අවස්ථාවදී ද්‍රෝහියෝ

ඊයේ පාර්ලිමේන්තු බටලන්ද විවාදයේදී රජයේ ප්‍රබලම නායකයෙකුගේ කතාව ඇහුවම ඇත්තටම හදවතට දැනුනේ පුදුමාකාර කම්පාවක්..

අපි ගැන නෙවෙයි අපේ ජීවිත බේරලා,
අපිට මරණ බයෙන් තොරව ජීවත් වෙන රටක් ඉතුරු කරන්න,
තමන්ගේ ජීවිත පූජා කරපු ,
කැප කරපු ,
ආබාධිත වෙච්ච,
අපේ රණවිරුවෝ ගැන…

ඒ නායකයාගේ කතාවේදී ඔහු කියනවා “බටලන්ද ගැන කොහොමද හැඟීමක් එන්නේ, අර කිලිනොච්චියේ ,
භාරතීපුරම් වල,
නන්දිකඩාල් කලපුවේ ,
දහස් ගණනක් නමක් කමක් නැති අහිංසක දෙමළ මිනිස්සු මරලා දාපු අයට” කියලා..

අපේ සන්නද්ධ හමුදාවන්ට යුධ අපරාධ එල්ල කරන එල්.ටී.ටී.ඊ. හිතවාදීන්ට මෙරට උත්තරීතර පාර්ලිමේන්තුව ඇතුලේ රජයේ නායකයෙක් විසින්ම සාක්ෂි සපයන කතා කියනවා…

හැබැයි ඇත්තටම අපේ හමුදාව වගේ අහිංසක දෙමළ මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා කරන්න මෙහෙයුමක් කරපු හමුදාවක් ලෝකයේ කිසිම රටක කවරදාවකමත් ඉන්නේ නැතිව ඇති කියලා මට හිතෙනවා…

ඔබ දන්නවා අවසාන සටනේ අවසාන දින කිහිපය වෙන විට ප්‍රභාකරන් ඔහුගේ ප්‍රබලම ආරක්ෂක කණ්ඩායම සමග වර්ග කිලෝමීටර භාගයක වගේ පොඩි ඉඩකඩකට කොටුවෙලා හිටියේ..

ඒ අවස්ථාවේ ඔහු ඔහුගේ ආරක්ෂතාවට අහිංසක දෙමළ වැසියෝ දහස් ගණනක් පිටත් වෙන්න නොදී රඳවගෙන හිටියා..

ඔබ මතකට හිතන්න,
දැනට හමාස් සංවිධානයේ නායකයෙක් ජනාකීර්ණ නගරයක ගොඩනැගිල්ලක ඉන්නවා කියලා ඊශ්‍රායලයට ඇමරිකා එක්සත් ජනපදයට තොරතුරක් ලැබුණොත් ඔවුන් එම එක නායකයා වෙනුවෙන් අර මුළු ගොඩනැගිල්ලම බිමට සමතලා කරන්න දෙසරයක් හිතන්නේ නෑ. ..
ඒකෙ ඉන්න අහිංසක මිනිස්සු ගේ ජීවිත ගැන මොහොතකටවත් හිතන්නේ නෑ..

ඔබට දැනටම පේනවා ලෙබනනයේ පලස්තීනයේ හමාස් ඉලක්කවලට එල්ල කරන ප්‍රහාර වලින් ලදරු රෝහල්වල ,
පිළිකා රෝහල්වල රෝගීන් සිය ගණනින් ඝාතනය වෙන හැටි…

ඒ රටවල් යුද්ධ කරන්නේ එහෙම..

හැබැයි එදා ප්‍රභාකරන් වටේ ඔහුගේ ආරක්ෂාවට බලහත්කාරයෙන් කොටු කරගෙන සිට අහිංසක දෙමළ වැසියන්ගේ ජීවිත ආරක්ෂා කරන්න ඕන නිසා අපේ හමුදාව ඊට වඩා හාත්පසින්ම වෙනස් මෙහෙයුමක් එදා කරේ..

බර අවි ප්‍රහාරයක් එල්ල කරලා තමන්ට කිසිදු හානියක් නොවන විදියට ප්‍රභාකරන් ඇතුළු මුළු කණ්ඩායමම විනාශ කරන්න අපේ හමුදාවට පුළුවන්කම තිබුණා..

හැබැයි අහිංසක දෙමළ වැසියන්ගේ ජීවිත වලට හානි වෙන නිසා ඔවුන් බර අවි ප්‍රහාරවලින් වැළකිලා සුළු අවිවලින් අවසාන සටන කරන්න පටන් ගත්තා..

ඒකෙ ප්‍රතිඵලය වුණේ. ජයග්‍රහණය පෙනි පෙනී තිබුණු අවසන් දින කිහිපයේදී අපේ සෙබළු සිය ගණනකට මාතෘ භූමිය වෙනුවෙන් ජීවිතය පූජා කරන්න සිද්ධ වෙච්ච එක..

ඔවුන් ජීවිත පූජා කළේ මාතෘ භූමිය රුදුරුත් ත්‍රස්තවාදයකින් නිදහස් කරගන්න වෙනුවෙන් විතරක් නෙවෙයි.,
අර අහිංසක ද්‍රවිඩ මිනිස්සුන්ගේ ජීවිත වෙනුවෙන් කියන එක මේ නායකයන්ට අමතක වෙලා තියෙන හැටි දැක්කම පුදුම කලකිරීමක් ඇතිවෙනවා..

අවසානයේ එම අහිංසක වැසියන් එල්ටීටීඊ ග්‍රහණයෙන් මිදිලා හමුදා රැකවරණය කරා එනකොට ඒ අස්සෙ ආපු මරාගෙන මැරෙන ත්‍රස්තවාදියෝ ඒ අහිංසක දෙමළ වැසියන්ට කෑම බෙදපින් හිටපු අපේ හමුදා සෙබලු සෙබළියෝ ඝාතනය කරා..

එහෙම කරද්දී අපේ සෙබලු ඒ මානුෂික මෙහෙයුම නවත්වන්නේ නැතුව ඒ විදිහටම කරගෙන ගියා..

කෑම මදි උනානං තමන්ගෙ කෑම පත එම ද්‍රවිඩ වැසියන්ට පරිත්‍යාග කරා..

වෙඩි වේදිලා තුවාල වෙලා ආපු එල්ටීටීඊ සාමාජික සාමාජිකාවන්ට ප්‍රතිකාර කරලා ඔවුන්ගේ ජීවිත බේරගත්තා..

එල්ටීටීඊ ග්‍රහණයෙන් පලා එන වයසක අම්මල තාත්තලා කුඩා දරුවෝ අත් දෙකට උස්සගෙන අරගෙන එන හමුදා සෙබළු දැක්කා..

ඔවුන් උස්සගෙන ඇවිත් ප්‍රතිකාර කරන හමුදා සෙබලියෝ දැක්කා…

මේවා අප හදලා කියන කතා නෙවෙයි..
ඒ යුද බිමේ වෙච්ච අහදන්න බැරි තරමේ මානුෂිකත්වයකින් කටයුතු කරපු අපේ සන්නද්ධ හමුදාව විශිෂ්ට මානුෂිකත්වය..

සමහරවිට තමන්ට බලයට එන්න විදෙස් රටවල සිටිය එල්ටීටී හිතවාදීන් උදව් කරන්න ඇති..

හැබැයි ඒවට කෙළෙහි ගුණ දක්වන්න, තමන්ගේ ජීවිත පරිදුවට තබලා,
අපේ මාතෘ භූමියත්,
අහිංසක දෙමළ මිනිසුන්ගේ ජීවිතත්,
ආරක්ෂා කරගන්න කටයුතු කරපු,
ජීවිත පූජා කරපු,
ආබාධිත වූ ,
විරෝධාර හමුදාවේ සෙබළුන් සෙබළියන් යුධ අපරාධ කරපු මිනීමරුවන් විදියට හඳුන්වන්න තරම් පහත් තත්ත්වයට මේ මිනිස්සු වැටෙන එක ගැන දැනෙන්නේ පුදුමාකාර කම්පාවක්…

මම හිතන්නෙ නෑ ලෝකේ කිසිම රටක පාලනයක් තමන්ගේ මාතෘ භූමිය ආරක්ෂා කරගන්න කැප වෙච්ච මිනිස්සු ටිකක් මේ විදියේ අවමානයකට අසාධාරණයකට ලක් කරාවි කියලා…

ලාල් ද අල්විස්



10 Viewers