• Home »
  • Sinhala Articles »
  • ඇමරිකන් යුද අපරාධකාරයන් නම් කරන්න අපට බැරි ඇයි?

ඇමරිකන් යුද අපරාධකාරයන් නම් කරන්න අපට බැරි ඇයි?

අවසන් යුද මෙහෙයුමේ සිටි තවත් ජ්ෂ්ඨ හමුදා නිලධාරියකුට තම රටට ඇතුළුවීම ඇමරිකාව තහනම් කර තිබේ. ඒ අවසන් යුද මෙහෙයුම සිදුවන විට යුද හමුදාවේ මෙහෙයුම් අධ්‍යක්ෂව සිටි මේජර් ජෙනරාල් උදය පෙරේ ටය. හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට මෙන්ම , වත්ම න් හමුදාපති ශවේන්ද්‍ර සිල්වාටද ඇමරිකාවට ඇතුළුවීමට අවසරයක් නැත. එසේම නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරයෙක් වූ චන්දන හෙට්ටිආරච්චි හා යුද හමුදාවේ මාණ්ඩලික සැරයන්වරයෙක් වූ සුනිල් රත්නායකටද තම රටට ඇතුළුවීමට අවසර නොදෙන බව ඇමෙරිකාව පසුගිය දිනෙක නිවේදනය කළේය. මීට අමතරව වත්මන් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න හා මේජර් ජෙනරාල් චාගී ගාල්ලගේ යන අවසන් යුද මෙහෙයුමේ සිටි හමුදා ප්‍රධානීන් දෙදෙ නාට ඔස්ට්ලියාවට ඇතුළුවීම තහනම්ය .

කෙසේ වෙතත් මේ සියලු හමුදා නිලධාරීන්ට පනවා ඇති ඇමරිකානු තහංචියට වඩා මේජර් ජෙනරාල් උදය පෙරේරාගේ තහනම වෙනස්ය . හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ඇතුළු අනෙකුත් හමුදා නිලධාරීන්ට ඇමරිකාව ඔස්ට්ලියාව වැනි රටවලට ඇතුළුවීමට ඉඩ නොදෙන්නේ ඔවුන් යුද අපරාධ සිදු කළ බව සලකමිනි. එහෙත් මේජර් ජෙනරාල් උදය පෙරේරාට මෙතෙක් එවැනි චෝදනාවක් නැගී නැත. අනෙක් අතට ඔහුට ඇමරිකාවට ඇතුළුවීමට අවසර දී නැත්තේ වසර පහකට වලංගු බහු ප්‍රෙව්ශ වීසා බලපත්‍රයක්ද තිබියදීය. අප පුවත්පත ඊයේ වාර්තා කළ පරිදි ඔහුව හරවා යවා ඇත්තේ කටුනායක ගුවන් තොටුපොළට පැමිණ සියලු පරීක්ෂාවන් නිමවා ගුවන් යානයට ගොඩවීමට ඔන්න මෙන්න කියා තිබියදීය. ගුවන් සමාගම ඒ සඳහා පැහැදිලි හේතුවක්ද ඉදිරිපත් කර නැත. හේතුවක් ප්‍රකාශ වී නැතත් යුද අපරාධ චෝදනාව ඊටද හේතු වී ඇතැයි උපකල්පනය කළ හැකිය. එය එසේ නම්, ඇමරිකාව මෙහිදී කර ඇත්තේ මානව හිමිකම් නාමයෙන් මේජර් ජෙනරාල් උදය පෙරේරාගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමකි. මේජර් ජෙනරාල් උදය පෙරේරා 2009 යුද්ධය අවසන් වීමෙන් පසු ඇමරිකානු යුද විද්යාලයේ පශ්චාද් උපාධි දෙකක් හදාරා ඇති අතර එම විද්යාලයේ ආදි සිසුන්ට පිරිනමන සුවිශේ ෂී සම්මනයකින්ද පිදුම් ලැබූවෙකි. අවසන් වරට ඔහුට ඇමරිකානු වීසා නිකුත් කර ඇත්තේ 2019 වසරේ දීය. ඔහු යුද අපරාධකරුවකු ලෙස සලකන්නේ නම්, උතුරේ යුද්ධය අවසන් වීමෙන් පසු ඒ ආසන්නයේම ඇමරිකාව ඔහුට තම රටේ ප්‍රමුඛම යුද විද්යාලයකදී උසස් අධ්‍යාපන අවස්ථාව දුන්නේ කෙසේ ද?. එසේම ඉන් පසුවත් ඔහුට තම රටට ඇතුළුවීම සඳහා බහු ප්‍රවේශ වීසා බලපත්‍රයක් නිකුත් කළේ කුමක් නිසාද?

වීසා බලපත්‍රයක් තිබියදී පූර්ව දැනුම් දීමකින් තොරව ගුවන් තොටුපොළේදී ප්‍රසිද්ධියේ ඔහුගේ ඇමරිකානු සංචාරය වැළැක්වීම පැහැදිලිවම මේජර් ජෙනරාල් උදය පෙරේරාගේ මානව හිමිකම් උල්ලංඝනයක් ලෙස සැලකිය හැකි නමුත් මෙය ඔහුට පෞද්ගලිකව කරන ලද මදිපුංචිකමක් , අසාධාරණයකටත් වඩා ඇමරිකාව ඇතුළුව බටහිර රටවල් කිහිපයක් දිගින් දිගටම ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන යන ව්යාපාරයක තවත් පියවරක් බව පැහැදිලිය. ඒ අනුව එම ව්යාපාරය මේජර් ජෙනරාල් උදය පෙරේරාට පැනවූ තහංචිය සමග අවසන් නොවන බවටද සැකයක් නැත.

මේජර් ජෙ නරාල් උදය පෙරේ රාට හ ෝ වෙ නත් හමුදා නිලධාරීන්ට මෙම හිං සාවට ලක්වන්නට සිදුවන්නේ ඔවුන්ගේ පෞද්ගලික ක්‍රියාකාරකමක් නිසා නොව රට වෙනුවෙන් කළ රාජකාරිය නිසාවෙනි. තම ජීවිත පරදුවට තබමින් රට ජාතිය වෙනුවෙන් යුතුකම් වගකීම් ඉටු කළ මෙම හමුදා නිලධාරීන්ට ලෝකය හමුවේ ඔළුව කෙලින් තබාගෙන සිටින්න ට නොහැකි තත්ත්වයක් උදාවී තිබියදී ඔවුන් ඉන් නිදහස් කර ගැනීමට අප රටක් ලෙස ප්‍රමාණවත් තරමින් මැදිහත් වී සිටින්නේ යැයි කිව හැකිද?

එදා යුද සෙබළුන් යුදවිරුවන් ලෙස භෞතීස්ම කරමින් ඔවුන් උත්කර්ෂයට නැංවූ බොහෝ දෙනාට අද ඔවුන් අමතක වී ඇති සේයාවකි දකින්නට ඇත්තේ . ඇමරිකාව හෝ ලෝකයේ වෙනත් බලවත් රටක් අපට යුද අපරාධ චෝදනා ඉදිරිපත් කරන විට, රටට එරෙහිව ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ඇත්තේ යැයි කීම පමණක් ප්‍රමාණවත් යැයි කිව නොහැකිය. එසේම ඇමරිකාව යනු විශාල ලෙසම මානව හිමිකම් උල්ලංඝනය කරන රට යැයි කීමද ඒ සඳහා ප්‍රමාණවත් වන්නේ නැත. ඇමෙරිකාව යනු තම රටේදී නොව ජාත්‍යන්තර මට්ටමෙන් අනෙකුත් රටවලදී තොග පිටින් මානව හිමිකම් උල්ලංඝනය කළ හා කරමින් සිටින රටක් බව සැබෑවකි. ඒ සඳහා ඇෆ්ගනිස්ථානය, ඉරාකය වැනි ඕනෑතරම් උදාහරණද තිබේ. එසේ වුවත් අපට එරෙහිව නැගෙන චෝදනාවන්ට ප්‍රතිචෝදනා නැගීම තුළින් අපට එරෙහි චෝදනාවන්ගෙන් නිදහස්වන්නට හැකියාවක් නැත. ඇමරිකාව වැනි රටවල් තවදුරටත් හිටපු හමුදා නිලධාරීන්ට සංචාරක තහනම් පනවමින් ඔවුන් යුද අපරාධ අධිකරණ වෙත දැක්කීමට ගන්නා උත්සාහයන්ගෙන් ඒ බව පැහැදිලිය.

ඇමරිකාව හෝ කුමන රටක් මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා ශ්‍රී ලංකාවට යුද අපරාධ චෝදනා කරන නමුත් තවමත් එම චෝදනා ජාත්‍යන්තර අධිකරණමය ක්‍රියාමාර්ගයකින් සනාථ වී නැත. අඩුමවශයෙ න් එවැනි අධිකරණමය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට පවා ඔවුන්ට හැකිවී නැත. ආණ්ඩුවේ මෙන්ම සිවිල් සංවිධාන මැදිහත්වීම ඊට හේතුවී ඇති බවට සැකයක් නැතත් එවන් මැදිහත්වීම් ඵලක් වී නැත්තේ හුදෙක් චෝදනා මත පමණක් ශ්‍රීලාංකිකයන්ට සංචාරක තහනම් පැනවීමට පවා එම රටවල් ක්‍රියා කිරීම නිසාය. අධිකරණමය ක්‍රියාමාර්ගයකින් සනාථ නොවූ හුදු චෝදනාවක් මත පමණක් ඇමරිකාව හෝ වෙනත් රටක් ශ්‍රී ලාංකිකයෙකුට සංචාරක හෝ කුමන ආකාරයක හෝ තහනමක් පනවන්නේ කෙසේද ? ඇමරිකාව ලෝකයේ අංක එකේ ආර්ථිකයද, බලවත්ම යුද ශක්තියද හිමි රටවිය හැකි නමුත් රටක් ලෙස සැලකීමේදී ඇමරිකාවට මෙන්ම ශ්‍රී ලංකාවටද ජාත්‍යන්තරය තුළ ඇත්තේ සම තත්ත්වයකි. එසේනම් ඔප්පු වී නොමැති චෝදනා මත පමණක් ස්වාධීන, ස්වාධිපත්‍ය හිමි රටක් වන ශ්‍රී ලංකාවට මෙන්ම එහි වැසියන් හිං සාවට ලක් කිරීම අභියෝගයට ලක්කරන්න ට අපට නොහැකිද? ඇමරිකාව හෝ ඒ කඳවුරේ අනෙකුත් රටවල් යුද අපරාධ චෝදනා මුල් කරගෙන ශ්‍රී ලංකාවට සලකන ආකාරයේ අයුක්ති සහගත බව ජාත්‍යන්තරය හමුවේ ප්‍රශ්න කරන්නට අපට නහැක්කේ කුමක් නිසාද?

ඇමරිකාව බරපතළ ලෙස මානව හිමිකම් උල්ලංඝනය කරනවා යැයි පදුවේ කියනවා මිස ඊට වගකිවයුතු ඇමරිකානු දේශපාලකයන්, රාජ්යනිලධාරීන් හෝ හමුදානායකයන් නම් කරන්නට අපට තවමත් හැකිවී නැත. ඇමරිකාව සහ තවත් රටවල් මෙරට හමුදා නිලධාරීන් නම්කර ඔවුන්ට තහනම් පනවන්නා සේම අප විසින් එලෙස නම් කරන ඔවුන්ගේ නිලධාරීන්ට සංචාරක තහනම් පැනවීමට කටයුතු නොකරන්නේ ඇමරිකාව වැනි රටවල් ලෝකයේ අයිතිකාරයන් යැයි අප පිළිගන්නා නිසාද?

බැලූ බැල්මට මෙවැනි පියවර අනුගමනය කිරීම ලොවෙත් කළ නොහැකි දේ යැයි ඇතැමෙකුට සිතෙන්නට ඉඩ තිබේ. යමෙකුට එසේ සිතෙන්නේනම් ඉන් පැහැදිලිවන්නේ අප පරාධීනරාජ්යයක් යැයි පිළිගන්නා බවය. එවැනි පරාධීන, පරාජිත අදහස් ඇති අය සිටිය හැකි නමුත් රාජ්යයක් ලෙස එවැනි හැඟීම් ඇති වන්නේ නම්, අතපය හකුළුවාගෙන ඇමරිකාවේ හෝ කුමන හෝ රටක පදයට නටනවා හැර කරන්නට දෙයක් නැත. එහෙත් එවිට තමන් ජීවිත පරදුවට තබමින් ත්‍රස්තවාදය පරාජය කරන්නට යුද වැදුණේ ඒ සඳහා දැයි යුද නියමුවන් කල්පනා කරනු ඇති බව අප කවුරුත් සිහිතබා ගත යුතුය.



83 Viewers