රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති නරේන්දු මෝදි විසින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද(30) පැපිලියාන සුනේත්‍රාදේවි මහා දේවී පිරිවෙණේ දී සිදුවිය.
ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සහ ජාත්‍යන්තර නීතියේ විශ්වීය මූලධර්ම උල්ලංඝනය කරමින් රහසිගතව අත්සන් කළ ද්විපාර්ශ්වික ජාත්‍යන්තර ගිවිසුම්වල නුසුදුසුකම, අඥානකම සහ නීති විරෝධීභාවය ෙපන්වා දෙමින් ශ‍්‍රී ලංකාවේ ජාතික සහ ජාත්‍යන්තර සංවිධාන සාමූහිකය විසින් මෙම පෙත්සම අත්සන් තැබීම සිදු කළේය.
ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම් වල අන්තර්ගතය අමාත්‍ය මණ්ඩලයට හෝ මහජනතාවට පූර්ණ වශයෙන් හෙළි නොකර අත්සන් කිරීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවේ මහජනතාව දැඩි ලෙස විරුද්ධ වන බවත්, ඒ අනුව මෙම ගිවිසුම් අත්සන් කිරීම ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව බරපතල ලෙස උල්ලංඝනය කිරීමකට සමාන වන අතර එබැවින්, එවැනි ඕනෑම උල්ලංඝනයක් සඳහා ජනාධිපතිවරයා වගකිව යුතු බවටද ලංකාවේ ජාතික සහ ජාත්‍යන්තර සංවිධාන සාමූහිකය මෙම පෙත්සම මගින් අවධාරණය කර ඇත.
මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් සහ මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් මෙහි ප‍්‍රධානත්වය දරන අතර ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛ්‍යෛ වසන්ත බණ්ඩාර, ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම ඇතුළු ජාතික සංවිධාන නායකයන් මෙම අවස්ථාවට සහභාගී විය.
අදාළ පෙත්සම පහළින්..
4 Viewers