• Home »
  • Articles »
  • ඊ⁣⁣යේ බුකියෙ සැරිසරන වෙලාවක දැකපු විඩියෝවකින් මගේ හිත දැනට අවුරුදු තිහක් ආපස්සට ගියා.

ඊ⁣⁣යේ බුකියෙ සැරිසරන වෙලාවක දැකපු විඩියෝවකින් මගේ හිත දැනට අවුරුදු තිහක් ආපස්සට ගියා.

1996 ජූලි වලදි කොටි මුලතිව් බේස් එකට ගහලා හමුදාව ඕවර් රන් කරපු වෙලාවේ ,හිර වෙලා හිටපු අපේ කොල්ලො බේර ගන්න නේවි එක යවපු landing craft එකට අලම්පිල් මූද පැත්තෙන් ගාඩ් එක දීපු “රණවිරැ”ගන් බෝට් එකේ අවසාන තත්පර කීපයයි ඒ වීඩියෝවේ සටහන් වෙලා තිබුනේ.

මුලතිව් සටන වෙලාවේ ආමි එකේ කොල්ලෝ බේරගන්න ගුවනින් ගිහිං තමන්ගේ ජිවිතය රට වෙනුවෙන් පුජා කරපු ලෆීර් සර් වගේම ඔය බැට්ල් එක වෙලාවේ මුහුදෙදිත් තමන්ට උපන් බිම වෙනුවෙන් කරන්න පුලුවන් උපරිම කැප කිරිම මේ ගන් ⁣බෝට් එකේ අණදෙන නිලධාරියා වුන ලුතිනන් කමාන්ඩර් පරාක්‍රම සමරවිර සර් ඇතුලු සහෝදර නාවික නිළධාරින් 34 දෙනා සිද්ධ කලා.

සී ටයිගර්ස්ල⁣ගේ සුසයිඩ් බෝට් එකක් වැදිලා ස්ටියරින් අක්‍රිය වෙලා තියෙද්දිත් ⁣,බෝට්ටුව අත හැර යන්නේ නැතුව සමරවීර සර් ඇතුලු කෲ එක අපේ ජාතික කොඩියේ ඉන්න සිංහයට ආඩම්බර වෙන්න පුලුවන් මට්ටමේ වීරත්වයක් ප්‍රකට කරමින්, ඔවුන් ආදරය කරපු මුහුදෙම සදාකාලික නින්දට ගියා.

ඒ සිද්ධියෙදි දිවි බේර ගත්තෙ දෙන්නෙක් විතරයි.ඒ විර නිලධාරීන් කියන විදියට සමරවීර සර් අන්තිම මොහොතෙත් තමන්ගේ පර්සනල් ටි 56න් එල් ටී ටී ඊ ⁣බෝට්⁣ටු වලට ෆයර් කරලා. සර්ගේ නිර්භිත කම ගැන හිතාගන්න ඒකම ඇති.

සමරවීර සර්ගේ දෙවනියා වුනේ මගේ එක කුස ඉපදුනේ නැතත් ආදරණිය සහෝදරියක් වෙන අනෝජා අබේනායකගේ අයියා වුන ලුතිනන් මධුජිත් අබේනායක.

එදා අලම්පිල් මුහුදෙදි ජිවිතේ පුජා කරපු රණවිරුවන් තිස් හතර දෙනාගෙන් දේහයන් හම්බ වුන හත් දෙනා අතරින් මධුජිත් අයියත් එක්කෙනෙක්.
මට තාම මතකයි අපි ඒ මලගෙදරට සහභාගි වෙච්ච හැටි .දැනුත් මට මැවි මැවි පේනවා.
එතකොට මධුජිත් අයියගේ දුවට වයස අවුරුදු එකහමාරක් විතර වගේ. අද වෙනකොට ඒ දුව වෛද්‍යවරියක්.ඉතින් මධුජිත් අයියා කොහේ හරි ඉදන් දුව දිහා බලාගෙන ඉන්නවා ඇති..

(මධුජිත් අයියා, මගේ හස්බන්ඩ් රෝහන ,අනොජගේ හස්බන්ඩ් වෙන ජයතිලක අයියා ඒ ඔක්කොම KDU 5 batch එකේ සහෝදර නිළධාරීන්)

මේකේ කමේන්ට් එකක් විදියට මං ඒ විඩියෝව අමුනනවා.කැමති කෙනෙක්ට ඒක බලාගන්න පුලුවන්.ඒ ව⁣ගේම ඒක හදපු මහත්මයටත් මම ස්තුති කරනවා.

අපි අපේ තරුණ කාලේ ගත කලේ ඔය වගේ ජිවමාන විරයන්ගේ විර ක්‍රියා සජිවිව අත්විදිමින්.ඩෙස්මන් ඩොස්ලා ගැන මහා අභිමානෙන් කතා කරන දැන් ඉන්න තරුණ පරම්පරාවෙන් කමාන්ඩර් සමරවීර කවුද කියලා ඇහුවොත් දන්න ගානට වඩා නොදන්න ගාන කීප ගුණයකින් වැඩියි..

වීරයෝ නොමැරෙති කිව්වට ඒ වීරයෝ හැමදාම නොමැරි තියා ගන්න බැරි ජාතියකින් වැඩක් නෑ. ලෝකේ ත්‍රස්තවාදය පරාජය කරපු එකම රට වෙලා අඩුම තරමෙ මේ වීර නිලධාරින් ගැන අලලලා හරි හමන් චිත්‍රපටයක්වත් හදා ගත්ත නැති රටක අපි ඉන්නේ..

ඉතිහාසය කියන්නේ තමන් ඉස්කෝලෙ ගිය පලවෙනි දවස මතක තියන් ඉන්න එක විතරක්ම නෙවෙයි.අනාගතයේ ඉපදෙන්න ඉන්නට නියමිත දරුවෝ එයාලට ඒකීය රටක් ඉතිරි කරන්න දිවි දුන්න විරයො ගැනත් අනිවාර්යෙයන් උගන්නන්න ඕන.අඩුම තරමේ පරම වීර විභුෂණ පදක්කම් ගත්ත විරයො ටිකවත් පෙල පොතකට දාන්න බලදාරින්ගේ ඇස් පෑදේවා..

ප.ලි.
මේ පෝස්ටුවේ සඳහන් නිළධරීන් හැම දෙනාටම සර් යන ගෞරවනීය ආමන්ත්‍රණය යෙදුවේ හිතාමතාමයි.

සජීවනී සිල්වා



9 Viewers