• Home »
  • Sinhala »
  • ආචාර්ය දසරත් ජයසූරිය සභාපති ‘ස්පර්‘ මාධ්‍යය නිවේදනය – ජනවාරි 2019

ආචාර්ය දසරත් ජයසූරිය සභාපති ‘ස්පර්‘ මාධ්‍යය නිවේදනය – ජනවාරි 2019

ශ්‍රී ලoකා ‘ඔරුමිත්ත නාඩුව’ – යෝජිත ව්‍යවස්ථාව හඳුන්වාදෙන මැඩපැවැත්විය නොහැකි ෆෙඩරල් රාජ්‍යය

ශ්‍රී ලoකාවේ සාමය, ඒකීය භාවය සහ මානව අයිතීන් රැකීම උදෙසා, දැනට අවුරුදු විස්සකට අධික කාලයක් ඕස්ට්‍රේලියාවේ සිට කටයුතු කරනු ලබන, දේශහිතෛශී ශ්‍රී ලාoකිකයින්ගෙන් සැදුම්ලත් ‘ස්පර්’ නමින් හදුන්වන අප සoවිධානය, ශ්‍රී ලoකාව තුල හා ඉන් පිටත සැදුම්ලත් එවන් ජාතික සoවිධාන සමග එක්ව, මෑතකදී අගමැති රනිල් වික්‍රමසිoහ මහතා විසින් ව්‍යවස්ථාධායක සභාවට ඉදිරිපත්කරනලද, මුළුමනින්ම රටට අහිතකර, ව්‍යවස්ථා සoශෝධන තරයේ ප්‍රතික්ශේප කරයි.

නව ව්‍යවස්ථා නිර්දේශ මගින්, රාජ්‍ය ව්‍යුහය ‘ඒකීය’ බවට ප්‍රකාශ කරමින් වත්මන් ව්‍යවස්ථා වේ ඉoග්‍රීසි පිටපතේ ඇති, අන්තර්ජාතික ලෙස පිළිගැනෙන සාම්ප්‍රදායික නිශ්චිත අර්ථයක් ඇති ‘යුනිටරි’ සහ දෙමළ පිටපතේ ඇති ‘ඒකීය රාජ්‍යය ‘ පදයට සම අරුත් ඇති ‘ඔට්ට්‍රිඅච්චි’ පදයන් ඉවත්කොට ‘එක්සත් රාජ්‍යය ‘ (ෆෙඩරල්) අරුත දෙන ‘ඔරුමිත්ත නාඩු’ යන පදය, ඉතාමත් කූට අන්දමින්, ඉoග්‍රීසි සහ සිoහල පිටපත්වලට පවා ඇතුළත් කරඇත.

නව ව්‍යවස්ථා නිර්දේශ මගින්, මෙතෙක් පළාත් සභාවලට නොවූ රාජ්‍ය ඉඩම් හා මූල්‍ය කටයුතු ඇතුලත්, විධායක හා නීති සම්පාදක බලතල රාශියක් පැවරේ. වත්මන් සමගාමී ලැයිස්තුව ඉවත්කිරීම හෝ සීමාකිරීම හා සoවෘත ලැයිස්තුවේ විෂයයන් සීමා කෙරේ.

ශ්‍රී ලoකා පොලීසිය, ජාතික සහ පළාත් වශයෙන් බෙදා ඇති අතර එක් එක් පළාතට වෙන්වූ පොලීසි පවත්වා ගෙන යෑමට විධිවිධාන සැලසේ. ඵමගින් ත්‍රස්තවාදී කටයුතු, මත්ද්‍රව්‍ය ජාවාරම් හා සoවිධානාත්මක මහා පරිමාණයේ අපරාධ වැනි දෑ පිළිබඳ මෙහෙයුම් කටයුතු අවහිර කෙරේ. තවද, බෙදුම්වාදී නායකයින්ට තම පළාත්බද පොලීසිය දිවයිනේ අනෙකුත් සන්නද්ධ සේවාවන්ට එරෙහිවීම දක්වා, තමන්ගේ අරමුණු වෙනුවෙන් අයතා අන්දමට යොදවා ගැනීමට මගපෑදේ.

ශ්‍රී ලoකාවේ සමස්ත ජනතාවගේ අනුමැතියකින් තොරව, උතුරු හා නැගෙනහිර පළාත්වාසීන්ගේ එකඟතාවය පමණක් ලබාගෙන එම පළාත් ඒකාබද්ධ කොට බෙදුම්වාදීන්ගේ දෙමළ නිජබිම් සoකල්පය නීතිගත කිරීමට ඉඩකඩ සැලසේ.

ප්‍රධාන වශයෙන් පළාත්බද නියෝජිතයෙන්ගෙන් සමන්විත (80% ට වැඩි), එහෙත් නිශේධ බලය මධ්‍යම ව්‍යවස්ථාදායකයට යෙදවිය හැකි දෙවන මන්ත්‍රණ සභාවක් මගින් රටේ ඒකීයභාවය තවදුරටත් දියාරු කෙරේ. රටේ ආරකෂාව ඇතුළු පැවැත්මට අදාල අනපනත් සම්මත කරගැනීමේදී පක්ෂග්‍රාහී, විශේෂයෙන්ම වාර්ගික බෙදුම්වාදී නියෝජනය වැඩිවීම හේතුවෙන් මධ්‍යම ව්‍යවස්ථාදායකයේ ක්‍රියාවලිය අක්‍රිය වීමට උවද ඉඩ තිබේ.

වත්මන් ව්‍යවස්ථාව අනුව, විධායක ජනාධිපති මුළු රටේම ජනතාව විසින් (ජාති, ආගම් හෝ එවන් උවමනාවලින් තොරව) තෝරා පත්කෙරේ. එසේ පත්කෙරෙන ජනාධිපති, දිවයින පුරා ‘ජනතා පරමාධිපත්‍යය’ පවත්වා ගැනීමේදී, පළාත්සභාවලට ඉහලින්, පළාත් ආණ්ඩුකාරවරුන් හරහා තම විධායක බලය ක්‍රියාත්මක කිරීම තුලින් වත්මන් 13වන සo ශෝ ධනයේ බෙදුම්වාදී ලක්ෂණ වලකාලීමට හැකිව ඇත. මෑතකදී සිට බලඅරගල උදෙසා පාර්ලිමේන්තුව තුල හා ඉන්පිටත සිදුවෙමින් පවත්නා දෙශපාලන මෙහෙයුම්, මූල්‍ය අක්‍රමිකථා හා විදේශ බලපෑම් හා සැසදීමේදී, නිර්දේශකර ඇති පරිදි, නාමික ජනාධිපතිවරයෙකු වුවද, මන්ත්‍රණ සභාවල මන්ත්‍රීන්ගේ ඡන්දයෙන් තෝරා පත්කරගැනම කිසිසේත්ම සිදුනොකල යුතුවේ.

නව ව්‍යවස්ථා නිර්දේශ මගින්, පළාත්සභාවලට ඉහලින් නියෝගදීමේ හැකියාව ඇති විධායක ජනාධිපති දුරය අහෝසිවී පළාත්සභාවල විධායක බලය ප්‍රධාන ඇමතිට සහ ඔහුගේ ඇමති මණ්ඩලයට හිමිවී පළාත් ආණ්ඩුකාරවරයා පළාත් අමාත්‍ය මණ්ඩලයේ උපදෙස් මත ක්‍රියාකරන්නෙක් බවට පත්වේ. සවිමත් මධ්‍යම රජයක් හා විධායක ජනාධිපති පාලන ක්‍රමයක් ශ්‍රී ලoකාවේ වූ හෙයින්, තිස්වසරක බෙදුම්වාදී ත්‍රස්තවාදය පරදවා උතුරු-නැගෙනහිර පළාත් ත්‍රස්තවාදීන්ගේ පාලනයෙන් මුදවා ගැනීමටත්, වරක් තාවකාලිකව එක්කර සෑදූ උතුර-නැගෙනහිර පළාත්සභාව, එම සභාවට තේරීපත්වූ පළමුවෙනි මහඇමති වර්දරාජා පෙරුමාල්, එම පළාත් නිදහස් රාජ්‍යයක් බවට ඒකපාක්ෂික ප්‍රකාශයක් කර වෙන්කර ලීමට ගත් උත්සහය නතර කිරීමටත් හැකිවූ බැව් අප අමතක කලයුතු නොවේ.

මහත් පැටළිලි සහිත යෝජිත මැතිවරණ ක්‍රියාවලිය තුලින් නියම ජනතා නියෝජනයක් සිදුනොවනු පෙනේ. පළාත්බද නියෝජිතයෙන්ගෙන් සමන්විත දෙවන මන්ත්‍රණ සභාවක් පිහිටුවීමෙන් ඉසිලීමට සිදුවන මූල්‍ය බරට අමතරව, උතුරු පළාතට පමණක් නියමිත ආසන ප්‍රමාණයට වැඩි සoඛ්‍යාවක් ලබාදීම මගින් බෙදුම්වාදීන් පිනවීමට ගන්නා උත්සාහය මැනවින් පෙනීයයි.

බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදිය යුතු බවට වත්මන් ව්‍යවස්ථාවේ සඳහන් 9වන වගන්තිය, කපටි අන්දමින් වෙනස් කොට, අනෙකුත් ආගම්ද ‘වෙන්කොට සැලකීමෙන් තොරව’ යන වචන යොදා, බුද්ධාගමට ලබාදී ඇති ප්‍රමුඛස්ථානය අහිමි කර ඇත.

මීට අමතරව වත්මන් ව්‍යවස්ථාවේ තිබෙන, රට දෙකඩ කිරීමට විරුද්ධ, ශ්‍රී ලoකා වේ දේශ සීමව, ජාතික ගීය හා අදාල වගන්ති දුර්වල, අකර්මණ්‍ය හෝ වෙනස් කිරීමට යෝජනාවේ. මූලික අයිතිවාසිකම් පිළිබඳ පරිච්ඡේදයටද, අන්‍යාගමිකකරණය, සමලිoගික ක්‍රියා නීතිගත කිරීම හා විදේශිකයිනට පුරවැසිභාවය ලබාදීම ආදී බරපතළ සoශෝධන ගණනාවක් කිරීමට යෝජනා වී තිබේ.

යෝජිත ව්‍යවස්ථා නිර්දේශ වලට එරෙහිව කිසිදු අදහස් දැක්වීමක් හෝ විකල්ප යෝජනාවක් හෝ නොකිරීමෙන් එක්සත් ජාතික පක්ෂය, එම පක්ෂයේ සම්පූර්ණ අනුමැතිය පෙන්වා තිබේ. තවද එම යෝජනාවලට දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලoකා රාඡ්‍යය දුර්වල කිරීමට බලා සිටින විදේශ බලවේග මත යැපෙන රාඡ්‍ය නොවන ආයතන ආදීන් තම සහයෝගය පෙන්වා ඇත. වාසනාවකට, මොවුන්ගේ කූට අරමුණු පිළිබඳව දේශහිමාමක ජාතික සoවිධාන, විද්වතුන් සහ මහා සoඝරත්නය වසින් ජනතාව දැනුවත් කරමින් සිටී.

දැනට වර්ෂ තුන හමාරකට පෙර තේරී පත්වූ වත්මන් පාර්ලිමේන්තුවේ සoයුතිය තවදුරටත් රටේ ජනතා අභිලාෂයන් නිරූපනය නොවන බව ‘ස්පර්’ සoවිධානය තරයේ විස්වාශ කරයි. වත්මන් වික්‍රමසිoහ පාලනය තවදුරටත් රැඳී පවතින්නේ දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ මත බැව් නොරහසකි. පසුගිය 2018 පෙබරවාරි මස පවත්වන ලද පළාත්පාලන මැතිවරණ යේ ප්‍රතිථල එම පාලනය ලබා ඇති ජනප්‍රියතාවයේ පහල මට්ටම පෙන්වා දෙයි. ශ්‍රී ලoකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම් වෙනස්කම් අවශ්‍ය වුවද, අවශ්‍ය වෙනස්කම් ඉදිරි මැතිවරණයකදී ජනතාවට ඉදිරිපත් කොට ලබන ජනතා වරමක් සහිතව තේරී පත්වන රජයකින් කල යුතුවේ.

එබැවින් විධායක ජනාධිපති පාලනක්‍රමය අහෝසි කරන හෝ ඒකීය රාජ්‍ය ව්‍යුහය දියාරු කරන සියලු ප්‍රයත්නයන්ට එරෙහි වන මෙන් ඒකාබද්ධ විපක්ෂය, ශ්‍රී ලoකා නිදහස් පක්ෂය සහ අනෙකුත් සියලු පක්ෂවල දේශප්‍රේමී නියෝජීතයින් ගෙන් ඉල්ලා සිටිමු.

ආචාර්ය දසරත් ජයසූරිය

සභාපති

 

 



649 Viewers