උතුරේ අධිපති දේශපාලනයට එරෙහිව සිවිල් බලය නැගිටී… නිදහස් විරෝධී කළු කොඩි දැමීම පරදා ජාතික ධජය ලෙළ දෙයි… ව්‍යාජ නිදහස් විරෝධයට මුවා වී බෙදුම්වාදී උවමනා ඉටු කිරීමවළකමු… -අරුන් සිද්ධාර්ථන් සහ සිවිල් සංවිධාන(වීඩියෝ)

පෙබරවාරී 04 වැනිදා ට යෙදී ඇති නිදහස් දිනය උතුරු නැගෙනහිර ජනතාවට කළු දිනයක් සේ සලකා උතුරු නැගෙනහිර සියලුම වෙළඳසල් වසා දමා රජයට එරෙහිව හර්තාලයක් ක්‍රියාත්මක කරන්නැයි යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය නිවේදනයක් මගින් පෙරේදා ඉල්ලා තිබිණි.
පෙබරවාදි 02 රාත්‍රියේ යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් ශ්‍රවනාගාරයේ දී පැවත්වූ මාධ්‍ය සාකච්ඡාවක දී යාපනය විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ඒ. විජයකුමාර් ඇතුළු සාමාජිකයින් පිරිසක් මේ බව ප්‍රකාශ කර ඇති අතර ශ්‍රී ලංකික රජය පෙබරවාරි 04 වැනිදා ට සාම්ප්‍රදායිකව සමරන නිදහස් දිනය මෙවර ද සැමරිය යුතුයැයි රජය විසින් කලින් නිවේදනය කර තිබිණි.
ඒ අනුව ඊට විරුද්ධ වෙමන් උතුරු නැගෙනහිර ජනතාවට මේ වන විට කිසිදු නිදහසක් හිමි වී නොමැති බවට ව්‍යාජ මත පතුරුවමින් උතුරු නැගෙනහිර සියලු ජනතාව තමන්ගේ නිවෙස ඉදිරිපිට හෝ මාර්ගයේ කළු කොඩියක් ප්‍රදර්ශනය කොට නිදහස් දිනය වර්ජනය කරන ලෙසට විශ්වවිද්‍යාල මහාශිෂ්‍ය සංගමය විසින් ඉල්ලා සිටියේය.
තව ද යුද්දයෙන් පසු උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් ගැටලු, දේශපාලන සිරකරුවන් නිදහස් නොකිරීම, යුද්දයෙන් අතුරුදහන් වූවන්ගේ නොවිසුඳුණු ගැටලු, දේශපාලනික ගැටලු ආදි ගැටලු රැසක් පැවතිය ද කිසිදු රජයක් මෙම ගැටලු වෙනුවෙන් මෙතෙක් විසඳුමක් ලබා නොදුන් බව හේතුවෙන් උතුරු, නැගෙනහිර ජනතාවට පිළිගත හැකි විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලා ඉදිරියටත් අඛණ්ඩ අරගලයක යෙදෙන බව ද මහා ශිෂ්‍ය සංගමය පවසා තිබිණි.
තව ද ඔවුන් මේ සඳහා උතුරු නැගෙනහිර සියලු වෙළඳ සංගම් , බස් සංගම් ඇතුළු සියලු සිවිල් සංවිධානවල සහයෝගය ද ඉල්ලා තිබිණි.
ඒ අනුව මොවුන්ගේ මෙම ප්‍රකාශය, රට බෙදා වෙන් කිරීමට වෙනම ඉඩම් පොලිස් බලතල ඉල්ලන ටී එන් ඒ වැනි උතුරේ දෙමළ පක්ෂවල වර්ගවාදී අදහස් හා සමපාත වන බැවින් දෙමළ ජාතික සන්ධානයේ ඉල්ලීම් වැනි ඒවා ක්‍රියාත්මක කිරීමක් විනා සැබෑ නිදහස වර්ජනය කිරීමේ අලුත් අරමුණක් ඔවුන් සතුව නැති බව යාපනයේ ප්‍රතිවිරෝධී සිවිල් සංවිධාන පවසා තිබේ.
කෙසේ වෙතත් යාපනයේ සිවිල් ජනතාවත් සිවිල් සංවිධානත් එක්ව සාමකාමිව නිදහස සාමාන්‍ය පරිදි සමරන්නටත් සාමාන්‍ය ජන ජීවිතයක් ගත කරන්නටත් කැමැති බව පෙන්වමින් ඔවුන් අද කළු කොඩි නොගෙන ජාතික ධජය අතැතිව නිදහස සැමරූ බව සමාජ මාධ්‍යයේ සටහන් වෙයි.
සාමාන්‍ය ජනතාවගේ වර්ගවාදී හැඟීම් කුළුගන්වන අන්තවාදී දෙමළ පිරිස්වල බලපෑම යාපනයේ නැවත හිස ඔසවන බවත් ඔවුන් සංහිඳියාව නොතකා උතරු නැගෙනහිර බෙදා වෙන් කර ගැනීමේ අරමුණෙන් රාජ්‍ය ආයතන ඔස්සේත් සරසවිය ඔස්සේත් ජාතිවාදය අවුස්සන බවටත් මෙම ව්‍යාජ නිදහස් වර්ජනය කිරීම කදිම උදාහරණයක් වෙයි.
වීඩියෝ
https://www.facebook.com/watch/live/?ref=watch_permalink&v=596590652299850
https://www.facebook.com/watch/live/?ref=watch_permalink&v=934903300845164
https://www.facebook.com/watch/live/?ref=watch_permalink&v=851174093287363
47 Viewers





