කාදිනල් සහ සාලේ

කාදිනල්තුමාගේ ඉල්ලීමට ආරක්ෂක ලේකම්වරයා සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා ලෙස ශානි අබේසේකරව පත් කළ බව එදා පාර්ලිමේන්තුවේදී බිමල් රත්නායක පැවසුවා ඔබට මතක ඇති.
බිමල් එහෙම කියද්දී බ්මල්ගේ ඒ ප්‍රකාශය මත පදනම්ව අද වෙද්දි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා ක්‍රියාත්මක කරමින් සිටිනුයේ කාදිනල්වරයාගේ අභිලාෂයන් බව ප්‍රකාශ කිරීම අරුත්සුන් ප්‍රකාශයක් නොවන බව මගේ විශ්වාසයයි.
පාස්කු ප්‍රහාරය පිළිබඳව කතෝලික පල්ලියට සම්බන්ධ ඇතැම් තරුණයන් පොත් ලියා එම පොත්වල එම සිදුවීමේ ප්‍රධාන සැකකරුවෙක් වශයෙන් මෙම කීර්තිමත් නිලධාරියා හංවඩු ගසා තිබියදී හදිසියේ ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ මෙම නිලධාරියාව රඳවුම් නියෝග මත රඳවා තබා ගැනීම අප දැඩි ලෙස පිළිකුලෙන් යුතුව හෙලා දකින්නෙමු.
මෙම රැඳවුම් නියෝග නිකුත් කර ඇත්තේ එදා බිමල් රත්නායක පාර්ලිමේන්තුව තුළ පැවසූ පරිදි කාදිනල්වරයාගේ ඉල්ලීමට පත් කළ දේශපාලන එහෙයියෙකුගේ බලපෑමට නම් එම එහෙයියන් විසින් මෙහෙයවන පරීක්ෂණවල ස්වාධීනත්වය පිළිබඳව ප්‍රශ්න කිරීමට සිවිල් පුරවැසියන් ලෙස අපට අයිතියක් ඇත.
ඉතිහාසය නොදත් අයට කොටි ත්‍රස්තවාදීන්ට එරෙහි යුද ජයග්‍රහණය සඳහා සුරේෂ් සලේ විසින් ලබා දුන් දායකත්වය මෙලෙස මතකාවර්ජනය කිරීමට අප කැමැත්තෙමු.
මේජර් ජෙනරාල් සුරේෂ් සලේ යනු ශ්‍රී ලංකාවේ තිස් වසරක යුද්ධය නිමා කිරීම සඳහා බුද්ධි අංශ ක්ෂේත්‍රය ඔස්සේ සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ නිලධාරියෙකි. විශේෂයෙන්ම යුද්ධයේ තීරණාත්මක අවසාන කාල පරිච්ඡේදයේදී ඔහුගේ දායකත්වය කැපී පෙනුණි.
නිදසුනක් වශයෙන් බුද්ධි තොරතුරු ජාලය ශක්තිමත් කිරීම සඳහා මෙතුමා ඉටු කරන ලද කාර්යය අපට අමතක කළ නොහැකි තරම්ය.
යුද්ධයේදී හමුදා ක්‍රියාන්විතයන් සාර්ථක වීමට නම් නිවැරදි බුද්ධි තොරතුරු අත්‍යවශ්‍ය වේ. සුරේෂ් සලේ යුද හමුදා බුද්ධි බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙස, එල්.ටී.ටී.ඊ. සංවිධානයේ අභ්‍යන්තර තොරතුරු, ඔවුන්ගේ සැපයුම් මාර්ග සහ නායකත්වයේ චලනයන් පිළිබඳ නිවැරදි දත්ත රැස් කිරීමට නායකත්වය ලබා දුන්නේය.
දිගු දුර විහිදුම් බලකාය’ (LRRP) සඳහා මෙතුමාගෙන් ලැබුණු සහාය ගැන කතා කරන විට ත්‍රස්තවාදීන්ගේ පාලන ප්‍රදේශ තුළට ගොස් ප්‍රහාර එල්ල කරන විශේෂ ඒකක සඳහා අවශ්‍ය කරන රහසිගත බුද්ධි තොරතුරු සැපයීමේදී ඔහු ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළේය. මෙය එල්.ටී.ටී.ඊ. නායකත්වයේ මනෝභාවය බිඳ දැමීමටත්, ඔවුන්ගේ ආරක්ෂාව දුර්වල කිරීමටත් බෙහෙවින් උපකාරී විය.
ජාත්‍යන්තර ජාලයන් හඳුනා ගැනීම සඳහා මොහුගෙන් ලැබුණු සහාය වචනයෙන් කිව නොහැකි තරම් වන අතර එල්.ටී.ටී.ඊ. සංවිධානයට විදේශයන්ගෙන් ලැබෙන ආයුධ සහ මූල්‍ය ආධාර ජාලයන් පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමටත්, එම සැපයුම් මාර්ග අඩපණ කිරීමට අවශ්‍ය තාක්ෂණික සහ මූලෝපායික සහාය ඔහු ලබා දුන්නේය.
අවසාන මානුෂීය මෙහෙයුම (2006-2009) තුල
නැගෙනහිර සහ උතුරු පළාත් මුදා ගැනීමේ මානුෂීය මෙහෙයුම් වලදී, සතුරාගේ බලකොටු පවතින ස්ථාන සහ ඔවුන්ගේ උපක්‍රම කල්තියා හඳුනාගෙන ඒවා ක්ෂේත්‍රයේ සිටින සේනාංකාධිපතිවරුන් වෙත ලබා දීමට ඔහු කටයුතු කළේය. මෙය සෙබළුන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමටත්, මෙහෙයුම් කඩිනම් කිරීමටත් හේතු විය.
සුරේෂ් සලේගේ සේවය බොහෝ විට සිදු වූයේ තිරය පිටුපස සිට ක්‍රියාත්මක වන “රහසිගත යුද්ධය” (Secret War) තුළය. බුද්ධි අංශ නිලධාරියෙකු ලෙස ඔහු දැක්වූ දක්ෂතාවය, ත්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජය කිරීමේ ජයග්‍රහණයේ තීරණාත්මක සාධකයක් විය.
මෙලෙස තම රට වෙනුවෙන් තමන්ගේ උපරිම සේවය ලබාදුන් අභීත නිලධාරියකුගෙන් දේශපාලන වශයෙන් පළිගැනීම අප කිසිසේත්ම අනුමත කරන්නේ නැත.
බිමල් රත්නායක විසින් එදා පාර්ලිමේන්තුවේදී පැවසූ ආකාරයට කාදිනල්තුමාගේ වුවමනාවට පත් කරන ලද ආරක්ෂක ලේකම්වරයා සහ ශානි අබේසේකර යන නිලධාරීන් මේ ක්‍රියාත්මක කරමින් සිටිනුයේ කාදිනල්වරයාගේ අභිලාෂයන් ඉටු කිරීමද යන්න මේ වන විට කතිකාවට ලක් වෙමින් ඇත.
යම් සැකකරුවෙකුගෙන් ප්‍රශ්න කිරීමක් සිදු කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා උත්තරීතර අධිකරණයට ඉදිරිපත් කර අදාල නිසි ක්‍රියාමාර්ග ගැනීම සිදු කළේ නම් එයට අපේ කිසිදු විරෝධයක් නැත. අප උත්තරීතර අධිකරණයට සහ අධිකරණ නියෝග වලට ගරු කරන පුරවැසියන් වෙමු.
එහෙත් පුද්ගලයකුගේ මානව හිමිකම් උල්ලංඝනය වන පරිදි එම පුද්ගලයාට නීතීඥ සහාය ලබාදීම සඳහා නීතීඥයන් හට ප්‍රවේශ වීමට පවා බාධා නිර්මාණය කරමින් තමන් විසින් රඳවාගෙන සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානියාට ඉතා දරුණු මානසික වේදනාවන් ලබාදෙමින් අදාළ වගකිවයුතු අංශ කටයුතු කරන්නේ සත්‍ය වශයෙන්ම තිස් අවුරුදු යුද්ධය නිමා කිරීමට මෙතුමා ලබාදුන් දායකත්වය නිසා ඔහුගෙන් පළිගැනීම් සිදුකර ඩයස්පෝරාව සතුටු කිරීමටද යන කාරණාව අප විමසීමට කැමැත්තෙමු.
යුක්තිය සාධාරණය රජයන සමාජයක් නිර්මාණය කිරීමට පැමිණි ආණ්ඩුව
මෙලෙස අනීතික ක්‍රියා මාර්ග තුළින් මානව හිමිකම් උල්ලංඝනය කරමින් කටයුතු කිරීම අප දැඩි ලෙස හෙලා දකින්නෙමු.
ඓශ්චර්‍ය ගුණරත්න අධිකාරි
විධායක සභික
සිංහල සංවිධාන එකමුතුව.
Aishcharya Gunaratna Adikari
22 Viewers





