• Home »
  • Sinhala News »
  • ආක්‍රමණික කොඩියක් යට ‘දෙමළ ජනතාවට සටනට එන්න බෑ’

ආක්‍රමණික කොඩියක් යට ‘දෙමළ ජනතාවට සටනට එන්න බෑ’

රාජපක්‍ෂ ආණ්ඩුව විසින් ජාතිවාදය හා ආගම්වාදය වැපිරීමට යොදා ගත් සිංහ කොඩිය යටතේ එක්ව සටන් කිරීමට දෙමළ ජනතාවට අසීරු බව උතුරේ දේශපාලනඥයකු අවධාරණය කර තිබේ.

”අපිට සිංහ කොඩිය ගැන පිළිකුලක් නැහැ. ඒත් ඒක පාවිච්චි කරන විදිහ ගැන තමයි අපිට කණගාටුව තියෙන්නේ. ආණ්ඩුව මේ සිංහ කොඩිය යොදා ගෙන තමයි ජාතිවාදය ආගම්වාදය පතුරුවමින් ඉන්නේ,”යැයි උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී සභා කුගදාස් පවසයි.

මන්නාරම් දුපතේ මාධ්‍යවේදීන් අමතා ඔහු කියා සිටියේ සිංහ ධජ රැගෙන රාජපක්‍ෂ ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණයේ යෙදෙන දකුණේ අරගලකරුවන් සමග එක්ව සටන් කිරීමට උතුරු නැගෙනහිර දෙමළ ජනයාට නොහැකි බවයි.

”සිංහ කොඩිය අපිට පේන්නේ ආක්‍රමණික කොඩියක් විදිහටයි. අපේ ඉඩම් අත්පත් කරගන්න, අපේ දේශය අත්පත් කර ගත්තු දෙයක් විදිහටයි.”

”රටේ ජිවත් වෙන හැමෝටම ආර්ථික ප්‍රශ්න තියෙනවා. ඒවාට එරෙහිව හඬ නගන්න ඕනෑ.”

 

FB IMG 1613560246881 1

හිටපු මන්ත්‍රී සභා කුගදාස්

 

උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී කුගදාස් පවසන්නේ මෙරට ජාතියක් ලෙස ජීවත්වෙන දෙමළ ජනයාට සමාන ලෙස සැලකීමට මෙතෙක් ආණ්ඩු කළ කිසිදු සිංහල නායකයෙකු ඉදිරිපත්ව නොමැති බවයි.

”දෙමළ ජනතාව කෙතරම් ඉල්ලීම් කළත් සම අයිතීන් ලබා දෙන්නේ නැහැ මේ පාලකයෝ. සිංහල ජනයා සමග එකට සටන් කරන්න නම් ඔවුන් පළමුව දෙමළ ජනයාට සිදුව තියෙන අසාධාරණය තේරුම් ගෙන පිළිගන්න ඕනෑ. සම අයිතිවාසිකම් ව්‍යවස්ථාවෙන් තහවුරු කරන තෙක් මේ රට ගොඩ නගන්න බැහැ.”

.

 



42 Viewers