ඇන්ග්ලිකානූ JVP
මේක හරිම සරල කතන්දරයක් . ජවිපෙ 1965 ඇරඹුණු කාලයේ පටන්ම අධිරාජ්‍ය විරෝධී , ඉන්දියානු ව්‍යාප්තවාදයට එරෙහි වූ , බෙදුම්වාදයට එරෙහි ප්‍රධාන ම පක්ෂය . මේ පක්ෂය තිබෙන තුරු රට බෙදා ලංකාව හා ඊළම තමන් ගේ ආර්ථික හා ආරක්ෂක කලාප කර ගැනීමට නොහැකි වන බව ඇන්ග්ලිකානු සුද්දන් හා ඉන්දියාව දැන ගෙන සිටියා . තමිල්නාඩුව බිහි කළ , ඉන්දියාව පෝෂණය කළ , එල්ටීටීඊය පසුව ඇන්ග්ලිකානු සුද්දන් විසින් මිළ දී ගැනුණා සේම ජවිපෙ ද ඇන්ග්ලිකානු සුද්දන් විසින් මිළ දී ගැනුණා . ජවිපෙ තුළ සිටි අනුර කල්ලිය මිළට ගත් සුද්දන් ඔවුන්ට මූල්‍ය හා ඔත්තු සේවා සහාය දෙමින් පක්ෂය තුළ සිටි ජාතිකවාදීන්ව පළවා හැරියා . දෙවනුව එකී ඇන්ග්ලිකානු සහායේ ශක්තියෙන් නායකයා නායකත්වයෙන් ඉවත් කොට නායකත්වය ලබා ගත්තා . තෙවනුව නායකයාව ද පළවා හැරියා .
සිව් වැනිව පක්ෂය තුළ සිටි වාමාංශිකයන්ව ද පළවා හැරියා . දැන් මේ පක්ෂය ඇන්ග්ලිකානු සුද්දන් ගේ ම පක්ෂයක් විනා වාමාංශික පක්ෂයක් නොවෙයි . 2005 මහින්දව බලයට පත් කර ගැනීමෙන් පසු මෙම පක්ෂය ඍජුව ම ඇමෙරිකානු එම්බසියේ පාලනයට නතු වුනා . අනුර රනිල්දාස වුනේ සුද්දන් ඔහුට දුන් නියෝගය මතයි . රනිල් ගේ ප්‍රතිපත්තියට , තම පැරැණි පාක්ෂිකයන් රැක ගැනීම පිණිස ඇතැම් විට ඇල්මැරුණු විරෝධයක් දැක්වූවත් රනිල්ට හැම ඩෑෂ් පහරක් ගැසීමට ම බෝලය ඔසවා දුන්නේ රනිල්දාස . මහින්දව 2005 දී දිනවූ බෙදුම්වාදයට එරෙහි ජවිපෙ මාලිමාව ලෙස රූපාන්තරකරණයට ලක් වීමෙන් පසු 2015 දී ඔහුව පරාජය කළා .
නැවත 2018 දී මහින්ද අගමැති වූ විට ඔහුව නැවතත් පළවා හැරියා . රනිල්ව නැවත බලයට ගෙන ඒමෙන් පසු නැවත මෝඩ පාක්ෂිකයන් රැවටීමට මහරගම දී රැළියක් පවත්වා ” රනිල් ගෙදර පලයං ” කීවා . පසුදින පාර්ලිමේන්තුවේ අගමැති රනිල්ට විශ්වාසය පළ කිරීමේ යෝජනාවේ දී පෙර දින රැළියේ අරමුණට අනුගත වෙමින් යෝජනාවට විරුද්ධව ඡන්දය දිය යුතු වූ නමුත් මොවුන් ඡන්දය දීමෙන් වැළැකී සිටියා .
මොවුන් 2008 දී පටන්ම හිටියේ හෙළුවෙන් ම තමයි . ඒත් හෙළුව පේන්න නම් ඇස් තියෙන්න එපායැ . ඇස් තිබුණත් වාසියක් නැති කාලේ පක්ෂයෙන් අයින්වෙලා සුද්දන් පක්ෂයට හොඳට සළකන කාලේ ආපසු ආව ගුරාලා හෙළුව වනන්නේ සීතාම්බර පටයක් ලෙස . සිංහලෙන් කිව්වොත් රනිල් යනු ඇන්ග්ලිකානු සුද්දන් ගේ නියෝජිතයා . අනුර ඇන්ග්ලිකානු සුද්දන් ගේ ස්ථිර අතුරු හමුදාවේ නිල නායකයා . සජිත් යනු ඇන්ග්ලිකානු සුද්දන්ට බය ඔවුන් ගේ අභිප්‍රායට එරෙහිව කටයුතු නොකරන විශේෂ ප්‍රතිපත්තියක් කියා දෙයක් නැති කෙනෙක් .
මහින්ද යනු ගඩාෆිව මෙන් පාරේ දක්කා ගෙන ගොස් පහර කා මරා දමනු ලැබීමෙන් බේරීමට කිරුළ ගලවා රනිල්ට පළඳවා තාවකාලිකව දිවි ගලවා ගත් සම්ප්‍රදායික සිංහල බෞද්ධ නායකයා . පෙරටුගාමී පක්ෂය යනු සුද්දන්ට ටෙම්පරි කුළී අතුරු හමුදාවක් ලෙස යොදා ගත හැකි වාමාංශික බෙදුම්වාදී පක්ෂයක් . ටීඑන්ඒ යනු ඊළාම් රාජ්‍යය පිහිටුවා ගෙන එහි නායකත්වය ගැනීමට බලාපොරොත්තු වන පක්ෂය . ඔවුන් මොනවා සිතා ගෙන සිටියත් ඊළාම් ජනගහනය අභිබවන ඉන්දියානු සංක්‍රමණිකයන් ගෙන් ඊළාමය පිරී යාමට වැඩි කලක් ගත නොවන බව ඔවුන්ට නොවැටහෙනවා ඇති . ලංකාවට අත් වන්නේත් එම ඉරණම මයි . ලංකාව හෝ ඊළාමය ඉන්දියානු ප්‍රාන්ත කර ගැනීමට නම් ඇන්ග්ලිකානු සුද්දන් ඉඩ දෙන්නේ නෑ .
133 Viewers





