කකුලුව දිය සැලියේ හා ජිනීවා මානව හිමිකම් සැසියේ
2011 වසරේදී ලංකාවෙ ඇමෙරිකානු තානාපති කාර්‍යාලයේ පැවති උත්සවයක්දී හිටපු යුද හමුදා මාධ්ය ප්‍රකාශක ප්‍රසාද් සමරසිංහට එවකට ඇමෙරිකානු තානාපති කාර්‍යාලයේ දේශපාලන කටයුතු ප්‍රදානී පෝල් කාටර් ලියවිල්ලක් ලබා දෙන ලදී . එහි තිබුනේ යුධ අපරාද සදහා ගෝටාභය රාජපක්ශ සම්බන්ද බවට සකස් කරන ලද දිවුරුම් ප්‍ර්කාශයකි .එයට ජනරාල් සමරසිංහ මහතා අත්සන් කරන්නෙ නම් ඔහුගේ මුලු පවුලටම ඇමෙරිකාවෙ සැප පහසු ලෙස ජීවත් වීමට සලස්වන බවත් Dr කාරට්ර් පොරොන්දු විය . මෙය සදහන් කලේ මේ අද සිදුවන ක්‍රියාදාමය කුමන පදනමකින් සිදුවන්නේ ද ලංකාව අපහසුතාවයට පත් කරන්නට සාධාරණ හේතුවක් අවශ්‍ය නොවන බවත් පෙන්වා දීමටය.
සෑම වසරකම මාර්තු මාසයකම පැවැත්වෙන් ජිනීවා මානව හිමිකම් සැසියෙ උණුසුම මෙවර ඉතාමත් කලින් එනම් ජනවාරි මාසය වන විට ම අප හට දැනී තිබේ.
ගිය වසරේ ශ්‍රී ලංකාව විසින්ම සමන් අනුග්‍රහය දක්වන ලද 30/1 යෝජනාවලියට ශ්‍රී ලංකාව තවදුරටත් සමඅනුග්‍රහය දැක්වීමෙන් ඉවත් වීමෙන් පසු අපට එරෙහිව කටයුතු කරන බටහිර ජාතීන් හා හා රාජ්‍ය නොවන සංවිධාන ඉතාමත් නොසතුටට පත්විය.
ඔවුන්ට අවශ්‍ය වනුයේ මානව හිමිකම් උල්ලංඝනය මුවාවෙන් අපට පාඩමක් උගන්වන බවත් ඉතා පැහැදිලි වනුයේ මානව හිමිකම් කඩ කිරීම සහ යුද්ධ අපරාධ චෝදනාවට ලක්ව ඇති ඇඩෙල් බාලසින්හම් වැනි ත්‍රස්තවාදීන්ට බටහිර රටවල්වල ම කිසිම උපද්‍රවයකින් තොරව යහතින් ජීවත් වීමට කටයුතු සැලසීමෙන් සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ සිටින ධාරීන්ට පමණක් තහවුරු කරගත නො නොහැකි චෝදනාවක් මත පදනම්ව යුද අපරාධ චෝදනා එල්ල කිරීම නිසාය.
දැනට මාර්තු මාසේ සමුළුවේදී සාකච්ඡා වන කාරනා සහ නිර්දේශ ශ්‍රී ලංකා රජය වෙත ලැබී තිබේ. රජය ඒ සඳහා ප්‍රතිචාර දැක්විය යුතුය. ගිය රජය පරාජයට පත්වීමෙන් පසුව 30/1 යෝජනාවලියෙන් දැනට පවතින රජය ඉවත්වීමට ගත් තීරණය පැසසිය යුතු වුවද ඉන් අනතුරුව රජය නිද්‍රාශීලී පිළිවෙතක් අනුගමනය කිරීමට යොමු වූ අතර ජිනීවා ක්‍රියා ගන්නා න්‍යායකට අනුව මිස කිසිම වැඩ පිළිවෙලකට අනුව නොවේ
එංගලන්තයේ එල්ටීටීඊ තහනම් ඉවත් කරන ලෙස ඉල්ලා පැවරුණු නඩුවේ තීන්දුව වී එය ප්‍රසිද්ධ කරන තුරු අපගේ රාජ්‍ය ඉන් අනතුරුව ද ඔවුන් ක්‍රියා කළේ ජාමය බේරා බේරාගන්නා න්‍යායකට අනුව මිස කිසිම ක්‍රමවත් වැඩ පිළිවෙලකට අනුව නොවේ.
දැන් අපට විරුද්ධව යුද අපරාධ චෝදනා විභාග කිරීමට අමතර ව universal jurisdiction නම් නයිතික මූල ධර්මය යටතෙ සමහර දේශපාලකයන් යුද්ධය මෙහෙයවූ හමුදා නිලධාරීන් වෙනත් රටවල් දී අත්අඩංගුවට ගැනීම ඔවුන්ගේ රාජ දේපළ රාජසන්තක කිරීම සඳහා එක්සත් ජාතීන් මෙවර නිර්දේශය ඇත.
මොකක්ද මේ universal jurisdiction
කෙටියෙන් පැවතුම් පැවසුවහොත් universal jurisdiction යනු අන්තර්ජාතික නීතියේ එන නීති සිද්ධාන්තයක් වන අතර එයින් අදහස් වන්නේ යම් කිසි දරුණු ගණයේ අපරාධ වලට එනම් මානව සංහාර යුධ අපරාද වැනි දරුණු අපරාධ වලට සම්බන්ධ පුද්ගලයන් එකේ අපරාධය සිදුවණු රටේ දී එම අපරාධයට දඩුවම් ලැබීමේ අවස්ථාව නො ලැබෙන්නේ නම් වෙනත් විදේශ රටකදී ඔවුන් අත්අඩංගුවට ගෙන දඬුවම් පැමිණවිය යුතු බවයි.
අද වන විට universal jurisdiction යටතේ නඩු කටයුතු කිරීම සඳහා විශේෂයෙන්ම බටහිර රටවල් වල අවස්ථාව සලසා දී ඇති බවක් දක්නට ලැබේ.
එක්දහස් 1998 දී ස්පාඤ්ඤ අධිකරණයක් මගින් චිලියේ සිටි ආඥාදායකයා වන පිනෝචේට විරුද්ධව වරෙන්තුවක් ලබා ගන්නා ලද අතර ඉන් දින හයකට පසු ඔහුව ලන්ඩනයේද දී අත්අඩංගුවට පත් වූයේ ඔහු විසින් චිලී රාජ්‍යයේදී කල අපරාධ සඳහායි.
මෙය ශ්‍රී ලංකාවේ තත්වය සලකා බලන.කළ ඉතාමත් භයානක ප්‍රවණතාවකි
2017 දී එවකට බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපතිව සිටි ජෙනරාල් ජගත් ජයසූරිය ට විරුද්ධව මේ ආකාරයෙන්ම නඩු පැවරීමට සූදානම් වූ අතර ඔහු තානාපති මුක්තිය යටතේ ශ්‍රී ලංකාවට ළඟා වූයේ නඩු කටයුතු සඳහා ප්‍රමාණවත් කාලයක් ලබා නොදෙමින්. ඒ ආකාරයෙන්ම ස්විට්සර්ලන්තයේ රාජ්‍යතාන්ත්‍රික සේවයේ යෙදී සිටි ජනරාල් ජගත් ඩයස් සහ වර්තමාන යුද හමුදාපති ශවීන්ද්‍ර සිල්වා ටත් මෙවැනි තර්ජන වලට මුහුණ දීමට සිදුවීම නිසා ඔවුන් තමන්ගේ තනතුරු දරන කාලසීමාව සීමා කිරීමට ශ්‍රී ලංකා රජයට සිදු විය
මෙකී universal jurisdiction නීති සිද්ධාන්තය ඉතාමත් භයානක ලෙස යොදාග ගත හැකි තවත් අවස්ථා සදහා උදාහරණ තිබේ.
අදාල චෝදනාවට ලක්වන පුද්ගලයා එම රටේ නඩු කටයුතු සිදුවුණු රටේ භූමිය තුළම සිදු වීමේ අවශ්‍යතාවයක් නැහැ. උදාහරණයක් විදියට ඊශ්‍රායලයේ හිටපු විදේශ ඇමතිනී Tzipi Alvin ඊශ්‍රායලයේ සිටියදී ලන්ඩන් අධිකරණයක් මගින් වරෙන්තුවක් ලබා නමුත් ඊශ්‍රායලය එල්ල කළ අධික රාජ්‍යතාන්ත්‍රික බලපෑම මත ඔවුන්ට පසුව එකී වරෙන්තුව නිශ්චය කිරීමට සිදුවුවත් ශ්‍රී ලංකාව මෙවැනි රාජ්‍ය තාන්ත්‍රික බලපෑම්ක් එල්ල කිරීම්ට ඉඩක කඩ බොහොම සීමිතයි.
මෙකී අනතුර ශ්‍රී ලංකා රජයේ එවකට යුද්ධය ජයග්‍රහණය කරන්න කිරීම්ට දායක වූ නිල දරුවන්ට එරෙහිහ ඉතාම භයානක ලෙස යොදා ගැනීමට ඩයස්පෝරාවට හැකියාවක් ඇති බව පෙනේ. ශ්‍රී ලංකාවේ හමුදා නිලධාරීන්ගේ පෙනී සිටීඉමෙන් තොරව ඔවුන්ට විරුද්ධව නඩුවක් ගොනු කිරීමෙන් ලබා ගනනා වරෙන්තුවක් අනතුරුව ඒ අන්තර්ජාතික පොලිසියට interpol හරහා රතු නිවේදනයක් ලෙස බලගැන්වීම්ට මේ හරහා ඉතා පහසු ඉඩක් ප්වතී . මෙය ඉතා භයානක තත්ත්වයක් බව ශ්‍රී ලංකා රජය අවබෝධ කරගත යුතුයි.
මානව හිමිකම් කවුන්සිලය ගැන කතා කරන විට සමහරුන් සලඳහන් කරන්නේ ශ්‍රී ලංකාව යුද අපරාධ අධිකරණයකට යොමු කිරීම සඳහා මානව හිමිකම් කවුන්සිලයට හැකියාවක් නැති බවයි.
ශ්‍රී ලංකාව රෝම සම්මුතියට අත්සන් කර නැති නිසා ආරක්ෂක කවුන්සිලයේ අනුමැතියකින් තොරව ලංකාව අන්තර්ජාතික අපරාධ අධිකරණයට ගෙන යා නොහැකි බව චීනය හා රුසියාව එක් නොකළ හැකි බවත් ඉදිරිපත් කරන තර්ක සත්‍යයක් ඇති වුවද එල්ටීටීඊ සංවිධානයට සහ ඔවුන්ගේ හිතවත් ඩයස්පෝරාවට අවශ්‍ය වන්නේ එය නොවෙයි අවශ්‍ය වන්නේ බටහිර ජනමතය ශ්‍රී ලංකාවට විරුද්ධව ගොඩ නංවා ගැනීමටයි. ඒ සදහා මෙවලමක්.ලෙස එක්සත් ජාතීන්ගේ වාර්තා සහ රාජ්‍ය නොවන සංවිධාන වල වාර්තා ඔවුන් උපයෝගී කර ගනී.
මේ කරන්නේ කොළය වසා ගැහිල්ලක් බව අවබෝධ වන්නේ බොහොම සුළු පිරිසකටය ශ්‍රී ලංකාවේ නිලධාරීන්ට විරුද්ධව විවිධ රටවලදී නඩු සිය ගණනක් පටල වීමෙන් අනතුරුව ඔවුන්ගේ දෙවැනි පියවර කරළියට පැමිණේ. එය වසරක්දීද වසර දයකදීද යන්න දාල නොවේ. ඔවුන් එය දියත් කරන්නෙ සතුරා එනම් ශ්‍රී ලංකා රජය ඔවුන්ට අවශ්‍ය තරමට දුර්වල කර ගනීමෙන් අනතුරුවය.
universal jurisdiction යටතේ මෙතෙක් මෙසේ ලබාගන්නා නඩු තීන්දු බලාත්මක කිරීම සඳහා ඔවුන් ශ්‍රී ලංකාව රජය කර බල කරනු ඇත.
යම් කිසි ආකාරයකින් පවතින රජය අසමත් වන්නේ ද ඉන් අනතුරුව ඔවුන් ඔවුන්ගේ ඊළඟ පියවර ක්‍රියාවට නංවයි.
එනම් යුධ අපරාධකරුවන්ට දඬුවම් නොදෙන රජයකට විරුද්ධව ආර්ථික සම්බාධක පනවන ලෙස විදෙස් රටවල් විශේෂයෙන්ම බටහිර ඔවුන්ට ඇති ඔවුන්ගේ මතවාදය සකසා ඇති රටවල් වලින් ඔවුන් ඉල්ලීම් කරනු ඇත මේ සඳහා ඔවුන් මානව හිමිකම් කවුන්සිලය විසින් කරනු ලබන නිර්දේශය ඔවුන්ගේ පාර්ශ්වය වෙනුවෙන් ඉදිරිපත් කරනු ඇත.
සමූල ඝාතකයින් ආරක්ශා කරන රටකට ආර්ථික සම්භාධක පන්වන්න .
දෙමල ජනතාවට සමූල ඝාතකයින්ගෙන් වෙන්වීමට එක්සත් ජාතීන්ගේ මැදිහත්වීමෙන් ජනමත විචාරණයක් ලබා දෙන්න
මේ ඔවුන් ගමන් කරන්නේ එතැනටය.
වේගය අඩු විය හැක.
අපි තාමත් ලිප ගිනි මොලවන තෙක් බලා සිටිමු
156 Viewers





