• Home »
  • Articles »
  • කට්ටපරිච්චාන් මුහුදේ සැගවී ගිය ධාර්මික සෙන්පතියා ඔබයි …

කට්ටපරිච්චාන් මුහුදේ සැගවී ගිය ධාර්මික සෙන්පතියා ඔබයි …

1990 වසරේ ජුනි මස මුතුර්  ක්‍රියාන්විතයේ දී දැයට අහිමි වු අසම සම කමාන්ඩෝවරු අතර, එතුමා සුවිශේෂී චරිතයකි . මස් මාංශ අනුභවය ප්‍රතික්ෂේප කළ එතුමා නමින් 01 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ චාලි කණ්ඩායමේ මේජර් ෆීලික්ස් රත්නායක නම් වේ .කොළඹ රාජකීය විදුහලේ කීර්තිමත් දීප්තිමත් ආදි සිසුවෙක් වු මෙතුමා 01 වන කමාන්ඩෝ රෙජිමේන්තුවට එක් වීමට ප්‍රථම දියතලාව යුද හමුදා විද්‍යා පීඨයෙන් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ආධුනික උප ලුතිනන්වරයෙකු ලෙස අසිපත් දරා මකර තොරණින් නික්මව පසුව තම කුඩා කල සිට දුටු සිහිනයට යථාර්ථයේ අරුණැල්ල එක් කරමින් ගනේමුල්ල කමාන්ඩෝ පුහුණු පාසල වෙත ඇතුලත්ව කමාන්ඩෝ පුහුණුව ලබා අතලොස්සකට පමණක් උරුම වන මෙරුන් පැහැති හිස් වැසුම හිසලා ගන්නට සමත් විය . නැගෙනහිර සාමය  බිඳ දමා එල්ටීටීඊ ත්‍රස්තවාදීන් දෙවන  ඊළාම් යුද්ධයට මග විවර කරමින් සිටි කාලයක් වු මේ සමයේ දී පොලිස්  නිළධාරීන් 600 ක් මඩකලපුව කලවංචිකුඩි වනයේ දී අමු අමුවේ ඝාතනය කිරීම ඔවුන් ගේ කෲරත්වය ලොවටම පෙන්වු අවස්ථාවක් විය .   මුතුර් ජැටියත්  පොලීසියත් ,කින්නියා හමුදා අනුඛණ්ඩයත් එල්ටීටීඊ ත්‍රස්ත ප්‍රහාර නිසා බිඳ වැටෙමින් පවතින මොහොතක පැය 24 ඇතුලත මුදවා ගැනීමේ මෙහෙයුමක් සදහා මුතුර් වෙත ගිය කර්නල් අශාඩ් නම් රණකාමී නිළධාරියා අණ දුන් 01 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ “චාලි” කණ්ඩායමේ සිටි එඩිතර නිළධාරියෙක් ලෙස මේජර් රත්නායක හදුන්වාදීමට පුළුවන . පලමු වර අසාර්ථක වු ක්‍රියාන්විතය දෙවන වර වෙනත් තැනකින් ගොඩ බැස කැළෑ ගම්මාන පසු කරමින් ඉදිරියට ගිය කමාන්ඩෝ වරුන් හට මුතුර් කට්ටපරිච්චාන්  කලු පාලම අසල දී එල්ටීටීඊ ත්‍රස්තවාදීන් හා දරුණු සටනක්  දෙන්නට සිදු විය . සටනේ වැඩි වාසිය එල්ටීටීඊ ත්‍රස්තවාදීන් සතු වද්දී, භුමියේ වාසිය ඔවුන් සතු වු මොහොතක 01 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ චාලි කණ්ඩායමට ජීවිත වලින් දැඩි  හානියක් වු ඒ අභාග්‍ය සම්පන්න දිනයේ දී මේජර් රත්නායක සහ තවත් කමාන්ඩෝ වරුන් 08  දෙනෙකු  පමණ ධීවර  බෝට්ටුවක් උපයෝගී  කරගෙන ඉතා අසීරුවෙන්  සතුරු භුමියෙන් නික්මව අතෙරක් තෙරක් නොපෙනෙනා මහ සයුරක හබල් ගාමින් ඉදිරියට ඇදෙන්නට වු අතර එය මිරිඟුවක් පසු පස ලුහු බදින්නාක්  වැනි විය .මුහුදු ජලය ,මුත්‍රා බෝට්ටු ෆයිබර් කැලී සපා කමින් වලින් කුස පුරවා ගන්නවා හැරෙන්නට වෙනත් යමක් නොවුනි . ජීවිතය රැකෙන්නට මෙන් ආ කැස්බෑවා මරා ලේ සහ මස් ගන්නට කෝප්‍රල් ගීතදේව ගත් උත්සාහයට මේජර් රත්නායක අකුල් හෙලුවේ

“ගීත් ඕක කරන්න එපා” යනුවෙනි . එහෙත් තම නිළධාරියාගේ අණට පිටින් යනවා හැර වෙන විකල්පයක් නොවුනු තැන කෝප්‍රල් ගීතදේවා ශරීරය අඩපණ වී ඇති මුත් ධාන්‍යකට සම වැදී සිට්න්නාක් මෙන් සිටීන මේජර් ෆීලික්ස් රත්නායක වෙත කැස්බෑව මරා ගත් මාංශ  ආහාරයට ලබා දෙන්නට උත්සුක වුවත් එය ද නිෂ්එල කාර්යයක් විය . මේජර් ෆීලික්ස් රත්නායක එය එකහෙළා ප්‍රතික්ෂේප කළේය .තමන් ඇතුලු සහෝදර කමාන්ඩෝවරු කැස්බෑ ලේ සහ මාංශ වලින් කුසගින්න නිවා ගත් නමුත් තම සහෝදර නිළධාරියා ඔහුගේ මතය තුලම පවතී නම් එය ඔහුගේ ජීවිතයට හානියක් බැව් සිතා වහාම ක්‍රියාත්මක වු කෝප්‍රල් ගීතදේවා සහ සහෝදර කමාන්ඩෝ වරුන් ශරීරයෙන් අඩපණ වී ධාන්‍යයකට සම වැදී සිටින්නාක් මෙන් සිටින මේජර් රත්නායකගේ කට මිරිකා කැස්බෑ ලේ පොවන්නට ගත් අවසන් උත්සාහයත් ඟඟට කැපු ඉණි බවට පත් වද්දී එකෙනෙහිම මේජර් රත්නායක තම මුඛයෙන් එම කැස්බෑ ලේ ඉවතලාලිය.

එක්තරා රාත්‍රියක කෝප්‍රල් ගීතදේව ඇමතු මේජර් රත්නායක

” ගීත් මට හිතෙනවා. මම වැඩි කල් ජීවත් වෙන එකක් නෑ කියලා උඹ ගෙදර යන දවසට මේ පර්ස් එකයි චෙන් එකයි මගේ අම්මට දීපන් ” යනුවෙන් කෝප්‍රල් ගීතදේව අමතද්දී කෝප්‍රල් ගීතදේව එයට පෙරලා පැවසුවේ

“පිස්සුද එහෙම වෙන්නේ නෑ” යනුවෙනි .මිනිසුන්ගේ දෛවය කෙතරම් අවිනිශ්චිත ද යන්න පසක් වන පසු දින පහන් වන විට බෝට්ටුවේ නිදා සිටි මේජර් රත්නායක කුද්දන කෝප්‍රල් ගීතදේවට සහ අනෙකුත් සහෝදර කමාන්ඩෝ වරුන්ට දරා ගත නොහැකි සිදුවීමක් තමාට හොරා ඇස් පනාපිටම ලියවී තිබුණි .කිසිදු ප්‍රතිචාරයක් නොදක්වන මේජර් ෆීලික්ස් රත්නායකගේ අත අල්ලා බැලු කෝප්‍රල් ගීතදේව යකඩයක් මෙන් ගල්වී තිබු මේජර් රත්නායක දිවි ගමනට ආයුබෝවන් කියා ඇති බව වටහා ගත්හ. ඊට එහා නිදා සිටි මේජර් රත්නායක ගේ බඩියා වු කෝප්‍රල් ප්‍රනාන්දු ද දිවි ගමනින් පෙර රැයේ සමුගෙනය .මේජර් රත්නායක සහ ඔහුගේ බඩියා වු ප්‍රනාන්දු එකම රැයක තමන්  සමග දින සති ගණනක් එකට සිටි කමාන්ඩෝවරුන්ට නොකියාම දිවි ගමනින් බැස ගොසිනි . වේදනාව සහ කෝපය කෙතරම් වුවත් හඬා වැළපෙන්නට හෝ කෝපවීම එලක් නොවෙති .දින ගණනක් තම වටිනා කමාන්ඩෝ නිළධාරියාගේ සහ කෝප්‍රල් වරයාගේ සිරුරු බෝට්ටුව තුල තවදුරටත් තබා ගැනීමට නොහැකි වු තැන අතෙරක් තෙරක් නැති සයුරක් වෙත අත්හරින්නට සහෝදර කමාන්ඩෝ වරුන්ට සිදු වුයේ සිතකින් නම් නොවෙයි.

තම අවසන් මොහොත ඉතා ලග බව දැන දැනත් මරණය වෙත ගිය මේජර් ෆීලික්ස් රත්නායක කෝප්‍රල් ගීතදේව අමතා කියු අවසන් වදන් පෙළ වු

” ගීත් මට හිතෙනවා .මම වැඩි කල් ජීවත් වෙන එකක් නෑ මම මැරෙයි කියලා උඹ ගෙදර යන දවසට මේ පර්ස් එකයි චෙන් එකයි මගේ අම්මට ගිහින් දීපන් ” යන වදන් පෙළ අදටත් කෝප්‍රල් ගීතදේවගේ දෙසවන මත රැව්දෙනවාට කිසිදු සැකයක් නැත .

රමේශ් පතිරන



12 Viewers