• Home »
  • Articles »
  • පුරාවිද්‍යාවට අපමණ මෙහෙයක් කල — පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි —

පුරාවිද්‍යාවට අපමණ මෙහෙයක් කල — පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි —

පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද හිමියන්   ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත්වල දුරස්ථ සහ කලින් වාර්තා නොවූ පුරාවිද්‍යාත්මක ස්ථාන පිළිබඳ පුළුල් ගවේෂණය සිදු කළේය. උන්වහන්සේ දිවයිනේ බෞද්ධ උරුමය පිළිබඳ දැනුම් පද්දතිය සැලකිය යුතු ලෙස පුළුල් කර ඇත.

උන්වහන්සේන් රටට කල ප්‍රධාන දායකත්වයන් ලෙස, කලින් සොයා නොගත් බෞද්ධ ස්ථාන ගණනාවක්  මේධානන්ද හිමියන් සොයා ගෙන ඇත. හෙල බුදු සංගමය මෙන් කයිවාරු නොගසමින් ක්‍රියාවෙන් සියල්ල සිදු කිරීම සුවිශේෂි වේ. උන්වහන්සේ ඝන වනාන්තර සහ දුරස්ථ ප්‍රදේශවලට ගොස් වනගත ආරාම , ගුහා සහ සෙල්ලිපි රාශියක් සොයා ගෙන ඇති අතර, ඒවායින් සමහරක් තවමත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිල වශයෙන් වාර්තා කර නොමැත.

මේධානන්ද හිමියන් ගවේෂණ කර පොත් 40 කට වඩා ලියමින් පුරාණ හා මධ්‍යතන යුගයේ නැගෙනහිර සහ උතුරු පළාත්වල පුළුල් ආරාම සහ ආරාම ඇතුළු විචිත්‍රවත් හා පුළුල් බෞද්ධ ශිෂ්ටාචාරයක් පැවති බව තහවුරු කර ඇත.

එමෙන්ම බුදුන්වහන්සේ ලංකාවේ යනු හුදෙක් බොරුවක් බවත් පිස්සො රැලක් එසේ කියන බවත් උන්වහන්සේ ප්‍රකාශ කලේ කිසිම අවස්ථාවක හෙල බුදු කෙනෙක් ගැන කිසිදු මූලාශ්‍රයක් හමු නොවූ නිසාවෙනි. නමුත් එක්තරා අවස්ථාවක සීයා කෙනෙක්, බුදුන්වහන්සේ බුදුගල වැඩසිටි බවක් සදහන් කර ඇති නමුත්, එම ප්‍රදේශයේ ගවේශණය කරත්, එම මතය ඔප්පු කිරිමට කිසිදු සාධකයක් හමු වී ඇති බවක් සදහන් කර නැත. උන්වහන්සේ සෑම විටම සත්‍ය වෙනුවෙන් ඇප කැප වූ උත්තමයෙකි.

නිශ්චිත සොයාගැනීම් සහ ලේඛනගත කිරීම්ද උන්වහන්සේ විසින් සිදු කර ඇත. ඒ අතර නිලාවේලි හි බෞද්ධ නටබුන්  ගත හැක.

සෙම්බුමලෙයි හි හිටි බුද්ධ ප්‍රතිමාවක් සහ නෙළුම් පාදමක් වැනි සොයාගැනීම් හා ඒවා පිළිබදව  ලේඛනගත කළේය.

කුමන හි නෙළුම්පත් පොකුණ පුරාණ ගෝසාගල මහා විහාරය ලෙස උන්වහන්සේ හඳුනා ගත් අතර, එහිදී  ස්තූපයක නටබුන්, පදම් ගලක් සහ කනිඨ්ට තිස්ස රජුගේ (ක්‍රි.ව. 167-186) සෙල්ලිපියක් සොයා ගත්තේය.

ප්‍රාදේශීය ඉතිහාසය පිළිබඳ පර්යේෂණ රැසක් සිදු කර ඇත. උන්වහන්සේගේ සොයාගැනීම් ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයට ද දායක වී ඇත, විශේෂයෙන් රුහුණේ මාගම රාජධානිය (ක්‍රි.පූ. 3 වන සියවස) සහ කාවන්තිස්ස රාජවංශයට අදාළ සොයාගැනීම් සමඟ, සෙල්ලිපි මගින් පැහැදිලි අනාවරණයක් සිදු කර ඇත.

නමුත් බුදුන්වහන්සේ වැඩ සිටි ජම්බුද්වීපයක් ලංකාවේ නොතිබූ බව උන්වහන්සෙ  කිහිප විටකම ප්‍රකාශ කර ඇත.මක්නිසාදයක් උන්වහන්සේ බොරු කිරිමට අකමැති වූ අතර, හෙල බුදු බොරුවට කිසි විටකවත් එකග වී නොමැත. එය සත්‍යවාදි මෙන්ම රට වෙනුවෙන් වැඩ කල යතිවරුන්ගේ සුවිශේශීත්වයකි. එවැනිම යතිවරයෙක් වූ ගංගොඩවිල සෝම හිමියන් පවා ඉන්දියාවේ බුද්ධගයාව නිතර නිතර වන්දනාමාන කරත්, හෙල බුදු සිටි ස්ථාන වලට වැඩම කිරිමක් සිදු නොකරන ලදි. විශේශයෙන්ම බුදුන්වහන්සේ ලංකාවේ සිටි බවක් කිසි විටෙක කියා නැති වීම සුවිශේශි වේ.

උපදේශනය සහ සංරක්ෂණය වෘත්තීය ජීවිතය පුරාම, බෞද්ධ ඓතිහාසික නටබුන් ආරක්ෂා කිරීම සහ සංරක්ෂණය කිරීම සඳහා ප්‍රමුඛ හඬක් නැගූ අතර (පාර්ලිමේන්තුවේ සිටි කාලය ඇතුළුව) දීඝවාපිය ස්ථූප ප්‍රතිසංස්කරණය වැනි නැගෙනහිර පළාතේ පුරාවිද්‍යාත්මක උරුමයන් කළමනාකරණය කිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය වැනි මුලපිරීම්වලට සම්බන්ධ වී ඇත.

ධර්මය, ඉතිහාසය සහ උරුමය පිළිබදව

දශක ගණනාවක් තිස්සේ උන්වහන්සේගේ දිවිගමනේ සනිටුහන් වී ඇත. අපගේ මව්බිමේ දුරස්ථ, පුරාණ ස්ථාන සොයා ගමන් කිරීම, බෞද්ධ උරුමයේ තේජාන්විත ඉතිහාසය අනාවරණය කර ගැනීම උන්වහන්සේගේන් රටට වුණ ප්‍රධාන මෙහෙවරකි.

එකල ලක්දිවට අයත්ව තිබූ නැගෙනහිර සහ උතුරේ  වනාන්තරවල සිට මාගම සෙල්ලිපි දක්වා, උන්වහන්සේගෙ මෙහෙවර සැමවිටම ජීවමාන බෞද්ධ ශිෂ්ටාචාරයේ ඓතිහාසික සත්‍යය ආරක්ෂාව වෙනුවෙන් මහන්සි වෙනලදී.

අපගේ මුතුන් මිත්තන්ගේ භක්තියේ නිහඬ සාක්ෂි වන සිය ගණනක් අමතක වූ ආරාම, සෙල්ලිපි නැවත ගෙන ඒමට මේධානන්ද හිමි උත්සාහ කර ඇත. මේවා හුදෙක් නටබුන් නොවේ,ඒවා ජාතික අනන්‍යතාවයේ අත්තිවාරමයි෴

|උපුටාගැනීමකි|



12 Viewers