ශ්‍රී ලංකා විශේෂ බලකාය

ශ්‍රී යුද්ධ හමුදා විශේෂ බළකාය එස්.එෆ්. (SF) යන කෙටි නමින් ද හඳුන්වනවා. යුද හමුදා විශේෂ බළකායක අවශ්‍යතාව එන්නේ සාමාන්‍ය පාබල රෙජිමේන්තුවකට යා නොහැකි ප්‍රදේශ සහ ගැනීමට අපහසු ඉලක්ක හඳුනා ගැනීමටයි.

1985 වසරෙදි ජෙනරල් ගාමිණී හෙට්ටිආරච්චි ගෙ අදහසකට අනුවයි මෙය නිර්මාණය වුණේ. 85ට ඉස්සරවෙලා මෙය ආර්.ඩී.එෆ්. කියලා පොඩි කොට්ඨාසයක් හදාගෙන හිටියා. එහි සාමාජිකයන් 35ක් පමණ සිටියා. එහි මුල්ම සාමාජිකයෝ තමයි මේජර් ගාමිණී හෙට්ටිආරච්චි, ලුතිනන් අස්ලාම් ෆස්ලි ලෆීර්, කැප්ටන් අජිත් පෙරේරා ඇතුළු පිරිස. එය තමයි පසුව විශේෂ බළකාය (SF) බවට පත් වුණේ.

විශේෂ බළකායේ මූලික කාර්ය භාරයන්.

මෙහි මූලික කාර්ය භාරය කොටස් දෙකකට බෙදන්න පුළුවන්.

1.ප්‍රහාර එල්ල කිරීම.

2.බුද්ධි තොරතුරු රැස් කිරීම.

ප්‍රහාර දෙනවා ලෙස සඳහන් කරන්නේ සතුරන්ගේ ප්‍රධාන නායකයන් ඉලක්ක කිරීම, ඔවුන්ගේ වැදගත් කඳවුරු සොයා පහරදීම, සතුරු කණ්ඩායම් සිටින පළාත් බලා ඒවාට පහර දීම, විශාල කඳවුරු පිළිබඳ සොයා බලා ගුවන් හමුදාවට තොරතුරු සැපයීම ආදිය සිදු කිරීම.

විමර්ශනය පැත්තෙන් බැලුවොත් විශේෂ බළකායේ සෙබළු සතුරු කඳවුරු පිළිබඳව සොයා බැලීම සිදු කරනවා. ඒ වගේම කාලතුවක්කු වගේ විශාල අවි ආයුධ සඟවලා තිබෙන තැන් ගැන සොයා බලනවා. සතුරන්ගේ චර්යාවන් සොයා බලා ඉහළ මූලස්ථාන වලට දැනුම් දීම සිදු කරනවා. සතුරන්ගේ සන්නිවේදන මධ්‍යස්ථාන පිළිබඳ තොරතුරු සෙවීමත් විශේෂ බළකායේ තවත් කොටසක්.

● විශේෂ බළකාය ගොඩනැගීම.

මේජර් ගාමිණී හෙට්ටිආරච්චිගේ සංකල්පයට අනුව සාමාජිකයන් 38 දෙනකුගෙන් පළමු කණ්ඩායම නිර්මාණය වුණා.

මුලින්ම විශේෂ කණ්ඩායම් පුහුණුවීම් ලැබුවේ ගණේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු කඳවුරේ.
පසුව විදේශීය උපදේශකයන්ගෙනුත් පුහුණුවීම් ලැබුවා. එසේ පුහුණු වූ පිරිස වව්නියාවේ ජෝශප් කඳවුරේ ස්ථානගත වුණා.

ඉන් පස්සේ වැලිඔය සහ වව්නියා ක්‍රියාන්විත වලට අවශ්‍ය දායකත්වය ලබලා දුන්නා.

ඒ කාලයේ ලුතිනන් කර්නල් විජය විමලරත්නගේ නායකත්වයෙන් යුත් පළමුවැනි ගජබා රෙජිමේන්තුවේ විශේෂ කණ්ඩායම් දෙකක් මේ පිරිසට සහාය ලබලා දුන්නා.

සතුරන්ගේ තොරතුරු ලබාගනිමින් මර්මස්ථාන වලට පහර දීම සාර්ථකව සිදු කළ විශේෂ බළකාය තව තවත් වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාව තිබුණා.

ඒ අනුව සෙබළුන් 38කින් ආරම්භ කළ විශේෂ බළකාය 68ක් දක්වා බි්‍රගේඩියර් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාගේ මගපෙන්වීම යටතේ වැඩි කළා..

මෙහෙයුම්වල පහසුව තකා “ඇල්ෆා”, “බ්‍රාවෝ”, “චාලි” කියලා කණ්ඩායම් තුනකට මේ පිරිස වෙන් කළා.
මේ කණ්ඩායම්වල අණදෙන්නන් ලෙස ක්‍රියා කළේ ලුතිනන් අජිත් පෙරේරා, ලුතිනන් ෆස්ලි ලෆීර්, ලුතිනන් රොහාන් විජේසිංහ යන පිරිස.දෙවැනි බඳවාගැනීමෙන් පසු ඒ ආකාරයට වර්ධනය කළ විශේෂ බළකායට තුන්වැනි අවස්ථාවේදී “ඩෙල්ටා” බල ගණයද එකතු කළා.එය භාරවූයේ මේජර් ගාමිණී හෙට්ටිආරච්චිට.ඒ ආකාරයට ටික ටික ගොඩ නැගුණු විශේෂ බළකායට රාජ් විජේසිරි සම්බන්ධ වෙන්නේ 1986 වසරේදී.ත්‍රස්ත මර්දනය සඳහා පිහිටවූ කණ්ඩායම් වලට වගකීම් පැවරුවේ තවත් කුඩා කණ්ඩායම් ලෙස කොටස් කරලා.ඒ කුඩා කණ්ඩායමක් සාමාජිකයන් 8 දෙනකුගෙන් සමන්විතයි. ඒ කණ්ඩායමේ 8 දෙනාට එක එක වගකීම් පවරලා තිබුණේ.උදාහරණයකට කිව්වොත්, කණ්ඩායමෙන් දෙදෙනෙක් පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ වැඩිදුර පුහුණුව ලබපු අය. ඒ අය තමයි බිම් බෝම්බ ඇටවීම වැනි කටයුතු බාරව ක්‍රියා කරන්නේ.ඒ වගේම සතුරා වළදැමූ ආයුධ පිළිබඳ සොයා බැලීමත් ඔවුනට අයිති රාජකාරියක්.ඊළඟට තවත් දෙන්නෙක් පුහුණු කරලා තිබුණා වෛද්‍ය සේවාවට.කණ්ඩායමේ කාටහරි තුවල වුණොත් ඒ සඳහා අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබලා දෙන්නේ ඒ දෙන්න.තවත් දෙන්නෙක් පුහුණු කළා සංඥා පිළිබඳ සොයා බැලීමට. එයාලගෙන් එක් කෙනෙක් තමයි රේඩියෝ සෙට් එක ගෙනියන්නේ.ඔය ආකාරයට එක එක්කෙනාගේ දක්ෂතාව අනුවයි අට දෙනාට රාජකාරි පැවරුවේ. මේ එක කණ්ඩායමට නායකයෙක් සහ උපනායකයෙක් හිටියා.

මේ අට දෙනාගේ කණ්ඩායමත් නැවත කොටස් දෙකකට කැඩුණා.මූලික කණ්ඩායමක් ලෙස 8 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් නිර්මාණය කිරීමටත් හේතුවක් තිබුණා.ඒ තමයි කුඩා කණ්ඩායමක් සතුරාට සොයා ගැනීමට අපහසු වීම.උතුරේ ත්‍රස්ත මර්දනය සේම දකුණේ රාජ්‍ය විරෝධී කැරලිකරුවන් මර්දනය කිරීමට සහයදීමත් විශේෂ බළකායේ රාජකාරිය වුණා.

පළමුවැනි විශේෂ බළකාය.

විශේෂ බළකායේ සතුටුදායක ජයග්‍රහණයන් නිසා යුද හමුදාවේ විශේෂ පිළිගැනීමක් ලැබුණා. එය තවතවත් වර්ධනය කිරීමේ අවශ්‍යතාව ඇති වුණා.

ජෙනරාල් වනසිංහ යුද හමුදාපති වුණාට පස්සේ හමුදාවේ ඉන්න දක්ෂ සෙබළුන් විශේෂ බළකායට බඳවාගන්න අවස්ථාව උදා කරලා දුන්නා.ඒ කාලයේම විශේෂ බළකා පුහුණු පාසලක් ආරම්භ වුණා.250ක පමණ කණ්ඩායමක් බඳවා ගෙන මින්නේරියේ පුහුණුවක් කළා. ඉන් 135ක් පමණ බඳවා ගත්ත.89 කාලය වන විට විශේෂ බළකාය 150ට අධික සෙබළු සංඛ්‍යාවකගෙන් යුක්ත වුණා. මේ විදියට බඳවාගැනීම් කරලා 500ක් පමණ සෙබළ කණ්ඩායමක් හැදුවා.එය පළමුවැනි විශේෂ බළකාය කියලා රෙජිමේන්තුවක් බවට පත් කළා.එහි මූලස්ථානය පිහිටවූයේ නාවුල.1990 වෙනකොට විශේෂ බළකායේ ස්නයිපර් කණ්ඩායම බිහි කළා.ඒ වගේම සංග්‍රාමික කිමිදුම් පාඨමාලාවක් හදාරා සිටි ලුතිනන් සුසිත් කන්ගොඩආරච්චිගේ ප්‍රධානත්වයෙන් විශේෂ බළකා කිමිදුම් කණ්ඩායමක් ගොඩනැගුවා.

දෙවැනි විශේෂ බළකාය.

1995 වසරේදී දෙවැනි විශේෂ බළකායේ කිමිදුම් කණ්ඩායම පිහිටවූවා.දියෙන් සහ ගොඩින් සතුරා සමග සටන් කිරීමට අවශ්‍ය ශක්තිය ලබාගත් විශේෂ බළකාය ගුවණින් හරඹ කිරීම සඳහා පැරෂුට් භටයින් රැසක් ද නිර්මාණය කලා.මේ විදියට ශක්තිමත් කළ විශේෂ බළකායේ “එකෝ” බලගණය කපිතාන් උපුල් වීරසිංහගේ නායකත්වයෙන් ගොඩනැගුවා.එය විශේෂ නිලධාරින් 28 දෙනෙක් සහ සෙසු නිලයන් 498කින් සමන්විත වුණා. එහි ප්‍රථම අණ දෙන නිලධාරි වුණේ රාජ් විජේසිරි.එය ආරම්භ කළේ ත්‍රිකුණාමලයේ.දෙවැනි විශේෂ බළකාය හැදුණේ ඒ ආකාරයට.

3 වැනි විශේෂ බළකාය.

1996 වසරේදි රාජ් විජේසිරි දෙවැනි විශේෂ බළකායෙන් කොටසක් අරගෙන දිග දුර විහිදුම් බළකාය ආරම්භ කළා.
එය කිලිනොච්චියේදී සිදු කළේ.
3 වැනි විශේෂ බළකාය හැදුණේ ඒ ආකාරයට.කපිතාන් චන්න වඩුගේ ප්‍රධානත්වයෙන් “ෆොක්ස්ට්‍රොට්” බලගණය පිහිටවූවා
හොටෙල්” බලගණය ආරම්භ කිරීමට මුල් වූයේ කපිතාන් චූල දෙල්වල.මේ විදියට විශේෂ පුහුණුකිරීම් වලින් ගොඩබිම මුහුද සහ ගුවන ජයගත හැකි විශේෂ සෙබළ පිරිසක් නිර්මාණය වුණා.

● විශේෂ බළකාය සඳහා සෙබළුන් තෝරා ගන්න විශේෂ ක්‍රමවේදය.

විශේෂ බළකායට පැමිණෙන සෙබළෙකුට අමාරු දුෂ්කර පාඨමාලාවකට මුහුණදීමට සිදුවෙනවා. ඔහුගේ කායික සහ මානසික ශක්තිය මැන බලනවා. කායික ශක්තිය බලන්න ලොකු පාගමන් තිබෙනවා. ලොකු බරක් දාගෙන යන්න ඕනෑ. දුවන්න ඕනෑ. බාධක තරණ තිබෙනවා. කිලෝ මීටර් ගණන් ඇවිදින්න ඕනෑ.ඒ වගේම ඔවුන්ගේ මානසික ශක්තිය ඒ හැම අවස්ථාවකදීම මැන බලනවා. ඔවුන්ගේ බුද්ධි මට්ටමත් ඒ ඒ ක්‍රියාකාරකම් වලින් මැන බලනවා. මේ හැම දේම කරන්නේ දින 28ක තියෙන මූලික පාඨමාලාවෙන්. මේ සති හතරේ පාඨමාලාවට 100ක් ආවොත් 60ක්ම හැලෙනවා. ඉන් තේරෙන පිරිස තමයි මාස 5ක් විතර පවත්වන උසස් ශිල්ප පාඨමාලාවට තෝරාගන්නේ. ඒ අයට තමයි විශේෂ බළකා සෙබළෙකුට තිබිය යුතු පුහුණුවීම් ලබලා දෙන්නේ.

● මෙහෙයුම් වලට දුන් දායකත්වය.

වඩමාරච්චි මෙහෙයුමේදී විශේෂ බළකාය ට පැවරුණේ ප්‍රභාකරන් පැනලා යන පැත්ත කවර් කරන්න. විශේෂ බළකාය හෙලිකොප්ටර් 9කින් එතනට ගියා. එතන දවස් 6ක් හිටියා. පැය හයකට (6) පසු එල්.ටී.ටී.ඊ. එක විශේෂ බළකාය ට පහර දුන්නා. එහිදී සෙබළු 6ක් 7ක් පමණ මරුණා. 17ක් විතර තුවාල වුණා.

මීලඟට සම්බන්ධ වුණේ මුලතිව් මෙහෙයුමට.මුලතිව් එල්.ටී.ටී.ඊ. එකෙන් පහර දුන්නට පස්සේ එහි සිටි සෙබළුන්ට උදව් කරන්නට සිදු වුණා.කර්නල් ලෆීර් ඔහුගේ සෙබළුන් සමග එම ස්ථානයට ගියා. එල්.ටී.ටී.ඊ. එකෙන් එයාගෙ කණ්ඩායම වට කරගත්තා.එතනදි තමයි කර්නල් ලෆීර් මැරුණේ.එයාගේ ගොඩක් අය තුවාල වුණා. ඒ පිරිසට උදව් කරන්න කර්නල් රාජ් විජේසිරි දෙවැනි විශේෂ බළකායත් එක්ක ත්‍රිකුණාමලයෙන් මුලතිව් දක්වා පිටත් වුණා. එල්.ටී.ටී.ඊ. එක විශේෂ බළකාය ට වටකරගෙන ගැහුවා.

එදා සවස 5ට විතර කර්නල් රාජ් විජේසිරි ටත් වෙඩි වැදුණා.5ක් විතර මැරුණා. රෑ නමයට විතර කර්නල් රාජ් විජේසිරි හෙළිකොප්ටරේකින් අරගෙන කොළඹට ගෙනාවා.

විශේෂ බළකා සෙබළු පහුවෙනි දවස වෙන කොට තවත් බල සේනා ගෙන්වාගෙන ලොකු සංග්‍රාමයක් කරලා සිර වී සිටි සෙබළුන් බේරා ගෙන තිබුණා.

ඒ වගේම ඊට පෙර තිබූ යාපනය අල්ලා ගැනීමේ ක්‍රියාන්විතයේදී කර්නල් රාජ් විජේසිරි දෙවැනි විශේෂ බළකායේ අණදෙන්නා ලෙස කටයුතු කළේ.

කර්නල් ලෆීර් පළමුවැනි විශේෂ බළකායේ අණදෙන්නා ලෙස හිටියා.එල්.ටී.ටී.ඊ. එක රාත්‍රියට පැමිණ සෙබළුන්ට පහර දුන්නා. ගොඩක් අය මැරුණා.තුවාල වුණා. ඒත් මෙහෙයුම සාර්ථකව කළා.1995 දී යාපනය කොටුව අල්ලා ගත්තා.

තවත් විශේෂ එකක් තමයි යාපනය අල්ලාගන්න කළ විශේෂ මෙහෙයුම.

කර්නල් රාජ් විජේසිරි බල සේනාධිපති ලෙස කටයුතු කළා. ඒ කළ ක්‍රියාන්විතයේදී මාස 5ක් තුළ සෙබළු 100ක් විතර මැරුණා.400ක් විතර තුවාල වුණා.නිලධාරින් 10ක් විතර මැරුණා. ලොකු හානියක් වුණා. සති ගාණක් ඒ යුද්ධය ගියා.

පාබල හමුදාවන්ට ලොකු සහයෝගයක් විශේෂ බළකා සෙබළු ලබලා දුන්නා.වර්ෂ 2009 විශේෂ බළකායේ රෙජිමේන්තු 5ක් නිර්මාණය වෙලා තිබුණා.සෙබළු 2000ක් පමණ හිටියා.

යුද්ධය අවසාන වෙන තුරුම මෙම සෙබළු බුද්ධි තොරතුරු සොයමින් එල්.ටී.ටී.ඊ. නායකයන්ට පහර දෙමින් විශාල කාර්ය භාරයක් ඉටු කළා.

තීරණාත්මක අවස්ථාවලදී ජෙනරල් ෆොන්සේකාත් විශේෂ බළකායේ සහාය ලබා ගත්තා.එහිදී ප්‍රධාන කාර්ය පාබල හමුදාවලින් සිදු කරන විට ඊට අවශ්‍ය සහය තමයි විශේෂ බළකා සෙබළු ලබලා දුන්නේ.

මේ ආකාරයට සාමාජිකයන් 38 දෙනකුගෙන් ආරම්භ වූ විශේෂ බළකාය ක්‍රම ක්‍රමයෙන් ප්‍රබල කණ්ඩායමක් බවට පත් වූයේය.

සතුරා පිළිබඳව තොරතුරු සොයා බලමින් යුද හමුදාවන්ට සුවිශාල සහයෝගයක් ලබාදුන් ඔවුන්ට වන්නි මානුෂික මෙහෙයුමත් සමග කළ යුතු වූ කාර්යභාරය පුළුල් වූවේය.එනම් වැලිඔය දී පළමුවැනි හා දෙවැනි විශේෂ බලකා දෙක එකතු වී යුද ජයග්‍රහණය තකා සුවිශාල කාර්ය භාරයක් සිදු කළ අතර

හතරවැනි බලගණය ලෙස “සියරා” ස්ථාපිත වූවේය.

2009 වර්ෂය යුද්ධයේ දරුණුතම අවස්ථාවක් විය.
තවතවත් සෙබළු විශේෂ බළකායට බඳවාගත් අතර “විස්කි” නම් තවත් බළඇණියක් කපිතාන් මංජුල හෙට්ටිආරච්චිගේ ප්‍රධානත්වයෙන් පිහිටුවූවේය.

ඒ අනුව හතරවැනි විශේෂ බළකාය කණ්ඩායම් හතරකින් සමන්විත වූ අතර 59 වැනි සේනාංකය සමග එකතු වී අවසන් සටනට සුවිශාල දායකත්වයක් ලබා දුන්නේය.

ලාංකීය හමුදාවන් සතුරා සමග සටන් කර යටත් කරගන්නා භූමි ආරක්ෂා කිරීමත්, සතුරාගේ පැමිණීම පිළිබඳ තොරතුරු සෙවීමත් විශේෂ බළකා සෙබළුන්ට බාර වූ රාජකාරිය විය.එහිදී *“බ්‍රාවෝ” බලගණයේ මේජර් අමිත, *“ලීමා” බලගණයේ කපිතාන් නන්දන සෙනවිරත්න, *“නොවැම්බර්” බලගණයේ කපිතාන් ලලන්ත රණසිංහ, *“වික්ටර්” බලගණයේ කපිතාන් සුරංග යන ප්‍රධානීහු සිය කණ්ඩායම් සමග ත්‍රිකුණාමලය, මඩකලපුව, පුදුකුඩුඉරිප්පු යන ස්ථානවල ක්‍රියාන්විත සිදු කළහ.

ඒ ආකාරයට සාමයේ අරුනළු වැටෙනා තුරා ලක් මවගේ රැකවරණය තකා විශේෂ බළකා සෙබළු ජීවිත පූජා කරමින් සිය මෙහෙවර ඉටු කළහ.

පරම වීර විභූෂණයෙන් පිදුම් ලැබූ විශේෂ බලකායේ පස්දෙනා.

කර්නල් ඒ.එෆ් ලෆීර්-විශේෂ සේවා බලකාය.

ඔහු “ත්‍රිවිද පහර” මෙහෙයවුම දියත් කලේ මුලතිව් කඳවුරට ටෙරාල දැඩි ලෙස පහරදෙමින් කඳවුර හතරවටින්ම වට කරල ඇති භයානක මොහොතකයි.

ඒක ගලවාගැනීමේ මෙහෙයවුමක් (Rescue Operation),

පිරිස මෙම කඳවුර අවට මුහුදු සීමාවට ක්‍ෂනිකව ගොඩබැස්සෙ හෙලිකොප්ටර්වල සහයෙනුයි.
මුහුදෙන් ගොස් මුලතිව් ප්‍රදේශයේ සතුරැ කඳවුරකට පහරදෙන යන අවස්ථාවෙදි 1996 ජුලි 19 වෙනිදා කොටි අතින් ඝාතනය වුනා, එතකොට ඔහු ලුතිනන් කර්නල් නිලය දරමින් 1 වන විශේෂ රෙජිමේන්තුවෙ 275 පමන පිරිසක් සමග මේ මෙහෙයවුමට අනදෙමින් සහභාගි වෙමින් සිටියෙ.

මේ දරැනු සටනේදි ඔහුට මිය යනතෙක්ම තම කන්ඩායම සමග දිගටම සිටිමින් එම ක්‍රියාන්විතය මෙහෙයවුයේ තමන්ට වී ඇති මරනීය තුවාලද නොසලකමින්.

ඔහු මියයන තෙක්ම ම කන්ඩායමට අනදෙමින් සටන් බිමෙන් ඉවත්වුනේ නැහැ.

ඔහුගේ මේ වීර වික්‍රමාන්විත ක්‍රියාවට ගරැකිරීමක් ලෙස ඔහුටත් ශ්‍රී ලංකා යුද හමුදාවේ ලැබිය යුතු ඉහලම ගෙෳරව සම්මානය වන පරම වීර විභුෂනයෙන් පිදුම් ලැබුවෙ.

කෝප්‍රල් කේ.චන්දන-තුන්වන බළඇණිය විශේෂ සේවා බලකාය.

මාන්කුලමි-කිලිනොචිචි මාර්ගයේ ගමන් ගන්නා කොටි නායකයින් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරිමෙි අරමුණෙන් රජයේ පාලන ප්‍රදේශයේ සිට කිලෝමිටර් 40ක් පමන ඈතට ගමන් කල ලාන්ස් කෝප්‍රල් චන්දන ඇතුළු සය දෙනෙක්ගෙන් යුත් විශේෂ බලකායේ දිගු දුර මෙහෙයුමි බලකාය නැවත තම කදවුර බලා ඒමට පිටත් වුයේ කොටි නායකයින් දෙදනෙක්ව මරු තුරුලට යැවීමෙින්ද අනතුරුවය.
හමුදා පාලන ප්‍රදේශය බලා එමින් සිටියි මෙම දිගු දුර මෙහෙයුමි බලකායේ සෙබළුන් ගැන ඉව වැටුනු කොටි ත්‍රස්තවාදින් මාන්කුලමි-තුනුක්කායි මාර්ගය අසලදි කොටු කර ප්‍රහාරයක් එල්ල කලේය. කොයි යමි මොහොතකදි හෝ තම කණ්ඩායමට සතුරු ප්‍රහාරයක්  ප්‍රහාරයක් එල්ල වෙිතැයි සිතා සිටි දිගු දුර මෙහෙයුමි බලකායේ සාමාජිකයින් කොටි ත්‍රස්තවාදින් සමග මුහුනට මුහනලා සටන් කලේ නියම සිංහල ලේ ඇති රණකාමින් මෙන්ය.කොටින් හා අතර ඇතිවුනු ගැටුමෙිදි තම සහෝදර සෙබලෙක්ට වෙඩි වැදි සිටිනවා දුටු ලාන්ස් කෝප්‍රල් චන්දන වහා එම සෙබලාව සටන් භුමියෙන් පිටු පසට ඇද තබා නැවතත් කොටින් හා සටනට එක්විය. මෙහිදි කොටි ප්‍රහාරය නිසා තුවාල ලබා සිටි ලාන්ස් කෝප්‍රල් චන්දන සිය තුවාල ගැන හෝ නොසිතා කොටින්ට එරෙහිව දැඩි ප්‍රහාරයක් එල්ල කලේ සිය කණ්ඩායම බෙිරා ගැනිමෙි අටියෙනි.

දරුණු සටනක් අතරේදි චන්දන ඇතුලු කණ්ඩායමට අණදෙන නිලධාරියාවු සාජන්ටි කොටි ප්‍රහාරයන් නිසා තුවාලවී බිම ඇද වැටෙනවා චන්දන දුටුවෙි ඒ මොහොතේදීය. තම අණදෙන නිලධාරියා කොටින්ගේ ග්‍රහණයට නතුවෙන ආකාරය දුටු ඔහු වහා සිය ගිනි අවිය අතැතිව කොටින් ඉදිරියට පැන දැඩි ප්‍රහාරයක් එල්ල කලේ සිය කාණ්ඩ අණදෙන නිලධාරියාගේ ජිවිතය බෙිරා ගනිමිනී.තම අණදෙන නිලධාරියා බෙිරා ගත්තත්, එම සටනේදි සිදුවු තුවාල හේතුවෙන් 3 වන විශේෂ බලකා රෙජිමෙින්තුවෙි ලාන්ස් කෝප්‍රල් කේ.චන්දන රණවිරුවා දැයෙන් සමුගත්තේ තම කණ්ඩායමෙි අනෙක් සහෝදර රණවිරුවන්ගේ ජිවිත බෙිරා දෙමිනි.

රණබිමෙිදි සිදුකල ඒ වීරෝධාර කැප කිරිම නිසා ලාන්ස් කෝප්‍රල් කේ.වන්දන රණවිරුවාට පරම වීර විභුෂණ පදක්කම පිරිනැමිනී.

ලුතිනන් කර්නල් ඒ.ජේ.එල්. ජයසිංහ-3 වන බල ඇණිය, විශේෂ සේවා බලකාය.

නොවැම්බර් 26  LTTE විරුදින උත්සවය සඳහා පැමිණෙන ත්‍රස්තවාදී නායකයන් විනාශ කිරීමේ අරමුණින් , විශේෂ බලකායේ දිගුදුර මෙහෙයුම් කණ්ඩායම් හෙවත් LRP කණ්ඩායම් නිලධාරී අණදෙන වූ මේජර් J.A.L. ජයසිංහ කුඩා කණ්ඩායමක් සමග සතුරු ආරක්ෂක වලල්ල තුලින් 2008.11.20 දින ඔඩ්ඩුසුඩාන් සතුරු භූමියට රහසේ ඇතුළු විය.

කි.මී 40 ක් පමණ දුරක් සූක්ෂම ලෙස සතුරු භූමියේ ඇතුලට ගමන්කොට මාන්කුලම් – ඔඩ්ඩුසුඩාන් මාර්ගය අසලට ලඟාවී ක්‍රියාන්විත සැලසුම දියත්කරන ලදී.

මේ අතර මේජර් ජයසිංහ හදිසියේ රෝගාතුර විය. සෙසු සගයන් මැද විවේකව සිටියදී කණ්ඩායම දැඩි සතුරු ප්‍රහාරයකට ලක් වූ අතර, මේජර් ජයසිංහ සිය අසනීප තත්ත්වය පසෙකලා සිය කණ්ඩායම සමගින් සතුරාට ප්‍රතිප්‍රහාර එල්ලකරන්නට විය.

සතුරු ප්‍රහාර බලවත් වූ හෙයින් මෙිජර් ජයසිංහ තම කණ්ඩායමේ ආරක්ෂාව වෙනුවෙන් සතුරා අසලටම ගොස් ප්‍රහාරයක් එල්ලකලත්, මේජර් ජයසිංහගේ හිස සොයා ඇදී ආ සතුරු උණ්ඩයකින් ඔහු බරපතල තුවාල ලැබීය.

තම කණ්ඩායමේත්, තම මාතෘභූමියේත් ආරක්ෂාව වෙනුවෙන් සතුරා අසලටම ගොස් සටන් වැද තම ජීවිතය මාතෘභූමියට පූජාකරමින් , තම නාමය ලක් ඉතිහාසයේ රන් අකුරින් ලියවන්නට සමත් විය.
1974 අප්‍රෙල් 29 දින අවිස්සාවේල්ල ,උක්වත්ත සුන්දර ගමක උපත ලද ජයසිංහ අවිස්සාවේල්ල ජනාධිපති විද්‍යාලයෙන් සිප්සතර හැදෑරීය.

පසුව කොළඹ ලුම්බිණි විද්‍යාලයෙන් වැඩිදුර අධ්‍යාපනය ලැබීය.

1997 ජනවාරි 22 කැඩෙට් ශිෂ්‍ය නිලධාරීයකු වශයෙන් ශ්‍රීලංකා යුද හමුදාවට එක්වූ ජයසිංහ , පසුව යුද හමුදා විශේෂ බලකායට එක්වූයේ පාඨමාලා 24 ක් සාර්ථකව හදාරා නිමකරමින්ය.3වන විශේෂ බලකා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීයා වශයෙන් සිටි මේජර් ජයසිංහ මින්නේරිය , දියතලාව , කුඩාඔය , ගණේමුල්ල සටන් පුහුණු පාසැල් වල පුහුණු පාඨමාලා හදාරා ඇත.

2008 ජනවාරි මස විවාපත් වූ මේජර් ලලිත් ජයසිංහ 2008 නොවැම්බර් 26 දින මාතෘභූමියට තම දිවි පුදකරන විට, සදාදර බිරිඳ පස්මස් ගැබිණියකි.

මව්බිමේ ආරක්ෂාව වෙනුවෙන් තම උත්තුංග මෙහෙවර ප්‍රකට කරනු වස්, ජීවිත පරිත්‍යාගය වෙනුවෙන් මේජර් ජයසිංහ , හමුදා නිලදරුවකු වශයෙන් ලැබිය හැකි ඉහලම ගෞරව සම්මානය වන පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබීය.

සැරයන් ඩි.එම්.එස්.චන්ද්‍රසිරි බණ්ඩාර-දෙවන බළඇණිය, විශේෂ සේවා බලකාය.

උපන් ප්‍රදේශය බිබිල මොනරාගල

කොටි ත්‍රස්තයන් 2009 පෙබරවාරි මස 1 වැනිදා මුලතිව් නගරය යලි අල්ලා ගැනීම සදහා දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන ලදි.මුලතිව් නගරය යලි අල්ලා පෙබරවාරි 4 දිනට ඊලාම් කොඩිය එසවීම ත්‍රස්තයන්ගේ අරමුණ විය.එදින දහවල් වෙද්දී සටන ඉතාමත් දරුණු අතට හැරුණු අතර යුදහමුදාපති විසින් සටනට අණ දිම සිදු කරන ලදි.අවසානයේ විශේෂ බළකායද කැදවන ලදි.මේජර් කෝසල විජේකෝන් අනදුන් එකෝ බලඝනයත් ,කපිතාන් ඉන්දික ලියනගේ යටතේ වු බ්‍රාවෝ බලඝනයත් සටනට එක් විය.මෙම කණ්ඩායම් දෙක කොටින්ගේ මරාගෙන මැරෙන ප්‍රහාර වලක්වාලීමට සුදානමින් පුදුකුඩිඉරිප්පු මාර්ගය දෙපස වලවල් හාරා ඒ තුල බැස සුදානමින් සිටියහ.එක්වරම බෝම්බ පිරවු කොටින්ගේ වාහනයක් වේගයන් එන බව ලාන්ස් කෝප්‍රල් චන්ද්‍රසිරි බණ්ඩාරගේ නෙත ගැටිනි.එය හමුදා ඉදිරි ආරක්‍ෂක වලල්ලේ ගැටුනහොත් විරු ජීවිත විශාල ප්‍රමාණයක් විනාශ වන බව ස්ථිර හෙයින් ඔහු මාර්ගය ඉදිරියට පැන තම ජීවිත ගැනවත් නොසිතා තම අත වු ආර්.පී.ජී. අවිය ක්‍රියාත්මක කළත් උණ්ඩය ක්‍රියාත්මක නොවීය.ඔහු තවත් උණ‍්ඩයක් දමා ඉලක්කය ගන්නා විට වාහනයට දුර මීටර් 40 වත් නොවීය.
මෙතරම් ආසන්නයකදී බෝම්බ වාහනය පිපිර වුවහොත් තම ජීවිතයද විනාශ වන බව දැන දැනත් අභිත ලෙස මෙම විරුවා අවිය ක්‍රියාත්මක කලේය.ඉලක්කය සාර්ථක වු අතර සෙබළ ජිවිත විශාල ප්‍රමාණයක් බේරා දි චන්ද්‍රසිරි බණ්ඩාර තම ජිවිතය රට වෙනුවෙන් පුද කරන ලදි.මෙම උදාර විරුවා පරම වීර විභූෂණ පදක්කමින් පිදුම් ලබන ලදී.

මේජර් කේ.ඒ.ගමගේ-පළමුවන බළඇණිය, විශේෂ සේවා බලකාය.

2009 වසරේ අප්‍රේල් මස 19 වෙනිදා රාත්‍රියේදි කොටි ත්‍රස්තවාදින් පවා පුදුමයට පත් කරමින් යුධ මුක්ත කලාපය වටා ඔවුන් ඉදිකර තිබු පස්බැමිම හරහා ගොස් කොටි ත්‍රස්තවාදින්ට අමතක නොවන ප්‍රහාරයක් එල්ල කල කපිතාන් කේ.ඒ.ගමගේ ඇතුළු විශේෂ බලකා කණ්ඩායම යුධ මුක්ත කලාපයේ සිටි අහිංසක සිවිල් වැසියන්ට රජයේ පාලන ප්‍රදේශයන් කරා ඒමට අවස්ථාව උදාකර දුන්නේ ඒ ආකාරයටය.

මෙහිදි අහිංසක දමිල සිවිල් වැසියන් මිනිස් පලිහක් ලෙසින් යොදා ගනිමින් ප්‍රහාර එල්ල කරන කොටි ත්‍රස්තවාදින්ට ඉතා උපක්‍රමශිලිව ප්‍රහාර එල්ල කරමින් සිය කණ්ඩායමෙි සෙසු නිලධාරින්ගෙත්, දමිල වැසියන්ගේ ජිවිත රැසක් බෙිරා ගැනීමට ක්‍රියා කල කපිතාන් කේ.ඒ.ගමගේ (පරම වීර විභුෂණ) කොටි ත්‍රස්තවාදින්ගෙන් එල්ලවු ප්‍රහාර නිසා සිය අවසන් හුස්ම පොද වාතලයට මුසු කලේ ලොව සාර්ථකම මුදාගැනිමෙි මෙහෙයුමට සිය දායකත්වය ලබා දෙමින්ය.



30 Viewers