ඉඩම්, පොලිස් බලතල නැතුවත් උතුරේ බෞද්ධ ආගමික නිදහස උල්ලංඝනය කරන දේශපාලකයන්ට 13 දුන්නොත් මොනවා නොකරයි ද? – අරුන් සිද්ධාර්ථ ප්‍රශ්න කරයි

ඉකුත් දා කන්කසන්තුරේ ඓතිහාසික තිස්ස විහාරයේ භික්ෂූන් වහන්සේලාට වස් ආරාධනා කිරීමට පැමිණ සිටි ජනතාවට එම කටයුතු සිදු කර ගැනීමට බාධා පමුණුවමින් ගජේන්ද්‍රන් පොන්නම්බලන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ගේ පක්ෂයේ ඔහුගේ අනුගාමිකයන් පිරිසක් කටයුතු කළ බවත්, එම පිරිස එම ස්ථානයේ උද්ඝෝෂණයක් පවත්වමින් කලබල ඇති කර බවත් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්ථ මහතා පවසයි.
තිස්ස විහාරයේ ආගමික කටයුතුවලට පැමිණෙන පිරිසට බාධා නොකරන ලෙස උසාවි නියෝගයක් පවා පනවා තිබිය දී මෙම පිරිස මෙසේ උද්ඝෝෂණයේ යෙදෙමින් ආගමික කටයුතු වලට බාධා කළ බවයි ඒ මහතා පවසන්නේ.
පොලිස්, ඉඩම් බලතල නොමැතිව වුව ද සුළුතරයක් වූ උතුරේ දෙමළ බෞද්ධයන්ගේ ආගමික නිදහස උල්ලංඝනය කරමින් කටයුතු කරන මෙම අන්තවාදී දේශපාලකයන්ට 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ඉඩම්, පොලිස් බලතල ලබාදුන හොත් කෙබඳු තත්වයක් නිර්මාණය වනු අත්දැයි අරුන් සිද්ධාර්ථ මහතා මෙහිදී ප්‍රශ්න කරයි.
21 Viewers





