කර්නල් ඒ.එෆ්. ලෆීර්

ඔහු පලමු විශේෂ බලකා රෙජිමේන්තුවේ ප්‍රථම අනදෙන නිලධාරියායි. මොහු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විශේෂ බලකාය පිහිටුවීමේලා විශිෂ්ට මෙහෙයක් සිදුකල නිලධාරියෙකි.
1996 ජුලි 18 වන දින මුලතිව් හමුදා කදවුර කොටි ත්‍රස්ත්‍රවාදී ප්‍රහාරයකට ලක්ව, දරුණු පසුබැමකට මුහුනපා සිටි අවස්ථාවේ, ත්‍රිවිධ පහර මෙහෙයුමේ මුල් අදියර සදහා ස්වෙච්චාවෙන් ඉදිරිපත් වූ පලමු විශේෂ බලකා රෙජිමේන්තුවේ කොමාන්ඩෝ සෙබලුන් 275 අනදෙමින්, ත්‍රස්ත්‍රවාදීගේ දරුණු සහ අන්තර්ජාතික යුධ සම්මුතීන් උල්ල්ංඝනය කරමින් පැරෂුට් භටයන්ට වෙඩිතැබූ අවස්ථාවේ , එම වෙඩි ප්‍රහාර නොසලකා, මුලතිව් කදවුර හා රේඩියො සම්බන්ධතාවය ඇතිකරගනිමින්, මුලතිව් වෙරළ තීරයට ගොඩබට නිලධාරීයායි.
වෙඩිපහර කීපයකින් තුවාල ලබා සිටියත්, කර්නල් ඒ.එෆ්. ලෆීර් තවදුරටත් තම සෙබලුන්ට අණ දෙනු ලැබීය. අවසානයේ මොටාර් බෝම්බ කැබැල්ලක් වැදීමෙන් ඔහු ජීවිතක්ෂයට පත්විය. ඔහුගේ සහෝදර සෙබලුන් , සිරුර ගුවන් හමුදා හෙලිකොප්ටරයකට යැවීමට සමත්විය. මෙම මෙහෙයුමේදී ඔහු ප්‍රකට කල වීරත්වය උදෙසා “පරම වීර විභූෂන” පදක්කම ප්‍රදානය කරන ලදී.
තම ජීවිත පරදුවට තබා සටන් කළ මෙවැනි වීරයින්ගෙන් සමන්විත ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා (ත්‍රිවිධ හමුදා) සහ පොලිස් නිලධාරීන් නිසා දශක තුනකට වැඩි කාලයක් පැවති ත්‍රස්තවාදය නිමා කරමින් දේශයේ ස්වෛරීභාවය, භූමියේ ඒකීයභාවය සහ ජනතාවගේ ආරක්ෂාව මෙරට සුරක්ෂිත වූ අතර සාමකාමී සමාජයක් ගොඩනැගීමට හැකි විය…
සෙන්පතියාණෙනී
ඔබට අජරාමර නිර්වාන සුවයම අත්වේවායි තේජමාන විරුවෝ අප ප්‍රාර්ථනය කරන්නෙමු…
29 Viewers





