ඇබෝජිනීකරණය වෙමුද?

ඕස්ට්‍රේලියාවේ ඇබොජිනල් ශිෂ්ඨාචාරය විනාශ කිරීම සඳහා යුරෝපියනට ගතවූයේ වසර 50 කි. එහෙත් ලංකාව සහමුලින් යුරෝපියන් පාලනයට නතු කර ගැනීම සඳහාම වසර 310 ක කාලයක් ගත විය. ඉන් වසර 150 ක් ගියද ලාංකික ශිෂ්ඨාචාරය විනාශ කිරීමට යුරෝපියනට නොහැකිවිය. එයට හේතුවනම් ඕස්ට්‍රේලියානු ඇබොජිනල් ශිෂ්ඨාචාරයට වඩා බොහෝ දියුනු ශිෂ්ඨාචාරයක් ශ්‍රී ලංකාව තුල පැවතීමයි. ඒ අන් කිසිවක් නොව දුටු ගැමුනු රජතුමා සොලීන්ගේ ග්‍රහනයෙන් ලංකාව මුදවාගැනීමට යොමුකලාවූ සිංහල බෞද්ධ ශිෂ්ඨාචාරයයි. එදා පරයන්ට ගැති නොවූ බෞද්ධ භික්ෂූන් සිටි බැවින් ගැමුනු රෙජිමයට රට එක්සේසත් කොට පවත්වාගෙන යෑමට හැකිවිය. එදා ගැමුනු රෙජිමය නොහිටියානම් මෙදා සිංහල බෞද්ධ ජනසමාජයක් නැත. යුරෝපියයන් එන කාලය වනවිට ගැමුනු රෙජිමය හරහා බිහිවූ විශිෂ්ඨ සංස්කෘතියක් අප සතුවූ බැවින් අපව ඇබොජිනල් වරුමෙන් වනසා දැමිමට යුරෝපියනට නොහැකිවිය. දුටු ගැමුනු ගැහුවා, සද්ධාතිස්ස වැව්වා යනුවෙන් රියර් අද්මිරල් සරත් වීරසේකරයන්ගේ නූතන පරෙවි සංදේශයේ අලංකාරව එම ඉතිහාසය සටහන් කොට ඇත. නමුත් මේවනවිට විදේශ බලවේගවල සහ විප්‍රකාර රූපී භික්ෂූන්ගේ සහයෙන් සම්ප්‍රදාය විරෝධී ලිංගිකයන්ගෙන් සැදි පාලක පංතියකට බලය ලබාදෙමින් සිංහල බෞද්ධ ශිෂ්ඨාචාරය විනාශ කිරීම වෙනත් වටයකින් ආරම්භ කර ඇත. සහජීවනය සඳහායැයි කියාගත් භික්ෂූන් එක පසෙකින්ද රාජපක්ෂ රෙජිමය වෙනස්කල යුතුයි කියන භික්ෂූන් තවත් පසෙකින්ද බලමුලු ගැන්වීමට දේශීය සහ විදේශීය බලවේග සමත්වී ඇත.

වසර 1505 දී පෘතුගීසීන් අපරටට ගොඩබසින විටදීට වඩා සංකීර්ණවූ සමාජයක් අපරටතුල 1948 දී යුරෝපියයන් රටෙන් තුරන්වන විට රට තුල තිබුනි. නමුත් මිශනාරීන් මේ වසර 403 තුල රටේ ස්ථාපිත වුවද ඔවුන්ට ගැතිකම් කල බෞද්ධ භික්ෂූන් ලංකාවතුල නොසිටියහ. ඒ එදා මිශනාරීන් සම්ප්‍රදායික කතෝලික දහමක් රටතුල ව්‍යප්ත කරමින් පමනක් සිටි බැවිනි. අද අප රටට පමනක් නොව අසල්වැසි ඉන්දියාවට පවා තර්ජනයක්ව පවතින්නේ මේ නව ආගමික සංවිධානයි. මේ තර්ජනය කොතරම් බලවත්දැයි කිවහොත් සම්ප්‍රදායික කතෝලිකයින් පවා මේ නව ආගමික සංවිධාන වලට විරෝධය පලකරයි. යාපනයේ කුලවාදය සහ අන්‍යාගම්කරණය ඉතා තදින් ඇතිබව රවි කුමාර් විසින් මෑතකදී ප්‍රකාශ කරන්නට යෙදුනි. මේ ආගමික සංවිධාන නම් මූලික ආයතනයෙන් වෙන්වූ ස්ව අනන්‍යතාවයක් ගොඩ නගාගනිමින් ක්‍රියා කරනු ලබන චූල සංවිධාන වේ. මේවා sect නමින් හඳුන්වනු ලැබේ. මේ සංවිධාන වල මූලික ලක්ෂණයක් වන්නේ අසීමිත මුදල් ප්‍රමානයක් ඔවුන් අත සංසරණය වීමයි. ඔවුන් අත ඇති මේ අසීමිත මුදල් නොයෙකුත් ආකාරයට ජනයා පොලඹවා ගැනීම සඳහා යොදවයි. යොදවාගන්නා මුදල සහ ක්‍රියා පිළිවෙත ඉලක්ක කරන ජන සමාජය අනුව මෙම sect මගින් තීරණය කරනුලබයි. දරිද්‍රතාවයෙන් පෙලෙන ජන සමාජයකට මුදලකින් හා ද්‍රව්‍යමයවද, අසීමිත මුදල් සම්භාරයක් අවශ්‍ය පුද්ගලයින්ට හෝ ආයතනවලට ඒ අසීමිත මුදල් සපයමින්ද, ඉහල පංතියේ පිලිගැනීමට ලක්වීමට ආශාකරන අයහට ඒ සඳහා ඉඩ ප්‍රස්ථාව සලසමින්ද, එසේ නොමැතිනම් කාන්තා පහස සැපයීම වැනි ප්‍ර්‍රාථමික ක්‍රමවලින්ද ඔවුන් තම අභිලාශයන් ඉටුකරගනී. මෙවන් චූල සංවිධාන වල ක්‍රියාකාරීත්වයට නොදැනීම බිලිවීමට පුලුවන. මෑත එක්තරා කාල වකවානුවකදී රට ජාතිය ගැන මහත් වාත්සල්‍යයෙන් පසුවූ හිමිනමක් එවන් චූල සංවිධානයක ප්‍රාථමික ගැටයකට හසුව තම ස්ථාවරය වෙනස්කරගත් බව ප්‍රසිද්ධ රහසක් විය.

1505 න් පසුවද සිංහල බෞද්ධයන් ඇබොජිනල්කරණය නොවීමට බලපෑ ප්‍රධාන සාධකය වන්නේ ගමයි පංසලයි අතරවූ ඒ සම්ප්‍රදායිකවූද සංසාරගතවූද බැඳීමයි. අවසාන සිංහලයේ රජුගේ හිරකරුවෙකුවූ රොබට් නොක්ස් පවා මේ පිලිබඳව ඔහුගේ එදා හෙලදිව ග්‍රන්ථයේ දක්වා ඇත. ඒසා විශාල මෙහෙයක් කරන ලද්දේ මිහිඳු හිමි සහ බුද්ධගෝශ හිමි පරම්පරාවෙන් පැවති යක්කඩුවේ පඤ්ඤාරාම, හික්කඩුවේ සුමංගල හිමි, පානදුරේ වාදීභසිංහ ගුනානන්ද හිමි වැනි යතිවරුන් විසින් මෙවන්වූ චූල සංවිධාන වල ගැට වලට අසුනොවී සිටිය බැවිනි. අද දිනත් මෙසේ අභීතව ක්‍රියාකරන හිමිවරුන් හැටියට ජනතාව හඳුනාගෙන සිටින යතිවරුන් පෙලක්නම් පල්ලත්තර සුමනජෝති, මැදගම අභයතිස්ස, මැදගම ධම්මානන්ද, මුරුත්තෙට්ටුවෙ ආනන්ද ආදීන්වේ. මේනයින් බලනකල අපරටේ භික්ෂු සාසනය පිරිහුනිද රට අගාදය කරා පහසුවෙන් ගමන්කරන බවද ඒ තුලින් ඇබොජිනල්කරණය වීම අනිවාර්යයෙන් සිදුවනබව දෙස් විදෙස් කුමන්ත්‍රණ කරුවන් දන්නාසේ අපද වටහා ගත යුතුය.

අද ශ්‍රී ලංකාව තුල සංස්කෘතිකවමය වශයෙන් මහත් ව්‍යවසනයක් සිදුවෙමින් පවතී. රටේ ඉතිහාසයට ගරහන, ජාතික වීරයන්ට පමනක් නොව මෑතදී කොටි ත්‍රස්තවාදයෙන් රට මුදා ගැනීමට තම  ජීවිතය පිදුවාවූ, අංගවිකල භාවයට පත් උනාවූ රණවිරුවන්ට ගරහන ඒ සමගම සමලිංගිකයන් අදහන නව පරපුරක් බිහිවී ඇත. ඔවුන්ටද අසීමිතව මුදල් සැපයෙන අතර ඔවුන්ගේ තරුනකම සහ ජනප්‍රියත්වය යොදාගනිමින් තවත් විශාල තරුන පෙලක් ඔවුන් වටා ගොනුකර ගනිමින් ඇත.

විද්‍යුත් මාධ්‍ය ජාල කිහිපයකින් ඔවුන් සඳහා විශාල ප්‍රචාරයක් ලබාදෙන අතර උගතුන්, බුද්ධිමතුන්, ටියුශන් ගුරුන්, කලාකරුවන් ආදී සමාජයේ නමක් දිනා සිටින වැඩිහිටි පෙලක්ද ඔවුන්ට සහයෝගය ලබාදේ. රාජපක්ෂ රෙජිමය ජිනීවා දංගෙඩියට රැගෙන යාමට කැසකවන දේශ ද්‍රෝහී දේශපාලකයන්ගේ ද ආශිර්වාදය ලබන ඔවුන් පිටුපස චූල සංවිධානද, කොටි හිතවාදී දෙමල ඩයස්පෝරාවද, කුමන්ත්‍රණකාරී විදේශයන්ද සිටිනබව අනුමාන කල හැක. ජාතික කොඩිය පුලුස්සා දැමිය යුතුයි වශයෙන් සඳහන් කල ඝනයින්ගේද, ඊනියා සහජීවනය පතන රාජපක්ෂ රෙජිමය දංගෙඩියට දැක්කවිය යුතුයැයි හඬනගන යතිවරුන්ගේ පහසද ඔවුන්ට ලැබෙනබව විද්‍යමානවේ.

යහ පාලනයක් සහ පිවිතුරු හෙටක් දැකීමට පාදකවූ රාජපක්ෂ රෙජිමයට එරෙහි මෙගා ඩීල් පුස්සක්ව ඇති මුත් ඇස් පනාපිට මහ බැංකු භාණ්ඩාගාර බිල්පත් ආශ්‍රිතව ගිගා ඩීල් එකක් හෙලිවී ඇති නමුත් මේ උන්වහන්සේලා ඒ ගැන පත්තනිකුජ්ජනයෙන් යුක්තව පසුවේ. තවද ඒ ගිගා ඩීල් කරුවන් සමග නැවත නැවතත් සංධාන ගතවෙමින් සහවාසයේ යෙදීම දැඩිකර ගනිමින් වෙලෙමින් පසුවේ. මෙසේ තමා මිත්‍යාව අදහන අතර ජනතාවට අර්තයෙන් ධර්මයෙන් එම මිත්‍යාව සැබෑවක්ලෙස හුවාදැක්විමට මේ වහන්සේලා කටයුතු කරයි. එමතුද නොව අස්ගිරි මල්වතු මහනායක හිමිවරුන්ද පලමු වතාවට එක්වෙමින් මේ මිත්‍යාකාරයින්හට වාසි සහගත ආකාරයට ප්‍රකාශ නිකුත් කිරීමට උත්සුකව ඇත. බොල් සංස්කෘතියකට පාර කපමින් සිටින අභව්‍ය නව පරපුරක් ගැන වචනයකින්හෝ ඔවදනක් දීමට මැලිකමක් දක්වන මේ උන්නාන්සේලා යහ පාලන කප්පිත්තාට රිසිසේ රට ගෙනයාමයට ඉඩ නොදී මැතිවරණයකට රට තල්ලුකිරීම පිලිබඳව ආඩපාලි කීමට තරම් උත්සුක විය. මේ උන්වහන්සේලාට ක්ෂණිකව අමතකවූ කරුනක් වන්නේ යහ පාලනය සඳහා රට ලබාගත්තේ දින සියයක පාලනයකට බවය.

රතුවර්ණය වෙලාගත් චීවරධාරීන් ගැන මෙහි විෂේශයෙන් සඳහන්කල යුත්තක් නැත්තේ ඔවුන් කෙදිනකවත් සිංහල බෞද්ධකම වෙනුවෙන් පෙනීසිටියවුන් නොවන බැවිනි. ජීවිතයේ අවසාන භාගයේ පමන පක්ෂයේ දසරාජ දර්මයක් නොමැති යැයි අභිනික්මනය කල හිටපු නායකයාගෙන් පවා අපවාද අසන්නාවූ පක්ෂයක සිටින්නාවු චීවරධාරීන්ගෙන් වන්නාවු ශාසන විනාශය කොතෙක්දැයි පැවසීමට අවශ්‍ය නොවන්නේ සියයක තරම්වූ භික්ෂූන් සංඛ්‍යාවක් අපවත්කරවීමට 88/89 වකවානුවේදී ඔවුන් දක්වන ලද දායකත්වය සිහිපත්වන විටය.

චූල සංවිධාන ගැන කතා කිරීමේදී අසපුවනම් ආගමික සංවිධානය ගැනද කතාකර සිටිය නොහැක. චූල සංවිධාන වල පවතින්නාවූ මූලික කරුන වන අසාමාන්‍යලෙස මුදල් සංසරනය මෙම සංවිධානය තුල දැකිය හැක. මොවුන්ගේ ඉගැන්වීම් වලින් පාලි දැනුම භාවිතය ඉවත් කර ඇති අතර බුදු දහමේ හරය වන අභිධර්මය මොවුන්ට රුචිනොවේ. මුලු ශ්‍රී ලංකාවම අසපුකරණය වුවහොත් ථේරවාදී බුදු දහම වෙනුවට ලඝු අසපු බුදු දහමක් අප රටට ඉතිරිවෙනු ඇත.

මේනයින් බලනකල පනස් අටේ බන්ඩාරනායක ඝාතනයට චෝදනාලද කැළණියේ බුද්ධරක්ඛිත හා එම ඝාතනයට ඳඬුවම්ලද තල්දූවේ සෝමාරාම පටන් අද දවසේ අසපුකරණය හා රොටිය කරකරන්නන් දක්වාවූ ඝනයින් අපරටේ චිරාත් කාලයක් අවිච්චින්නව පැවති බුදු දහමට එල්ල කර ඇත්තේ තදබල පහරකි. බුදු දහමෙන් ගිලිහෙන ශ්‍රී ලංකාද්පය හරසුන් ගසක් වනු නොඅනු මානය. එසේ වූකල අනිවාර්යයෙන් අපරට පාගා ගැනීමට ගිල ගැනීමට සැදී පැහැදී සිටින්නාවූ බලවේගවල මාරුතයට ඔරොත්තූ දී ගත නොහැකිව හරසුන් ගසමෙන් විනාශවී යනු ඇත. එනම් වසර දෙදහස් පන්සියයක් පැරණි ඉතිහාසයක් ඇති අපරටද ඇබොජිනල්කරණය වනු ඇත. එසේ ඇබොජිනල්කරණය වීමෙන් වැලකීමටනම් ඔබට ගතහැකි මාර්ගය වනුයේ මේ ඇබොජිනල්කරණය සඳහා දායක වන්නාවූ ඝනයින් ගෙනයන ක්‍රියා පිලිවෙලට පටහැනිව කටයුතු කිරීමයි. ඒ සඳහා දාහත දින ඔබට ලැබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගැනීම ඔබ සතු පරම යුතුකමකි.

-යසස් ධර්මදාස, 2015



83 Viewers