අනුර නොදන්න යාපනය තිස්ස විහාරයේ ඉතිහාසය…..

“පෝයට සිල් ගන්න ශ්‍රී මහ බෝධීන් වහන්සේ පහු කරලා යාපනයට එනවා. එතන තියෙන්නේ සීලය නෙමෙයි අපේ හාමුදුරුවනේ. එතන තියෙන්නේ වෛරය.”
(අනුර කුමාර දිසානායක)
කොහොමද කතාව? මරුනේ? රටේ බෞද්ධ ඉතිහාසය ගැන කෙස් ගසක් තරම්වත් අවබෝධයක් තියෙන සාමාන්‍ය මනුස්සෙයක්වත් මේ වගේ නින්දිත කතාවක් කියන්නේ නෑ. නමුත් මේ නින්දිත කතාව කියන්නේ රටේ විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක. අනුර කුමාරගේ මේ කතාවෙන්ම පැහැදිලි වෙනවා අනුරට කිසිම දැනුමක්, අවබෝධයක් නෑ ශ්‍රී ලංකාවේ බෞද්ධ ඉතිහාසය ගැන. අපේ රටේ අනන්‍යතාවය තමයි බෞද්ධ ඉතිහාසය සහ බෞද්ධ සංස්කෘතිය. ඒ ගැනවත් කිසිම අවබෝධයක් රටේ විධායක ජනාධිපතිට නෑ කියන්නේ රටේ පුරවැසියන් විදියට සෑම ජාතියක්ම ලැජ්ජාවට පත් වෙන්න ඕන කාරණයක්.
අනුර මේ කතාවෙන් ආයේ කෙලින්ම කියන්නේ යාපනයේ තිස්ස විහාරය ගැන. අනුර ඔය නොකියා කියන්නේ “මේ තිස්ස විහාරයක් රැකගන්න කියාගෙන උඹලා උතුරට එන්න එපා. පාඩුවේ ශ්‍රී මහ බෝධීන් වහන්සේව වැඳලා මාරු වෙයල්ලා, මේවා බෞද්ධ උරුම නෙමෙයි” කියලනේ? ශ්‍රී ලංකාවේ බෞද්ධ ඉතිහාසය ගැන තිස්ස විහාරයේ ඉතිහාසය ගැන මෙලෝ අල බෝලයක්වත් නොදන්න අනුර වගේ කෙනෙක්ට ඔහොම හිතෙන එක සාමාන්‍ය දෙයක් උනාට අපේ රටේ බෞද්ධ ඉතිහාසය ගැන, තිස්ස විහාරයේ ඉතිහාසය ගැන පොඩි හරි දැනුමක් තියෙන රටේ පුරවැසියන් විදියට අපිට වගකීමක් තියෙනවා අපේ උරුමයන්වල තියෙන වටිනාකම ගැන, ඉතිහාසය ගැන අපිට පුලුවන් විදියට ජනතාව දැනුවත් කරන්න.
තිස්ස විහාරය කියන්නේ ඔය එක එකා කියන විදියට ඔහේ අතෑරලා දාලා, විනාශ වෙලා යන්න ඉඩ හැරලා පාඩුවේ බලාගෙන ඉන්න පුලුවන් නිකන්ම නිකන් විහාරයක් නෙමෙයි. තිස්ස විහාරය කියන්නේ ඈත ඉතිහාසයේ ඉඳන් උතුර බෞද්ධ නිජ බිමක් කියලා ඔප්පු කරන්න පුලුවන් වටිනා සාක්ෂි සාධක තිබෙන අවුරුදු 2000-2300ක් වගේ ඉතාමත්ම පැරණි බෞද්ධ විහාරයක්. අද ඔය එක එකා කියනවානේ “උතුර අහවල් අයගේ නිජ බිමක්” කියලා? නමුත් තිස්ස විහාරයෙන් ඔප්පු වෙනවා ඒක එහෙම නෙමෙයි උතුරු පලාත කියන්නෙත් බෞද්ධ උරුමයන් තිබෙන බෞද්ධ නිජ බිමක් කියන එක. මෙන්න මේ වටිනා සාක්ෂිය රැක ගන්න බලාගෙන තමයි ශ්‍රී මහ බෝධීන් වහන්සේවත් පහු කරගෙන බෞද්ධයින් තිස්ස විහාරයට යන්නේ. නැතුව වෛරය වපුරන්න නෙමෙයි.
අද යාපනයේ බහුලව හින්දු සංස්කෘතියන් දැක ගන්න පුලුවන්කම ලැබුනත් තිස්ස විහාරයේ ඉතිහාසය අනුරාධපුර යුගය දක්වා ඉතාමත්ම පරණයි. යාපනය අර්ධද්වීපයේ තිබිච්ච බෞද්ධ විහාර ජාලයක කොටසක් විදියටයි තිස්ස විහාරය හඳුනාගෙන තිබෙන්නේ. තිස්ස විහාර භූමියෙන් සොයා ගත් පැරණි ගල් ව්‍යූහ, බෞද්ධ සංකේත, ගොඩනැගිලිවල නටඹුන් වලින් පුරාවිද්‍යාඥ්‍යයින්ට තහවුරු කර ගන්න පුලුවන් වෙලා තිබෙනවා උතුරු පලාත කියන්නේ අතීතයේ බෞද්ධ ජනාවාස පැවැතිච්ච පලාතක් කියන එකත්. ඒ වගේම උතුරු පලාතේ බෞද්ධ ඉතිහාසය තහවුරු කරන ප්‍රධානම සාක්ෂියන් තමයි නාගදීපය, කදුරුගොඩ විහාරය සහ තිස්ස විහාරය. මහාවංශය, චූලවංශය වගේ ඉතිහාස ග්‍රන්ථවල පවා උතුරේ බෞද්ධ විහාර ජාලය ගැන ඉතාම පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා. ඉතිහාස ග්‍රන්ථයන්වලට සඳහන් දේවල්වලටත් එහා ගිහින් පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවත් සාක්ෂි සාධක ඇතුව තහවුරු කරලා තියෙනවා තිස්ස විහාරයට අවුරුදු 2000-2300ක් තරම් පැරණි ඉතිහාසයක් තිබෙනවා කියලා.
ඒ විතරක් නෙමෙයි පෘතුගීසි, ඕලන්ද ඉතිහාස වාර්තාවලට අනුව සඳහන් වෙනවා ඔවුන් ශ්‍රී ලංකාවට එද්දිත් යාපනයේ බෞද්ධ සිද්ධස්ථානවල නටඹුන් තිබුනාය, ඒවායින් බොහෝ බෞද්ධ සිද්ධස්ථාන විනාශයට පත් වෙලා තිබුනා වගේම තවත් බෞද්ධ සිද්ධස්ථාන වෙනත් ආගමික සිද්ධස්ථානයන් බවට වෙනස් කර තිබුනාය කියලා.
මේ වගේ ඉතිහාසගත වටිනා තිස්ස විහාරය ආරක්ෂා කර ගන්න උත්සාහ කරන එකටද වෛරය වපුරනවා කියලා කියන්නේ? වෛරය වපුරනවා කියන්නේ අනුන්ගේ දෙයක් බලෙන් තමන්ගේ කර ගන්න දඟලන එකට මිසක්, තමන්ගේ දෙයක් ආරක්ෂා කර ගන්න උත්සාහ කරන එකට නෙමෙයි. මේ වගේ දෙයක්වත් තේරෙන්නේ නැති, රටේ බෞද්ධ ඉතිහාසයන් ගැන කිසිම දැනුමක් නැති පාලකයෝනම් පොල් පිත්තෙන් හරි කපා ගන්න පුලුවන්.
උතුරට ගිහින් තෛපොංගල් සමරලා, ඩයස්පෝරාවේ හිත් සතුටු කරලා පට්ට විදියට චූන් වෙලා එක එකාව සතුටු කරන්න බලාගෙන ලොවෙත් නැති කෙබරවල් අතෑරලා රටේ බෞද්ධ ඉතිහාසයන් විකෘති කරලා, උතුරේ ජනතාව මාරම අහිංසකයි, දකුණේ උන් තමයි වෛරය වපුරන්නේ වගේ ලොවෙත් නැති කෙබර කෙලියා කියලා ඇත්ත වහන්නත් බෑ රටේ ඉතිහාසය මකන්නත් බෑ. අපේ රටේ උරුමයන් ආරක්ෂා කර ගන්න එක රටේ හැම පුරවැසියෙක්ගේම වගකීමක්. මොකද රටක ප්‍රෞඩත්වය තියෙන්නේ රටේ ඉතිහාසය මතයි. තමන්ගේ රටේ ඉතිහාසය ආරක්ෂා කරන්න උත්සාහ කරන මිනිසුන්ට එක එක නින්දිත කතා කියවන්න කලින් රටේ බෞද්ධ ඉතිහාසය ගැන පොඩ්ඩක් හදාරලා ආවනම් හොඳයි.
7 Viewers





