කතෝලික පල්ලියේ අත් වලින් බිලිගත් ප්‍රසිද්ධ ජීවිත.
1.ජෝර්ඩානෝ බෘෘනෝ (1548-1600) – දාර්ශනිකයා
Giordano Bruno – Philosopher and Martyr of Freedom of Thought
බෘෘනෝ සර්ව ආගමික අදහස් දරපු සාම්ප්‍රදායික කතෝලික ආගමික මූලධර්ම ප්‍රතික්ශේප කරපු දාර්ශනිකයෙක්. බෘෘනෝ තමන් පෙනී සිටපු මත ඉල්ලා අස් කර නොගැනීම නිසා 1600 දි කතෝලික පල්ලිය විසින් බෘෘනෝව කණුවක බැඳලා ගිනි තියලා දානවා.
2. හයිපේෂියා (c.360-415) – ගණිතඥයා / දාර්ශනිකයා
Hypatia of Hypatia – Mathematician and Philosopher
හයිපේෂියා ගේ මිත්‍යාදෘෂ්ටික විශ්වාසයන්, දේශපාලන හේතු මත ක්‍රිස්තියානි මැර කල්ලියක් විසින් හයිපේෂියාව නිරුවතින් ඇලෙක්සැන්ඩ්‍රියාවේ පාරවල් දිගේ ඇදගෙන ගිහිං ම්ලේච්ඡ විදිහට මරා දානවා. හයිපේෂියාගෙ මරණය, සම්භාව්‍ය දැනුමේ පරිහානිය සහ ආගමික ගැටුම් හමුවේ බුද්ධිමය කටයුතු යටපත් කිරීමේ සංකේතයක් ලෙස හඳුන්වනවා.
3.මයිකල් සර්වෙටස් (1511-1553) – වෛද්‍යවරයා /දේවධර්මාචාර්ය
Michael Servetus – Spanish Physician and Theologian
ත්‍රිත්වය පිළිබඳ ඕතඩොක්ස් ක්‍රිස්තියානි අදහස්වලට අභියෝග කිරීම නිසා රෙපරමාදු සහ කතෝලික බලධාරීන් නඩු විභාගයක් තියලා මයිකල්ට මිථ්‍යාදෘෂ්ටික චෝදනා එල්ල කරලා 1553 දී කණුවක බැඳලා ගිනි තියලා දානවා.
4.තෝමස් මෝර් (1478-1535) – විශාරදයා
Thomas More – Statesman and Scholar
එංගලන්තයේ පල්ලියේ උත්තරීතර ප්‍රධානියා ලෙස VIII වන හෙන්රි පිළිගැනීම මෝර් විසින් ප්‍රතික්ෂේප කිරීම සහ රජුගේ ආගමික ප්‍රතිපත්තිවලට විරුද්ධ වීම නිසා රාජද්‍රෝහී චොදනා එල්ල කරලා හිස ගසා මරා දානවා.
5.යාන් හස් (1369-1415) – චෙක් පූජකයා / ප්‍රතිසංස්කරණවාදියා
Jan Hus – Czech Priest and Reformer
කතෝලික පල්ලියේ ඉගැන්වීම්වලට අභියෝග කිරීම සහ මිථ්‍යාදෘෂ්ටික චෝදනා නිසා යාන් හස් කණුවක බැඳලා ගිනි තියලා දානවා.
6.සැවොනරෝලා (1452-1498) – ධර්මදේශකයා
Savonarola – Dominican Friar and Preacher
සැවොනරෝලා, ෆ්ලොරන්ස් හි පල්ලියේ බලධාරීන්ට අභියෝග කරමින් පල්ලිය දූෂිතයි කියලා චෝදනා කලා. සැවොනරෝලා මිථ්‍යාදෘෂ්ටික චෝදනා නිසා එල්ලා මරා දානවා.
7.ජෝන් (1412-1431) – සේවිකාව
Joan of Arc – The Maid of Orleans
ජෝන් කියන සේවිකාවට මිථ්‍යාදෘෂ්ටිය, මායා කර්මය සහ පිරිමි ඇඳුම් ඇඳීම යන චෝදනා එල්ල කරලා පල්ලියේ උසාවියකින් වරදකරු කරලා 1431 දී කණුවක බැඳලා ගිනි තියලා දානවා.
8.බෲනෝ බවර් (1809-1882) – දාර්ශනිකයා / දේවධර්මාචාර්ය
Bruno Bauer – German Philosopher and Theologian
බෘෘනෝගේ ආගම සහ දේශපාලනය පිළිබඳ රැඩිකල් අදහස් නිසා පල්ලියෙන් බෘෘනෝට වාරණ දැම්මා. Academic circles වලදි බෘෘනෝව කොන් කිරීම සහ බෘෘනෝගෙ ප්‍රකාශන සීමා කිරීම කලා.
9.නිකොලස් කොපර්නිකස් (1473-1543) – තාරකා විද්‍යාඥයා
Nicolaus Copernicus – The Revolutionary Astronomer
කොපර්නිකස්, පෘථිවිය ඇතුළු අනිත් ග්‍රහලෝක සූර්යයා වටේ භ්‍රමණය වීම නැත්නම් සූර්ය කේන්ද්‍ර ආකෘතිය ඉදිරිපත් කලා. පල්ලිය පිලිගත්තේ පෘථිවිය විශ්වයේ මැද තියෙනවා, ග්‍රහලෝක පෘථිවිය වටේ භ්‍රමණය වෙනවා කියන භූ කේන්ද්‍ර වාදය. පල්ලිය කොපර්නික්ස්ට විරුද්ධ උනා සහ කොපර්නික්ස්ගෙ පොත් තහනම් කලා.
10.ගැලීලියෝ ගැලීලි (1564-1642) – නූතන විද්‍යාවේ පියා
Galileo Galilei – The Father of Modern Science
කොපර්නිකස් කියපු සූර්ය කේන්ද්‍රීය ආකෘතිය ගැලීලියෝ පිළිගත් නිසා 1633 දී, ගැලීලියෝ රෝමානු කතෝලික විමර්ශන සභාව විසින් නඩු විභාගයට ලක් කරලා වරදකරු කරලා, වධහිංසා කරනවා කියලා තර්ජනය කරලා ගැලිලෙයෝගෙ අදහස් ඉල්ලා අස් කරගන්න කියලා බල කලා.
11.ජොහැන්නස් කෙප්ලර් (1571-1630) – ගණිතඥයා / තාරකා විද්‍යාඥයා
Johannes Kepler – German Astronomer and Mathematician
කෙප්ලර් ග්‍රහලෝක වල චලිතයට අදාල නීති ඉදිරිපත් කලා. කොපර්නිකස්ගේ සූර්ය කේන්ද්‍රීය ආකෘතියට කෙප්ලර් සහයෝගය දීපු නිසා පල්ලියේ විවේචනයන්ට මුහුන දෙන්න උනා.
50 Viewers





