අරගලයේ යටි අරමුණ
මිලියනයෙ උද්ඝෝෂණය ගැන වෙන ම කතා කරන්න ඕන. ඒත් සිද්ධි ගලා ගෙන යෑමේ වේගය අනුව එයට ඉඩක් ලැබේවි ද දන්නෙ නැහැ. බැලූ බැල්මට ම එය සිංහල බෞද්ධ විරෝධීන් මෙහෙයවපු එකක් බව පේන්න තිබුණා. මුස්ලිමුන් තොග ගණනෙ ඇවිත් යාඥා කළා. කතෝලික පූජකතුමන්ලා හිටියා. ජාතික කොඩිත් තිබුණා. ඒක හොඳයි. බෝන් අගේන් කලාකරුවන් ක්‍රිකට් ක්‍රීඩකයන් හා ඉංගිරිසි කියමනක් අනුව ඔවුන්ගෙ වඩා හොඳ අඩවල් (better halves) හිටියා. පොඩි බිග් මැච් ගතියකුත් තිබුණා.
එහි සිංහල බෞද්ධ තරුණ තරුණියන් ඉන්න ඇති. ඔවුන් සිංහල බෞද්ධ පවුල්වල ඉපදුණාට 87-90 කාලය ගැන තබා 2009ට පෙර කාලය ගැනවත් එතරම් හැඟීමක් නැති අය. එවැනි එක් අයකු මගෙන් අහල තිබුණ මහින්දගෙයි ගෝඨාභයගෙයි ඇති අනෙක් අයට නැති ජාතිකත්වය මොකක් ද කියල. එක් වාක්‍යයකින් කියනව නම් දෙමළ ත්‍රස්තවාදය නන්දිකඩාල් හි පරාජය කිරීම. චන්ද්‍රිකා රනිල් ආදීන් නෝර්වේ තානාපති කාර්යාලයට අවශ්‍ය අන්දමට ප්‍රභාකරන් සමග ගිවිසුම් අත්සන් කර තිබිය දී මහින්ද හා ගෝඨාභය රාජපක්‍ෂලා සරත් ෆොන්සේකා ද සමග කොටි පරාජය කළා. ඒත් ඒ සරත් පසුව වෙන සරත් කෙනකු බවට පත් වුණා.
අද මුස්ලිමුන් පාස්කු ප්‍රහාරය ගැන අමුතු කතා කියනවා. කාදිනල්තුමාත් හොඳ කතා කියනවා. ඒ කතා අපි පසුව විශ්ලේෂණය කරමු. අද බෝන් අගේන් කට්ටිය බෞද්ධයනට විරුද්ධව කතෝලිකයන් සමග එකතු වෙලා ද? නන්දිකඩාල් පරාජය ඉංගිරිසින්ට කොතරම් රිදිල ද කියන එක මේ සියල්ලෙන් තේරෙනවා. ඉංගිරිසින් තමන් විරුද්ධ ඉම්රාන් ඉවත් කරලා. ඔවුන් යහපාලනය දිනෙව්ව.
ඒ මෛත්‍රිපාල අරගෙන. පස්සෙ ජාතික කඳවරුට පුළුවන් වුණා දින පනස්දෙකේ ආණ්ඩුව පිහිටුවන්න. ඒත් බටහිර තානාපතිලගෙ ආශිර්වාදයෙන් ඒ විශ්වාසභංගයකින් පරාජය කළා. ජාතික කඳවුර ගෝඨාභය සිංහල ඡන්දවලින පමණක් දිනෙව්ව. අද ඔවුන්ට ගෝඨාභය ගෙදර යවන්න අවශ්‍ය වෙලා. බැසිල් එක්ක තියෙන තරහට එකොළහ නැවතත් යහපාලන මගේ යන්න හදනවා ද?
43 Viewers





