• Home »
  • Sinhala »
  • අනුරාධපුර දිස්ත්‍රික්කයෙ කිසිම විපක්ෂ මන්ත්‍රී වරයෙක් මරන දඩුවම ලැබුන රණවිරැවගෙ නිවසට තවම ගිහින් නැහැ. කණගාටුයි.

අනුරාධපුර දිස්ත්‍රික්කයෙ කිසිම විපක්ෂ මන්ත්‍රී වරයෙක් මරන දඩුවම ලැබුන රණවිරැවගෙ නිවසට තවම ගිහින් නැහැ. කණගාටුයි.

ගරු මහින්ද රාජපක්ෂ මහතා වෙත,

ගරැ මැතිතුමණි,

මරන දඩුවම ලැබුනු ගලෙන්බිඳුණුවැව බුද්ධි බලකා රණවිරැ කෝප්‍රල් ප්‍රියන්ත රාජකරැණා දැනට පල්ලෙකැලේ බන්ධනාගාරයේ කෑරැ ගනිනවා. අද උදෑසන මම ඔහුගෙ බිරිදට දුරකතනයෙන් කතා කරල ඇහුව අනුරාධපුර දිස්ත්‍රික්කයෙ පාර්ලිමේන්තු මන්ත්‍රී වරැන් කී දෙනෙක් දුක සැප බලන්න ගෙදරට ආවද කියල. ඇයගෙ පිළිතුරෙන් මම දැඩි කමිපනයකට පත් වුනා. ආණ්ඩු පක්ෂයේ හෝ විපක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් කිසිම පාර්ලිමේන්තු , පලාත් සභා මන්ත්‍රී වරයෙක් ඒ ගෙදරට ගිහින් නැහැ. අඩු ගණනෙ ගමෙි පොහොටිටුවෙන් පත්වුනු මන්ත්‍රී වරයා හෝ ඒ ගෙදරට ගිහින් දුක සැප හොයල බලල නැහැ.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී වරැන් බලන්න නාව එකට අපිට හිත හදාගන්න පුලුවන් . හැබැයි ඔබතුමා නායකත්වය දරන ඒකාබද්ධ විපක්ෂයේ හෝ පොදුජන පෙරමුණේ කිසිම මන්ත්‍රී වරයෙකු ඒ ගෙදරට නොයාම අපිට මහත් ගැටලුවක් .

මෙි වන වි⁣ට රණවිරැවගෙ නඩුවට නීතිඥ ගාස්තු සහ දරැ පවුලට ජීවත් වෙන්න ආධාර එකතු කරන වැඩසටහනක් අපි මුහුණු පොත හරහා ආරමිභ කළා. රණවිරැ බිරිද ගෙ ගිණුමි විස්තර පහත දැක්වෙනව.

කරැණාකර එස්. එමි. චන්ද්‍රසේන, සේමසිංහ ඇතුලු අනුරාධපුර දිස්ත්‍රික් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී වරැන් , අනුරාධපුර දිස්ත්‍රික් පලාත් සභා මන්ත්‍රී වරැන් , ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරැන් ඒ ගෙදරට යවල කරන්න පුලුවන් උපකාරයක් කරන්න .

දියණිය දෙසැමිබර් සාමාන්‍ය පෙළ විභාගයට වාඩිවෙනව. පුතා 2019 පලමුවන වසරට පාසලට ඇතුලත් වීමට නියමිතයි.

ඉන්නෙ ඔප්පුවක් රහිත රජයේ ඉඩමක . ගේ ගරා වැටීමට ආසන්නයි.

ආබාධිත රණවිරැවන් , දිවිපිදූ රණවිරැවන්ගෙ යැපෙන්නන්, විශ්‍රාමික රණවිරැවන් මෙන්ම සේවයේ යෙදී සිටින රණවිරැවන් පවා රණවිරැවන් අද පත්වී ඇති ඉරණම පිළිබදව කණගාටු වන බව ඔබට මතක් කරමි.

” මවිබිම වෙනුවෙන් රණවිරැවෝ”



709 Viewers