අසරණ බෞද්ධයා නඟා සිටුවීම වෙනුවෙන්වූ ජාතික මෙහෙවර…
චතුර පමුණුව
(Courtesy The Diwaina)
ලොකුසතු හේවා මෙත්තානන්ද මහතා මෙරට බෞද්ධ පුනරුදයේ ප‍්‍රමුඛයෙක් ලෙස අවිවාදයෙන් පිළිගත යුතුය. සිංහල ජාතික ව්‍යාපාරයේ මෙත්තානන්ද පරිච්ෙඡ්දය වෙනම ලියවී ඇත. බෞද්ධ විරෝධීන් මේ යුග පුරුෂයාට නිග‍්‍රහ කළද සැබැවින්ම මෙත්තානන්ද මහතා සිදු කළේ අසරණ බෞද්ධයා නඟා සිටුවීම වෙනුවෙන් වූ ජාතික මෙහෙවරයි.
මෙත්තානන්ද මහතාගේ මූලිකත්වය යටතේ බෞද්ධ ජාතික බලවේගය තුළින් මෙරටේ බෞද්ධයන්ගේ අයිතිවාසිකම් මොනවාද යන්න පැහැදිලිව රටට එළිදැක්වීය. 56 ජයග‍්‍රහණය සඳහා හේතු වූ ‘‘බෞද්ධ තොරතුරු කොමිෂන් සභා වාර්තාව’’ පිටුපස සිටි ප‍්‍රබලයා වූයේ එල්. එච්. මෙත්තානන්ද මහතාය. 1956 පෙබරවාරි 04 වැනිදා ජාතියට ඉදිරිපත් කරන ලද බෞද්ධ තොරතුරු පරීක්ෂණ සභා වාර්තාවේ බෞද්ධ අධ්‍යාපනය නමැති පරිච්ෙඡ්දය ලියන ලද්දේ මෙත්තානන්ද මහතා විසිනි. ඇත්තෙන්ම 56 දී බමුණු කුලය බිඳවැටී පංච මහා බලවේගය ප‍්‍රමුඛ කරගත් ආණ්ඩුව පිහිටුවීමට හැකි වූයේ බෞද්ධ තොරතුරු පරීක්ෂණ සභා වාර්තාවේ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීමට බණ්ඩාරනායක මහතාගේ නායකත්වයෙන් පැවැති මහජන එක්සත් පෙරමුණ ලබාදුන් ප‍්‍රතිඥාවයි. මේ නිසා සිංහල බෞද්ධයෝ මහජන එක්සත් පෙරමුණට සිය ඡුන්දය ලබාදීමට නොපැකිළ වූහ. මෙම කොමිසම 1955 දී පත් කළේ බෞද්ධ මහා සම්මේලනය විසිනි. එම කොමිෂන් සභා වාර්තාව එළිදක්වන අවස්ථාවට සියලූ පක්ෂවලට ආරාධනා කළත් එය පිළිගත්තේ මහජන එක්සත් පෙරමුණ පමණයි. ඒ අනුවම ඒ කාලයේ බෞද්ධ විරෝධී වැඩපිළිවෙළ කොතරම් ප‍්‍රමුඛව ක‍්‍රියාත්මක වූවාදැයි යන්න හොඳින් වැටහේ.
නාලන්ද විද්‍යාලයේ පළමු විදුහල්පතිසේම කොළඹ ආනන්ද විද්‍යාලයේත් විදුහල්පති තනතුර හෙබවූ එල්. එච්. මෙත්තානන්ද මහතා බෞද්ධ ජාතික බලවේගයේ නියමුවා ලෙස බෞද්ධ සිසුන්ට සිදුවී ඇති අසාධාරණයට එරෙහිව සටනක් ආරම්භ කළේය. මේ බැව් එතුමන් විසින් ලියන ලද ‘‘කැතලික් ඇක්ෂන්” (Catholic Action) නම් ලියවිල්ල මගින් ද හෙළිදරවු කෙරිණි එතුමා බෞද්ධයන්ට කරුණු කියා දීම සඳහා ‘‘බෞද්ධ ප‍්‍රචාරක සභා” නමින් සංවිධානයක් පිහිටුවා එම සංවිධානයෙන් කුඩා ප‍්‍රමාණයේ පුවත්පත් දෙකක් ප‍්‍රකාශයට පත් කිරීමටද කටයුතු කළේය. එයින් එක පුවත්පතක් සිංහල භාෂාවෙන්, ‘‘බෞද්ධ පෙරමුණ” නමින් පළ කළ අතර අනෙක ඉංග‍්‍රීසියෙන් ‘‘බුඩිස් ඔපිනියන්” නමින් පළකරනු ලැබීය. මේ සියල්ල සංවිධානය කෙරුණේ බෞද්ධ ජාතික ව්‍යාපාරයේ ජයග‍්‍රහණ වෙනුවෙනි.
421 Viewers