඉන්න මතවාද වලින් . එහෙම නිදහසේ බැලුවොත් මම මේ ලියන දේ තුළ වැදගත් දෙයක් දකින්න පුළුවන් වෙයි ඔබට . කලිනුත් කියා තිබෙනවා වගේම මධ්‍යස්ත නොවුණොත් ඔබට සත්‍යය දකින්න බැරිවෙනවා . ජීවිතේ සැබෑ සතුටත් ඔබට අහිමි වෙනව .

මේ අදහසට ඔබ කැමති නම් විතරක් නෙවෙයි අකමැති වුණත් මේක අනිත් අයට “share ” කරන්න කියල ඉල්ලනව . ඔබට් නොතේරුණත් තව කෙනෙකුට මේක තේරෙන්න ඉඩ තියෙනව . මම මේවා ලියන්නෙ “likes ” බලාගෙන නෙවෙයි . ගොඩ දෙනෙක් කරන්නෙ like එකක් දාල නිකන් ඉන්න එකනේ . මට “likes ” අවශ්‍ය නෑ . ඒත් මේක “share ” කරන එක අමතක කරන්න එපා . වේගෙන් විනාශවෙන මේ සිංහලකමත් , බෞද්ධකමත් රකින එක අපි හැමෝගෙම වගකීම නිසා .ඒ හැර කිසිදු සැඟවුණු න්‍යායපත්‍රයක් මෙතැන නෑ . ඒ නිසා මේක හැමෝටම share කරන එකත් මේ page එක follow කරන එකත් කරන්න කියල හැමෝගෙන්ම කරුණාවෙන් ඉල්ලන්න කැමතියි .



5 Viewers