ආණ්ඩුවේ ඇතැම් ඩෝබීන් අලුත් මතයක් නිර්මාණය කිරීමට උත්සාහ කරනවා.

කොහොමත් කිසිදු මිනිසෙක් ඔහුගේ ඇදහිලි සහ විශ්වාස මත කිසිම ආකාරයකින් කිසිඳු තනතුරකට සුදුස්සෙක් හෝ නුසුදුස්සෙක් වන්නේ නැහැ.
එය අප දැඩිව පිළිගන්නවා.
නමුත් කොලය වහලා ක්‍රීඩා කරන්න ඩෝබීන් දක්ෂයි.
මෙතන ගැටලුව මොකක්ද ?
1) ‘බෝර්න් අගේන්’ යනු ඇදහිල්ලකට සහ විශ්වාසයකට එහා ගිය ‘කල්ට්’ එකක්.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ ‘බෝර්න් අගේන්’ කල්ට් එක විසින් කාලයක් තිස්සේ ඉලක්ක කරපු තැනක්.
පාදිලි ජෙරම් ප්‍රනාන්දු ක්‍රිකට් ක්‍රීඩාව කොතරම් ග්‍රහණය කර ගත්තාද කිවහොත්, වරක් ජාතික කණ්ඩායමට ඔහුගෙන් ආශිර්වාද ලබා ගැනීම පවා අනිවාර්ය වුණා.
භානුක රාජපක්ෂ වැනි ක්‍රීඩකයන් ‘කන්වර්ට්’ වුණා.
රොෂාන් අබේසිංහ ලා ජෙරම් සරණ ගියා.
කොටින්ම ජාතික රූපවාහිනියේ ක්‍රීඩා සංස්කාරකයා ජෙරම් සරණ යන්න තරම් සංවිධිත වැඩක්.
ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් තමන් මුහුණ දීපු පීඩා එළිපිට කිව්වා.
ජාතික කණ්ඩායමේ තේරීම් වලදී ක්‍රීඩකයන්ගේ ආගම සලකා බැලෙන තරම් අන්තවාදී සහ ගෝත්‍රික තැනකට ඔවුන් මෙය ගෙන ආවා.
වරක් ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෙකුට පිරිත් ඇසීම තහනම් කෙරුණා.
එවැනි අන්තවාදී තැනකට අරන් ගියේ ඔවුන්.
එතන අවුල, මේ කල්ලිය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව කන්වර්ට් කිරීමේ අනවරත අරමුණක ඉඳීම.
ඔවුන්ගේ අරමුණ මුදල්, ජනප්‍රියත්වය, සහ බලය ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් අල්ලා, ඉන්පසුව ඔවුන්ගේ අරමුණු පුළුල් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් යොදා ගැනීම.
ඕනෑම ඇදහිල්ලක්, විශ්වාසයක් ඇති මිනිහෙකුට ඕනෑම තනතුරක් හිමියි.
නමුත් ජීවිතයේ පරම අරමුණ මේ විනාශකාරී අරමුණ වෙච්ච, සෙසු ඇදහිලි විශ්වාස සහිත ක්‍රීඩකයන් කපා දමන පොරකට මේ තනතුර යෑම අවුල් බව පමණයි අපි කියන්නේ.
2) එරාන් වික්‍රමරත්න දැඩි මතධාරී, ශ්‍රී ලංකාවේ පළමු බෝර්න් අගේන් කල්ට් පවුලේ පුතෙක්.
ඔහුගේ පියා ආරම්භක පාදිලිවරයා. ඔහු පාදිලිවරයෙක්. ඔහුගේ සහෝදරයා පාදිලිවරයෙක්.
එරාන් ලා ජෙරම් ප්‍රනාන්දුගෙත් ගුරුවරු.
ඔහු ජීවිත කාලයම වැඩ කළේ මේ කල්ට් එකේ ව්‍යාප්තියට.
දැනටමත් මේ කල්ට් එක විසින් ඉලක්ක කර ඇති තැනකට එරාන් පත් කිරීම, නරියාට කුකුල්ලු භාර දීම වගේ වැඩක්.
නැතුව මේක පුද්ගලයෙකුගේ පුද්ගලික විශ්වාසයක් ඩිස්ක්‍රිමිනේට් කරනවා වගේ අහිංසක වැඩක් නෙවෙයි.
මේ තනතුරට එරාන් නොවන සහ ඇදහිලි විශ්වාස මත මිනිසින් විනිශ්චය නොකරන, ශිෂ්ඨ, වෙනත් ක්‍රිස්තියානි , කතෝලික , ඉස්ලාම් , හින්දු , නිරාගමික ඕනෑම පුද්ගලයෙක් පත් කරන්න.
රටට ගැටලුවක් නැහැ.
3) එරාන් වික්‍රමරත්නට මේ තනතුර ලැබෙන්නේ ඇයි ?
ඔහු ක්‍රිකට් දන්නා නිසාද ? ඔහු දක්ෂ පරිපාලකයෙක් නිසාද ?
ඔහුට ක්‍රීඩා සමාජ සම්බන්ධතා ඇති නිසාද ?
නැහැ! බලවත් සම්බන්ධතා ඇති, ප්‍රමිෂ්කා පෙරේරා මහත්මිය ඔහුගේ ආගමික අනුගාමිකාවක් නිසා. ඇයගේ නිර්දේශය මත.
ඔහුට තනතුර ලැබීමේ පදනමම ‘බෝර්න් අගේන්’ වීම නම්, ඒක අවුල්.
4) මම දැක්කා සමහරු සංගා පවා එයාගේ වයිෆ් ආගමේ නේ. මෙයාලා ඒකටත් බනිනවනේ. මාර මිනිස්සුනේ කියලා බබා වෙනවා.
මහත්වරුණි!
කුමාර් සංගක්කාර පාදිලි ජෙරම් සරණ යන්නේ 2009 දී.
ඒ වෛද්‍යවරුන්ට සුව කරන්න බැරි වෙච්ච ඔහුගේ පුතාගේ රෝගයක් ජෙරම් සනීප කළා කියලා සංගා විශ්වාස කිරීම නිසා.
කොච්චර බුද්ධිමත් වුනත්, දක්ෂ වුනත්, කපටි වුනත් මිනිස්සු අසරණ වෙන සියුම් තැන්.
ඉන්පස්සේ සංගා හරහා ජෙරම් ක්‍රිකට් ක්‍රීඩාවට ආවා.
ජෙරම්ගේ පල්ලිය ලොකු වෙන්න විශාල හේතුවක් සංගා. සංගා මුදල් වලින් සහ සම්බන්ධතා වලින් ජෙරම්ට උදව් කළා.
ක්‍රිකට් ක්ෂේත්‍රයම ජෙරම් හඳුනාගත්තේ සංගා හරහා.
2015 විතර වෙනතුරුම සංගා ජෙරම්ගේ ඇනුවල් පාර්ටි වල ප්‍රසිද්ධියේ කතා කළා.
පස්සේ වැඩේ ලීක් වුණාම සංගා දැන් යන්නේ බැක් ඩෝ එකෙන්.
සංගා ගේ වයිෆ් ජෙරම් ලඟට ගියේ සංගා නිසා මිසෙක, සංගා ගේ වයිෆ් ජෙරම් ලඟට යන නිසා සංගාව කවුරුත් ඩිස්ක්‍රිමිනේට් කරන්නේ නැහැ.
සංගාගේ අවුල ඔහුගේ පුද්ගලික ඇදහිලි නෙවෙයි. ජෙරම්ගේ විනාශකාරී අරමුණට ඔහු දැනුවත්ව හෝ නොදැනුවත්ව යූස් වෙච්ච නිසා.
අද භානුක රාජපක්ෂ වගේ ලංකාවේ පාසල් පද්ධතියෙන් බිහිවෙච්ච අති දක්ෂ ක්‍රීඩකයෙක්, තමන් විශ්වාස කිරීම නවත්තලා, ජෙරම් විශ්වාස කරලා ලෝක විහිලුවක් වුණේ සංගා නිසා.
නිකන් බබාලා වෙන්න එපා!
(බබාලා වෙන්න සහ කොලේ වහන්නෙ මේ ගොල්ලො කොහොමත් දක්ෂ නේ.
කළින් ආණ්ඩු පත් කළේ ‘අතුරු පාලන කමිටු’. මේ ගොල්ලො පත් කරලා තියෙන්නේ ‘ක්‍රිකට් පරිවර්තනීය කමිටුවක්’
)
5) අද මිනිස්සුන්ගේ පුද්ගලික ඇදහිලි, විශ්වාස අදාල නොවේ කියන මේ මහත්වරුන්, එදා ගෝඨා සහ ‘ඥානා මෑණියො’ කියන කාන්තාවක් ගැන මොන තරම් කතා කිව්වද ?
ගෝඨාගේ පුද්ගලික විශ්වාසය අවුල් වෙන්නත්, සංගා සහ යෙහාලි ජෙරම් සරණ යෑම, ප්‍රමිෂ්කා එරාන් සරණ යෑම සහ ඔවුන්ගේ විනාශකාරී අරමුණු පවා ‘ශිෂ්ට’ වෙන්නත් හේතුව මොකක්ද ?
6) අනාවැකියක් කියන්නම්.
ජෙරම් ලා එළියේ ඉද්දී භානුක රාජපක්ෂලා හැදුවා. චාමික කරුණාරත්නගේ පිරිත් වැහුවා. රොෂාන් අබේසිංහලා හැදුවා. ආමන්ත විජේසූරියලා හැදුවා.
ගැටළුව මිනිසුන්ගේ පුද්ගලික විශ්වාස නෙවෙයි.
තමන්ගේ පුද්ගලික විශ්වාස අනුන් මත පටවන බලහත්කාරය.
තමන්ගේ බලය ඒ වෙනුවෙන් භාවිතා කිරීම.
හොඳම 11 ක්‍රීඩා කළ යුතු ජාතික කණ්ඩායමක ක්‍රීඩකයන් පුද්ගලික විශ්වාස මත තීරණය වීම.
ප්‍රශ්නය ඒක.
එරාන් ක්‍රිකට් අතුරු පාලන කමිටුවට ආවට පස්සේ භානුක ලා, රොෂාන් අබේසිංහ ලා රොත්තක් අපිට බලාපොරොත්තු විය හැකියි.
5 Viewers





