කවුද හොරා?

“ආතල්ගමේ පිටුපස තියෙන්නෙ ගෝඨාභය එළවීම නො නොවෙයි. සිංහල බෞද්ධ සංස්කෘතිය එළවීම.

බුද්ධ ගෝ කියන එක තමයි කියන්නෙ. අද කාදිනල්තුමයි මුස්ලිම් මෞලවීලයි බෝන් අගේන් දේශකයනුත් එකට වැඩ කරන බව පේනවා.

ඒ මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි විය යුතු තැන නොදීමට. නවසිලන්තයේ මුස්ලිම් යාඥාකරුවන්ට වෙඩි තැබීමට විරුද්ධව මුස්ලිමුන් පලිගත්තේ මෙරට කතෝලිකයන්ගෙන්. ඒ දවස්වලත් මා ඒ ගැන කියා ඇති. නවසීලන්තෙ මුස්ලිමුන්ට පහර දුන්නෙ ක්‍රිස්තියානි අයකු. මුස්ලිමුන්ට, සහාරන්ට ක්‍රිස්තියානි ආගම සහ කතෝලික ආගම අතර වෙනස තේරෙන්නෙ නැතුව ඇති. කොහොමටත් අද කාදිනල්තුමා ඒ ප්‍රහාරයෙන් සහාරන් නිදොස් කර නිදහස් කරන්න කටයුතු කරලා.

ඒ සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහිව මුස්ලිමුන් එක්ක එකතු වෙන්න ද කියල අහන්න වෙනවා.  කාදිනල්තුමාත් සිරිල් ගාමිණී දේවගැතිවරයාත් වටින් ගොඩින් කියන්නෙ මෙතන ගෝඨාභය පත් කරන්න කුමන්ත්‍රණයක් තිබුණ කියා.

එතැන නොසැලකිල්ලක් තියෙන්න ඇති. ඒත් චේතනාන්විතව මිනිස් ඝාතනයක් බුද්ධි අංශවලින් කෙරුණෙ නැහැ. නොසැලකිල්ලට රනිලුත් වැරදිකාරයෙක්. සමස්ත යහපාලන ආණඩුව ම වැරදි කාරයො. දින පනස්දෙකේ නීත්‍යානුකූල ආණ්ඩුව පෙරළා දැමූ සියල්ලන් වග කියන්න ඕන. දින පනස් දෙකේ ආණ්ඩුව ජෙප්පන් හා සෙප්පන් එකතු වෙලා පෙරළා නොදම්මන්න පාස්කු ප්‍රහාරයක් සිද්ධ වෙන්න තිබුණෙ නැහැ. බුද්ධි අංශ නොසලකා හැරෙන්නෙ නැහැ.

අද කතෝලික සභාව මුස්ලිම් බලවතුන් බෝන් අගේන් අය තමන් අතර ඇති සියලු ප්‍රශ්න අමතක කර සිංහල බෞද්ධ සංස්කෘතියට 1505 සිට නැති වුණු විශේෂත්වය තව දුරටත් එලෙසම පවත්වා ගැනීමට එකතු වෙලා තියෙනවා. ඒ සඳහා නිර්පාක්‍ෂික නිර්දේශපාලනික ආදී බොරු කතා ටිකක් කියනවා…..”



58 Viewers