ආදරණීය TNA මහත්වරුණි,
අපි නල්ලූර් කෝවිලේ දි කමිසේ ගලවලා වැදගෙන කපුරු දැල්ලට අත තියපු මිනිස්සු. අතේ බැදපු පිරිත් නූල් තරමටම අපි තිලක තියලා ඇති, අපි ඔයාලාගේ මෝලම් සද්ද හරි ආසාවෙන් අහන් හිටියා. වෙල් කට්ට ගැහුවේ ඔයාලට උනාට රිදුනේ අපිට. එකත් පපුවටම.
ඔයාලත් යාල්පානම් ඉඳලා පාද යාත්රාවේ කතරගමට ආපු මිනිස්සු. මැණික් ගගේ ඉහලින් නා ගන්නකොට අපි පහලින් නාගෙන පිරිසුදු වුනා. අපිට ඔයාලගේ කාවඩි සද්දෙට දන්නෙම නැතුව අපේ දෙපා අපිට හොරා නැටවෙන්න පටන් ගත්තා. කෝවිලේ තේරු කරත්තය අපි ඇද්දේ ඔයලාට වඩා ගැම්මට. රාවණා කාලේ මේ රට ගිණිතියලා මේ රටේන්ම වැදුම් ගන්න හනුමාන් දෙවියෝත් ඒ ගැම්ම ගැන දන්නවා.
අපි ලඩ්ඩු කැල්ලක් කන ගමන්, කොවිල ලගදි දැකපු දේවිලාට පෙම් බැන්ද ආදරේ පිරිච්චි මිනිස්සු..නිදහසේ උතුරෙන් දකුණට ආවා, දකුණෙන් උතුරට ගියපු සාක්ෂි තියෙන්නේ #A9 පාරේ. කිතුලේ රා කට්ටේ රහට වගේම අපි ඔයාලගේ තල් රා ටික බොන්න පෙරේතකම තියෙනවා. 2009 මැරුවේ ප්රාභාකරන් නෙවේ, ත්රස්තවාදීයෙක්. ඒ ඔයාලාගේ දරුවන්ගේ කරේ පංචායුධය වෙනුවට සයිනයිට් කරල එල්ලපු ත්රස්තවාදීයා.
ඒත් දැන් දැන් නම් මොකක්දෝ අමුත්තක් දැනේනවා. ඔයාලට බුදු පිළිම එපාලු, සිංහල මිනිස්සු ඉන්න එපාලු. මීට වසර දහස් ගණනක් ඉස්සෙල්ලා රාවණාගේ ඉතිහාසයක් තිබේ. බුදු හාමුදුරුවෝ කැළණියට කලියෙන් නාගදීපෙට වැඩියේ. දකුණේ පන්සලක්, පන්සලක් ගානේ දේවරූප ටික තියන්න කුටි හදනකල් පන්සලේ ලොකු හාමුදුරුවෝ ඉඩදුන්නා.
TNA මහත්වරුණි, ඔයාලා උතුරත් තියාගන්න, ඔයාලා නැගෙනහිරත් තියාගන්න. අමතක කරන්න එපා,ඊට වඩා දහස් ගානක් දෙමළ මිනිස්සු, මුස්ලිම් මිනිස්සු දකුණේත් බස්නාහිරත් ඉන්නවා.
ඒ මිනිස්සු ටිකත් එහෙට ගෙන්න ගන්න. ඔය පැත්ත වල් වල ඉන්න සිංහල මිනිස්සු ටික අපි ගෙන්න ගන්නම්. ඊට පස්සේ අපි අපේ රට තුනකට කඩලා, සීමාමායිම් දාගෙන සැපේ ජීවත් වෙමු.
එක කවදාවත් හරියන දෙයක් නෙවේ…
හිතන්න අපි එකට ජිවත් වෙමු..
772 Viewers





