• Home »
  • Sinhala News »
  • අධිබල පුපුරන ද්‍රව්‍ය තොගයක් මන්නාරමේ – හිටපු කොටි 10ක් අත්අඩංගුවට

අධිබල පුපුරන ද්‍රව්‍ය තොගයක් මන්නාරමේ – හිටපු කොටි 10ක් අත්අඩංගුවට

ත්‍රස්ත ක්‍රියාවලට රැගෙන ආ අධිබල පුපුරන ද්‍රව්‍ය ඇතුළු උපකරණ තොගයක් මන්නාරමින් සොයාගත් බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න අනාවරණය කරයි.

අධිබල පුපුරන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකහමාරක්, ඩෙටනේටර් අනූවක්, රිමෝට් කන්ට්‍රෝල් තුනක් පසුගිය සතියේ මන්නාරමින් අල්ලා ගැනීමට යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකාය සමත්වී ඇත.

පුනරුත්ථාපනය කළ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් උපයෝගී කරගෙන විදෙස් ගත ඊළාම් මතවාදීන් ත්‍රස්තවාදය ඉස්මතු කිරීමට උත්සාහ දරන බවද ආරක්ෂක ලේකම්වරයා කියයි. මේ අනුව ප්‍රංශය ඇතුළු රටවල සිට මෙහෙයවනු ලැබූ එල්.ටී.ටී.ඊ. හිටපු සාමාජිකයන් දසදෙනකු පමණ බුද්ධි අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙය එල්.ටී.ටී.ඊ.ය හිස එසවීමට උත්සහ ගත් දාහතර වැනි අවස්ථාව බවද කියයි.

බුද්ධි අංශ හරිහැටි බලගැන්වූයේ නැතිනම් මේ සාර්ථකත්වය ලබාගන්න බැහැ. පසුගිය රජයේ රණවිරු දඩයමෙන් සන්නද්ධ බුද්ධි බළකායේ අයට හිරේ විලංගුවේ ලගින්න සිද්ධවුණා. සර් ඇයි අපි රට ජාතිය වෙනුවෙන් වැඩ කරන්න ගිහිල්ලා හිරේ විලංගුවේ ලගින්නේ කියලා ඒ අය අපෙන් ඇහුවා.

ජනාධිපතිතුමාගේ දර්ශනය අනුව ජාතික ආරක්ෂාව තහවුරු කළ යුතුයි. ජාතික ආරක්ෂාව සාක්ෂාත් නොකරන තාක්කල් මේ ලෝකයේ තියෙන කිසිදු රටකට දියුණුවක් හිතන්න බැහැයැයිද කොළඹ පැවැති උත්සවයකදී මෙම කරුණු අනාවරණය කරමින් ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පැවසුවේය.



181 Viewers