එදා කැලේ ඉඳන් රට පාලනය කළේ වේලේලුපිල්ලේ ප්‍රභාකරන් – අද සුමන්තිරන් – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක සභාව කියයි.
ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවේ මාධ්‍ය හමුවක් අද (04) රාජගිරියේ ඡාතික සංජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.
මෙහිදී පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් ප්‍රකාශ කළේ රට බෙදන ව්‍යවස්ථාවලට අත ඔසවන මන්ත්‍රීවරුන් නැවත ගමට නොයන ලෙසයි. ආචාර්ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළේ ජාතික බලවේගහා විදේශගත දේශප්‍රේ්මීන් සමඟ එකමුතුව රට රැකීමට පෙරට පැමිණෙන බවයි. ගෝලීය සංසදයේ විධායක කමිටුවේ ලේකම් යසස් ධර්මදාස මහතා පවසා සිටියේ එක්සත් ජාතික පෙරමුණේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මංගල සමරවීර විසින් අසන අත්තනෝමතික ලෙස ජිනීවාවලදී පිළිගත් යුද අපරාධ තරයේ ප්‍රතික්ෂේප කරන බව ය.
ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජනයක් නියෝජිත නුවන් බෙල්ලන්තුඩාව පවසා සිටියේ මැති ඇමතිවරුන්ගේ සහ පසු සාමාජිකයන් තම පක්ෂ නායකයින් පවසන දෙය ම විශ්වාස කර නොසිට ඊට අදාළව රට පාවාදෙන අණපනත් කියවා බලා තේරුම් ගත් යුතු බවයි.
754 Viewers