පරාජය වන ගෝලියකරණය
ධවල මන්දිරයෙන් ආහාර පවා ලබා නොදී සෙලෙන්ස්කි ජනාධිපතිවරයා ඉවතට දැමීම ගෝලියවාදී බලවතුන් ලැබූ දරුණු පරාජයක්.
මුල්ම වරට මාධ්‍ය සහ කැමරා ඉදිරියේ ඇමෙරිකානු පාලනය විසින් යුදකාමී යුක්‍රේනය ප්‍රශ්න කළා.
ඔවුන් තුන්වෙනි ලෝක යුද්ධය සමග සූදු ක්‍රීඩා කරන බව (Gambling with WW3) කිව්වා.
අමතක කරන්න එපා, රුසියාව ඕනෑම මොහොතක යුද්ධය අවසන් කිරීමට එකඟයි. ඔවුන්ට ඇත්තේ බොහෝම සරල, මූලීක ඉල්ලීමක්.
එනම් රුසියාවට දේශසීමාවෙන් යාවී සිටින නේටෝ අසල්වැසියෙක් අවශ්‍ය නැහැ. එපමණයි. එය සාධාරණ ඉල්ලීමක්.
එම ඉල්ලීමට එකඟ වූ සැණින් රුසියාව යුද්ධය අවසන් කිරීමට සම්පූර්ණයෙන්ම එකඟයි.
ගෝලියවාදීන්ට යුක්‍රේනය පරදින යුද්ධය තවදුරටත් කරගෙන යාමට අවශ්‍යත්, රුසියාව සමස්ථ යුරෝපයම ආක්‍රමණය කරාවි ය යන ඉතාම විහිලුසහගත මතය ප්‍රචාරය කිරීමට අවශ්‍යත් එවැනි පසුබිමක.
ඔවුන්ට මෙය ගෝලියවාදී න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරමින් රුසියාව දුර්වල කිරීමට අවශ්‍ය රූකඩ යුද්ධයක් (Proxy war).
රාජ්‍යතාන්ත්‍රික ක්‍රීඩාවේ ඉතා පරිණත පුද්ගලයෙකු වන ට්‍රම්ප් එය දන්නවා.
කොහොමවුනත් ධවල මන්දිර සිදුවීමට පසුව ගෝලියවාදීන්ට ඉන් සිදුවූ හානිය යථා තත්ත්වයට (Damage control) පත්කිරීමට හෝ අවම කිරීමට අවශ්‍ය වුණා.
එහි ප්‍රතිඵලයක් ලෙස නිමාවූ සති අන්තයේ යුක්‍රේන ජනාධිපතිවරයාට හදිසි බ්‍රිතාන්‍ය රාජ්‍ය තාන්ත්‍රික හමුවක් සුදානම් කර තිබුණා.
බ්‍රිතාන්‍යයේ දී සෙලෙන්ස්කිට ඉතා උණුසුම් පිළිගැනීමක් හිමි වුණා. අගමැති ස්ටාමර් මඟටම ගොස් සෙලෙන්ස්කි පිළිගත්තා. ලේබර් පාක්ෂිකයන් මහ මඟ යුක්‍රේන ධජ සමග සෙලෙන්ස්කිට ජය ඝෝෂා කළා.
එය මාධ්‍ය මෙහෙයුමක් බව හොඳින්ම පැහැදිලියි. සෙලෙන්ස්කි තනිව නොමැති බව ලෝකයට පෙන්වීමට බ්‍රිතාන්‍යයට අවශ්‍ය වුණා.
එදිනම රජු සමග හමුවක් සෙලෙන්ස්කිට ලබා දීමට පවා බ්‍රිතාන්‍යය කටයුතු කළා.
ඇමෙරිකාව විසින් ඇති කළ කම්පනයේ ප්‍රතිඵල එතැනින් අවසන් වූයේ නැහැ.
ඉතා කෙටි කාලයක් තුළ ඇමෙරිකාව හැර සෙසු නේටෝ රාජ්‍ය නායකයන් සියලූම දෙනා සහභාගී වන විශේෂ හමුවක් පවා බ්‍රිතාන්‍යය සංවිධානය කර තිබුණා.
ඊට රාජ්‍ය නායකයන් පහළොවක් සහභාගී වුණා. කැනඩාව, තුර්කිය සහ බටහිර යුරෝපයේ සියලූම රාජ්‍ය නායකයන් ඊට සහභාගී වුණා.
මෙහිදී ප්‍රධාන කරුණු දෙකක් සාකච්ඡා වුණා. පළමුවැන්න යුද්ධයේ දී යුක්‍රේනය වෙනුවෙන් දිගටම යුද ආධාර ලබා දීමට ඔවුන් එකඟ වුණා.
ගෝලියවාදීන්ට මේ යුද්ධයේ අවසානයක් දැකීමට අවශ්‍ය නැහැ.
දෙවැන්න, ට්‍රම්ප් පාලනයෙන් පසුව යූරෝපා නායකයන්ගේ දෑස් විවර වී තිබෙනවා.
මෙතෙක් කාලයක් යුරෝපය තමන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දැක්වූයේ නැහැ. ඒ වෙනුවෙන් ඔවුන්ට ඇමෙරිකාව හිටියා. යුරෝපයේ ආරක්ෂාව වෙනුවෙන් වැඩිම මුදලක් වැය කළේ ඇමෙරිකාව.
නමුත් ට්‍රම්ප් එම ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම හකුලා තිබෙනවා. ඒ අනුව යුරෝපයේ නැවත ශක්තිමත් හමුදා සහ යුද තාක්ෂණය ඇති කිරීමටත් (Rearm) මෙහිදි එකඟ වී තිබුණා.
බටහිර යුරෝපයට මේ යුද්ධය අවශ්‍ය බව දැන් ඉතා පැහැදිලියි. මෙතෙක් යුද්ධය කරගෙන ගියේ ඇමෙරිකාව. දැන් ඇමෙරිකාව ඉවත් වූ පසු ඔවුන්ම යුක්‍රේනයට සහය දීමට ඉදිරිපත් වෙලා.
මෙහිදී මහා බ්‍රිතාන්‍ය අගමැතිවරයා මුල්ම වරට යුක්‍රේනයට සිය සෙබලු පවා යැවීමට සුදානම් බව ඉඟි කළා.
සෙලෙන්ස්කි හමුවෙන් පසු ස්ටාමර් මාධ්‍ය හමුවේ “boots on the ground and planes in the air” යනුවෙන් ප්‍රකාශ කළා. එහි සරල අර්ථය ගොඩබිමෙන් සහ ගුවනින් පවා යුක්‍රේනයට සහය දීමට තමන් සුදානම් බව.
එය බරපතල ප්‍රකාශයක්.
එවැනි තීරණයක් ට්‍රම්ප් පුරෝකථනය කරන ලෙසටම ලෝක යුද්ධයකින් අවසන් වීමට ඇති ඉඩ ඉතා වැඩියි.
කොහොම වුනත් යුරෝපා නායකයන්ගේ මේ තීරණ යුරෝපීයයන් අතර විශාල ප්‍රසාදයකට ලක්ව නැහැ. සාමාන්‍ය ජනතාව නායකයන් විවේචනය කරමින් සිටින බව ඔවුන්ගේ සමාජජාලා කියවීම් අනුව වටහා ගත හැකියි.
නමුත් සියලූම බටහිර ප්‍රධාන මාධ්‍ය ජනතාවගේ එම අදහස ප්‍රක්ෂේපනය නොකිරීමට ප්‍රවේශම් වෙනවා.
යුරෝපය දැනටමත් කඩා වැටෙන ආර්ථිකය, ඉහළ යන ජීවන වියදම, සංස්කෘතික පරිහානිය සහ සංක්‍රමණික ගැටළු ආදී ගැටළු ගණනාවකින් පීඩා විඳින කලාපයක්.
රුසියානු තෙල් සහ ගෑස් දැන් ඔවුන් මිලට ගන්නේ ඉන්දියාවෙන්. ඒ වැඩි මිලක් ගෙවමින් ඉන්දියානු ලේබලය යටතේ. මන්ද තමන් රුසියානු තෙල් මිලට නොගන්නා බව පෙන්වීමට යුරෝපයට අවශ්‍යයයි.
එම නිසා රුසියාවේ තෙල් ඉන්දියාව මිලට ගෙන, ඉන්දියානු ලේබලයට යටතේ යුරෝපයට විකුණනවා. නමුත් සැබැවින්ම ඒ රුසියානු තෙල් සහ ගෑස්.
ඉන් ජය ගත්තේ ඉතා දක්ෂ ලෙස ඉන්දියානු ආර්ථිකය මෙහෙයවන කලෙක දුම්රියේ තේ විකිණූ ඉන්දීය අගමැති මෝදි සහ ඔහුගේ අතිශය තියුණු සහ බුද්ධිමත් විදේශ ඇමති ජයිශංකර් යටතේ ඉන්දියාව.
එම අමනෝඥ තීරණයෙන් පමණක් යුරෝපයේ ජීවන වියදම සැලකිය යුතු පරිමාවකින් ඉහළ ගියා.
ඔවුන්ට යුද්ධයක් පවත්වා ගැනීම තරම් සුවදායක නොවනු ඇති.
අනෙක් අතින් ඇමෙරිකාවත් කඩා වැටෙන ආර්ථික අවදානමක තිබූ රටක්. නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් සියලූම ගෝලියවාදි ප්‍රතිපත්ති ආපසු හරවා, සිය රට මූලිකත්වයේ තබන ජාතිකවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් සිටින නිසා ඇමෙරිකාවේ කතාව වෙනස් වේවි.
බටහිර සම්භාදක 24,000 ක් මැද පවා වසර තුනක් රුසියානු ආර්ථිකය ස්ථාවරව තබා ගත් පූටින් ටද යුද්ධය ගැටලුවක් වෙන එකක් නැහැ.
මේ සියල්ලෙන්ම පැහැදිලි වන්නේ බුද්ධිමත් සහ තියුණු නායකයෙක් රටකට කොතරම් වැදගත් ද යන්න පමණයි.
එක් අතකින් ට්‍රම්ප්, මෝදි සහ පූටින් ලා සිටිනවා. අනෙක් අතින් ස්ටාමර් ලා, සෙලෙන්ස්කි ලා, මැක්‍රොන් ලා සහ ටෘඩෝ ලා සිටිනවා.
ඔවුන්ගේ තීරණ වලින් ඔවුන්ගේ රටවල ජනතාවගේ අනාගතය තීරණය කෙරෙනවා………………….
52 Viewers





