• Home »
  • Articles »
  • ඇයි කොටියා මාවිල් ආරැ වැහුවේ ?

ඇයි කොටියා මාවිල් ආරැ වැහුවේ ?

2002 වර්ෂයේදී එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කොටි සංවිධානය සමග.ස-ටන් විරාමයකට යනවා.එම සට-න් විරාමය පවතිද්දී  මහින්ද රාජපක්ෂ ලංකාවේ ජනාධිපති බවට පත්වෙනවා.ඒ 2005 නොවෙම්බර් .

මෙම ස-ටන් විරාමය නෝර්වේ ඇතුලු බටහිර රටවල් මගින් නිරීක්ෂණය කෙරැනා.

2004 වෙද්දී ලංකාව සතු සමස්ත හ-මුදා භ-ට ප්‍රමාණය 150000 යි.මේ වෙද්දී මිලේනියම් සිටි පාවාදීම සහ තවත් යයි ගේම් හරහා හ-මුදාව බු-ද්ධි අංශ විනාශ කර තිබුනා.

හ-මුදාව වසර තුනක් යු-ද්ධ නොකර බැරැක්ක වලට සීමා වී සිටියා.

රනිල් ගේ රජය ආ-යුධ සහ ප-තොරම් ආනයනය උපරිම ලෙස සීමා කර තිබුනා.

150000 ක් හ-මුදාවෙන් හතලිස් දහසකට පමන භ-ටයන් යාපනය ආ-රක්ෂා කරගැනීමට පමනක් යොදවන්න සිදුව තිබුණා.

මිලේනියම් සිටි පාවා දීම සහ සටන් විරාමය නිසා තරැණයන් හ-මුදාවට බැදීම අවම වී තිබුනා

2005 ජයග්‍රහණය සමග.මහින්ද රාජපක්ෂ තීරණය කරනවා කොටි සංවිධානය යු-දමය වශයෙන් පරාජය කල යුතු බවට . ඔහු ගෝඨාභය ආ-රක්ෂක ලේකම් බවට පත්කරන්නේම ඒ අරමුණ ඇතිව.ඊට ගෝඨාභයගේ කැමැත්ත හිමිවෙනවා.

2005  ජයග්‍රහණයෙන් සති කිහිපයකට පසුව,
මහින්ද ජනාධිපතිවරයා චමල් රාජපක්ෂ ඇතුළු සියලු සහෝදර සහෝදරියන් ට කතාකර කියනවා
මම කොටියා සමග.ස-ටනට යනවා. මම මේක ස්ථිරවම අවසන් කරනවා. නමුත් ඒක කලාම බටහිර රටවල් අපෙන් පලිගන්නවා.
ඒකට මම සහ ශිරන්ති සූදානම්.
ඔබටත් එහි ත-ර්ජනය එන නිසා මට මේකට ඔබේ අනුමැතිය දෙන්න කියනවා.ඔහු මේ අවශ්‍ය ඉල්ලන්නේ වෙන වෙනම.

ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂට පවරනවා

සුදුසු හ-මුදා නායකයන් තේරීම

අවශ්‍ය ආ-යුධ මොනවාද තීරණය කිරීම

යුද්-ධය නිමකිරීම සදහා අවශ්‍ය වන සෙ-බල සංඛ්‍යාව තීරණය කිරීම සහ බදවා ගැනීම

බුද්-ධි අංශ ප්‍රති නිර්මාණය කිරීම

නමුත් තවත් ප්‍රශ්න ගොඩක් ඉතිරිව තිබෙනවා.

ඒ ……..

උපක්‍රමිකව ස-ටන් විරාමය මග හැර ස-ටනට පාර කපා ගැනීම

යුද්ධය නිම වන තෙක් පාර්ලිමේන්තුවේ බහුතරය රැක ගැනීම

මහජන වි-රෝධතා කර රජය පෙරළීමට නොහැකි තත්වය නිර්මාණය

ඉංදියානු සාධකය කලමණාකරනය

බටහිර රටවල් සහ නෝර්වේ කළමණාකරනය.

ආ-යුධ සහ අනෙත් වියදම් සදහා මුදල් සොයාගැනීම

යු-ද්ධය කාලය තුල අඩුවකින් තොරව ආ-යුධ සැපයුම් කළමණාකරණය

රට තුල ආහාර සුරක්ෂිත කරගැනීම

මේ කොටස් බැසිල්ට පවරනවා.

මොකද මේ එකක් හෝ කලමණාකරණය කල නොහැකි උවහොත් යු-ද්ධය අතරමග.නතර වෙනවා.

1983 සිට 2004 දක්වා සිදුව තිබූ එකම දෙය සෑම වසරක් පාසාම කොටි පාලන ප්‍රදේශ විශාල ලෙස ඉහල යාමයි.ලංකා රජය සීමිත මෙහෙයුම් කර වර්ග.කිලෝමීටර් 200 ක් පමන වර්ෂයකදීම මුදා ගන්නා විට අනෙත් පැත්තෙන් වර්ග.කිලෝමීටර් දහස් ගණනක් කො-ටින් විසින් අල්ලා ගන්නවා.

යු-ද්ධය ජයගැනීමට නම් උතුරැ නැගෙන හිර පළාත් දෙක සම්පූර්ණ අල්ලා ගත යුතුයි.
අල්ලා ගන්නා භූමිය සම්පූර්ණ ආර–ක්ෂාවට සෙබලුන් අවශ්‍යයි.කොළඹ සහ දකුණේ ආර-ක්ෂක සෙ-බලුන් අවශ්‍යයි.එසේ නම් යුද්-ධය ජයගැනීමට නම් අමතර සෙ-බළුන් 150000 ක් බදවා ගත යුතු බවට තීරණය වෙනවා.ඒ අනුව හමු-දාව දෙගුණ වෙනවා.ඒ සදහා මුදල් අවශ්‍යයි.ආයුධ අවශ්‍යයි.බදවා ගැනීමට ධ්‍රැවයන් පෙළඹවිය යුතුයි.

මහින්ද 2005 නොවැම්බර් අය වැය ගේනවා.ඒ ස-ටන් විරාමය අතර තුර.එම අය වැයෙන් හ-මුදා සෙබලු 150000 ක් බදවා ගැනීමට මුදල් වෙන්කල නොහැකියි.එහෙම කලොත් මහින්ද ස-ටන් විරාමය කඩ කරන බව ලෝකයට පේනවා.එසේ නම් සටනට මුදල් වෙන්කරන්න වෙන්නේ 2006 නොවෙම්බර් අය-වැයෙන්.

ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ අකුරටම තම වගකීම ඉටුකරමින් වෙන් වෙන්ව තමන් වෙත පැවරෑ වගකීම් ඉටුකරනවා.

ඉතා භ-යානක යමක් සිදු වන බවට කො-ටි සංවිධානයට ඉන් වැටෙනවා.

ලංකාවේ ආණ්ඩුව හ-මුදාව දෙගුණ කර , ආ-යුධ ගබඩා කර කල් යලි බලා ප-හර දුනහොත් සිදු වන දේ ඔවුන්ට වැටහෙනවා.

ඔවුන් මාවිල් ආරැ වසා දමනවා.ඒ කොටි විසින් සටන් විරාමය කඩ කලා කියන චෝදනාව දාගන්නේ නැතිව මහින්ද ලවා සටන් විරාමයක් කඩ කර ලංකාවේ ර-ජය සටනේ පටලවා ගැනීමටයි.

මහින්ද සට-නට සැලසුම් කරන්නේ 2006 නොවැම්බර් අය වැයෙන් පසුව.2007 මාර්තු අප්‍රේල් වෙද්දී.කොටියා හදන්නේ ඊට පෙර 2006 ජූලි වල ස-ටන් අවුලවා ගැනීමට

නමුත් කො-ටියා සහ බටහිර සූක්ෂම වෙනවා.ඔවුන් දකුණේ තම පාලනයේ සිටින සිංහල පිරිස් පවා මහින්දය පීඩනයක් දෙනවා.හ’මුදා ප්‍ර’හාර දියත් කර  මාවිල් ආරැ ගලවා ගමු කියා.

වෙන වචන වලින් කිව්වොත් මේ නොකියා කියන්නේ කොටියා එලු දැලේ පැටලියං කියලා.මේ සංවාද අතරේ තමයි මහින්ද තේරැම් කරන්නේ අපි සතු බට සංඛ්‍යාව 150000 යි .බුද්-ධි අංශ සම්පූර්ණ වැටිලා.ආ-යුධ.තොග.ඇත්තෙම නෑ.මේවා හදා නොගෙන ස-ටනට ගියොත් ජීවිත හානි වැඩියි.යුද-ධය ඇදෙන කාලය වැඩියි.

නමුත් හතුරා වෙනුවෙන් වැඩ කල අයට ඒ පැහැදිලි කිරීමි අවශ්‍ය නොවීය.

කෙසේ වෙතත් තම සුපිරි සැලසුමට මාස නවයක් පෙර ලංකාවට අවාසි කොටියට අවශ්‍ය අවස්ථාවේ යු-ද්ධය අරඹා එහෙත් එය ජයගැනීමට මහින්ද සමත් විය.කොටි-යාගේ උපාය මග හැර තවත් මාස නවයක් ගොස් යු-ද්ධය ඇරඹුවා නම් යුද්-ධයේ ජීවිත හානි මෙන්ම යු-ද්ධය ඇදී ගිය කාලයද බොහෝ අඩුවෙන්නට ඉඩ තිබිනි.

මාවිල් ආරැ වෙත පාගමන් ගිය අය කලේ කොටි වෙනුවෙන් බටහිර කොන්ත්‍රාත් එකක් බව තේරැම් ගැනීමට බහුතරයක් තවත් සිය වසක් පමන කල් යනු ඇත.

(යු–ද්ධය අරඹනු කියලා මාවිල් ආරැ ගිය ජවිපෙ 2007 අය වැය පරාජයට උත්සාහ කරනවා.2007 සිටම හමුදා ගමනට බාධා කරනවා.ඉතිරි අය 2015 යහපාලනය ගෙනත් හ-මුදාව දංගෙට යවන ජිනීවා කුම-න්ත්‍රණයක් සහය දෙනවා.)



11 Viewers