• Home »
  • Articles »
  • කිරින්ද පුහුල්වැල්ලෙන් බිහිවූ නාවික හමුදාපති හා මේජර් ජනරාල් වරයා

කිරින්ද පුහුල්වැල්ලෙන් බිහිවූ නාවික හමුදාපති හා මේජර් ජනරාල් වරයා

හිටපු නාවික හමුදාපති තිසර සමරසිංහ
මේජර් ජනරාල් උදයන්ත විජේරත්න

1980 දී නාවික හමුදා වේ නැවක අණදෙන නිලධාරියකු වූ තිසර සුගීශ්වර ගුණසේකර සමරසිංහ මහතා විදේශයන්හි දී පුහුණු පාඨමාලා නිමවා එල්.ටි.ටි.ඊ. ත්‍රස්තවාදයට එරෙහිව සටන් කළේ ය . මවුබිම වෙනුවෙන් සටන් කළ ඔහු උතුරු , නැගෙනහිර නියෝජ්‍ය ආඥාපති , දකුණු පළාත් ආඥාපති , මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල් . උතුරු පළාත් ආඥාපති ධුර දරමින් ත්‍රස්තවාදීන්ගෙන් මාතෘභූමිය ආරක්ෂා කර ගැනීමේ සටනට නායකත්වය දුන්නේ ය . 2009 ජුලි මාසයේ දී අවුරුදු එකහමාරක සේවා දිගුවකින් පසු අද්මිරාල් තිසර සමරසිංහ නාවික හමුදාපති ධුරයට පත් විය . අවුරුදු තිහත සටනකින් බේරාගත් මවු බිමේ නැඟත ත්‍රස්තවාදය ක්‍රියාත්මක වීම වැලැක්විමට සියලු පියවර ගනිමින් සිය තනතුරේ ගෞරවය ලබා දී 2011 ජනවාරි 11 වන දින එයින් සමු ගනේ ය . මවුබිම වෙනුවෙන් ඔහුගේ සේවාව එතෙකින් නො නිමයේ ය . 2011 සිට 2015 දක්වා ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරය දරමින් රට වෙනුවෙන් කළ යුතු සේවාව උපරිමයෙන් ඉෂ්ට කළේ ය . දැනට මාලබේ සාගර විශ්ව විද්‍යා කාලයේ දේශක තනතුරක් දරමින් රට වෙනුවෙන් අඛණ්ඩව සේවාව කරයි . කිරිදේ කඹුරුපිටිය පාරේ බඳුවත්තේ පදිංචිව සිටි නියෝජ්‍ය සමුපකාර කොමසාරිස් ප්රැන්සිස් ගුණසේකර සමරසිංහ මහතාගේ තෙවන දරුවා වූ තිසර සමරසිංහ හමුදාපතිවරයා ළමා කාලය ගත කළේ මව , පියා සහ සහෝදර සහෝදරියන් සමග බදුවත් ය . කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ඔහු එකල දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් සහ මලල ක්‍රීඩකයෙක් විය . ශිෂ්‍ය භට කණ්ඩායම් දක්ෂතා සපිරිලලත් නිලධාරියා වි , 1974 දී යුනිලිවර් සමාගමේ වැඩ පරිකවරයකු ලෙස රැකියාව හැර , ඔහු ඒ අවුරුද්දේෂ නාවික හමුදාවට බැඳී විශිෂ්ටතම ශිෂ්‍ය භට නිලධාරියාට හිමි රන් අසිපත දිනා එංගලන්තයේ රාජකීය නාවික විද්‍යා බලයේ ශිෂ්‍යත්වයක් හිමිකර ගත්තේ ය . එහිදී දතම මධ්‍ය නිලධාරියාට හිමි සම්මානය ලබා ඉන්දියාවේ දී උප ලුතිනන් කාර්මික පුහුණු පාඨමාලාව හදාරා දෂතම නිලධාරියාට හිමි ගෞරවය ලබා ලංකාවට පැමිණ තලෙයිමන්නාරම සහ හබරණ අනුඛණ්ඩයන්හි අතිරේක කටයුතු කොට බලවතා නැවෙන් ය සිය නාවික රාජකාරි ආරම්භ කළේ…

මවුම රැක ගැනීමට දායක වූ මේජර් ජනරාල්වරයා….

විජේරත්න මිස් කී පමණින් ඇය කවුරුදැයි නො හඳුනන මවක් , පියෙක් , තරුණයෙක් , තරුණියක් කිරින්දේ නැත . කිරින්ද බදුවත්ත මුදිත නිවෙසේ පදිංචි ඇයගේ පුත් කොඩිතුවක්කු මුදිත උදය පුහුණුවෙන් පසු ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ ප්‍රසාදය විජේරත්න මේජර් ජනරාල්වරයා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බැඳී හමුදා නිලධාරීන්ගේ හිත දිනාගෙන මබිම වෙනුවෙන් මහත් කැපවීමෙන් රාජකාරි කටයුතු කරගෙන ගියේ ය . පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ආපදා කළමණාකරණය පිළිබඳ විද්‍යාපති උපාධිය ( MSc in Disaster Management- Peradeniya University ) සහ කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයෙන් කළමනාකරණය පිළිබඳ විද්‍යාපති උපාධිය ( MSc in Management Kotalawala Defence University ) හිමි කරගත් ඔහු දීර්ඝ කාලයක් උතුරු නැගෙනහිර ක්‍රියාන්විත රාජකාරියේ යෙදෙමින් මවුබිම

වෙනුවෙන් ජීවිතය කැප කළේ ය . එක්සත් රාජධානියේ බැඩ්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් ගැටුම් නිරාකරණය පිළිබඳ පශ්චාත් උපාධි Ode cios ( Post Graduate Diploma in Conflict Resolution ) ද , පකිස්ථානයේ ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයෙන් උපායමාර්ගික කළමනාකරණය පිළිබඳ විද්‍යාපති උපාධිය ( MSc in Strategic Management – National Defence University , Pakistan ) , ලබා ගත්තේය . ඉන්දියාවේ යුද්ධමය ඉංජින්නේරු විද්‍යාලයේ දී යුද්ධමය ඉන්ජිනේරු පාඨමාලාව ( Combat Engineering Course Combat Engineering School , India ) & Dowłoced ? code Scans Wocha ( Senior Officer Course Bangladesh ) ද හදාරා ඇති මුදිත උදයන්ත විජේරත්න මේජර් ජනරාල්වරයා උතුරු නැගෙනහිර ක්‍රියාන්විත රාජකාරියේ නියුක්තව පසු මධ්‍යම පළාත් ආඥාපති වශයෙන් ද , නැගෙනහිර පළාත් ආඥාපති වශයෙන්ද සේවයකොට 2016 දී විශ්‍රාම ගත්තේය . මනා කැපවීම සහ නොකැළැල් චරිතය සඳහා අතිගරු ජනාධිපතිතුමා විසින් පිරිනමනු ලබන විශිෂ්ට සේවා විභූෂණ සිටීමෙන් පදක්කම ඔහු වෙත පිරිනැමුණේ ය…

උපුටා ගැනීම පසල් දනව්වක යශෝරාවය

……………….

අද්මිරාල් ටීඑස්ජී සමරසිංහ, ආර්එස්පී, වීඑස්වී, යූඑස්පී, එන්ඩීසී, පීඑස්සී, ඩීඅයිඑස්එස්

1974 වසරේ දී 04 වන බඳවාගැනීමට අයත් කැඩෙට් නිලධාරියෙකු වශයෙන් නාවික හමුදාවට එක්වී ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ මුලික පුහුණූව ලබාගෙන ඇති අතර, එම බඳවා ගැනීමේ හොදම මධ්‍ය නිලධාරියාට හිමිවන ගෞරවණිය අයිතිය දිනාගැනීමට ද සමත්ව ඇත. එමෙන්ම එක්සත් රාජධානියේ වත්මන් බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදා ඇකඩමියේ 1976 වසරේ හොඳම ජාත්‍යන්තර මධ්‍ය නිලධාරි වශයෙන් ද ගෞරවයට පත් ඔහු, එහි අංශභාර උප ලුතිනන්වරයෙකු වශයෙන් කටයුතු කිරීමේ භාග්‍ය ද උදා කරගෙන ඇත. ජලතරණයේ විශේෂ පුහුණුව ලැබුවකු වශයෙන් පිලිගැනෙන අද්මිරාල් සමරසිංහ මහතා ඒ වෙනුවෙන් ඉන්දියාවේ වෙන්ඩුරුහි දී විශේෂ පුහුණුවක් ලැබු අතර, එම පාඨමාලාවේ ප්‍රථම ස්ථානය තහවුරු කරගැනීමට ද සමත් විය.

ඔහු ගොඩබිම සහ යාත්‍රාවල වැදගත් තනතුරු බොහෝ ගනණක් හොබවා ඇති නිලධාරියෙකි. ඔහුගේ සේවා කාලය සැලකීමේදි වෙරල මුර යාත්‍රා ගැඹුරු මුහුදු පරීක්ෂණ යාත්‍රා, වේග ප්‍රහාරක යාත්‍රා (1985 වසරේදි නාවික හමුදා යාත්‍රා කණ්ඩායමට ප්‍රථම වරට එක්වු ඊශ්‍රාලයේ නිෂ්පාදිත ඩෝරා යාත්‍රා 02) Fast Gun Boat නීරීක්ෂණ/නෞකා වැනි නෞකා යාත්‍රා විශාල ප්‍රමාණයක සේවය කර ඇත. වසර 07කට අධික ඔහුගේ මුහුදු සේවා කාලය තුල වසර 04 ½ ක වැඩි කාලයක් විධාන නිලධාරියකු වශයෙන් සේවය කර ඇත.

මෙයට අමතරව කිර්තිමත් පුහුණු ආයතන 02 ක ආඥාපති සහ පුහුණු විධායක වශයෙන් කටයුතු කර ඇති එතුමන් නාවික හමුදා මුලස්ථානයේ මාණ්ඩලික නියෝජ්‍ය අධ්‍යක්‍ෂ/ අධ්‍යක්‍ෂ වැනි තනතුරු රැසක් හොබවා ඇත.

මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පැවති කාලයන්හි දී ඔහු උතුරු සහ නැගෙනහිර නාවික ප්‍රදේශ භා‍ර ආඥාපති වශයෙන් කටයුතු කර ඇත. තවද 2002 වර්ෂයේ දී ඔහු දකුණු ප්‍රදේශ භාර ආඥාපති වශයෙන් පත්කරන ලදී. 2004 වසරේදී නාවික හමුදාවේ ප්‍රථම අධ්‍යක්‍ෂ ජනරාල් සේවා ලෙස කටයුතු කිරීමේ භාග්‍යය ද එතුමන් හිමි කර ගන්නා ලදී. මෙයට සමගාමිව ඔහු විසින් අධ්‍යක්‍ෂ ව්‍යාපෘති සහ සැලසුම් නාවික හමුදාපති තුමන්ගේ අධි සහායක සහ ඒකාබද්ධ මෙහෙයුම් පිළිබද මාණ්ඩලික නිලධාරි වශයෙන් ද කටයුතු කර ඇත. එමෙන්ම 1995 – 2006 වසර වල නාවික හමුදා නියෝජිතයින් සමගින් ඉන්දියාව, රුසියාව, ඊශ්‍රායලය සහ ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල සංචාරය කරමින් ද්විපාර්ශවික ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා තිබේ.

1991 වසරේ දී ඇමරිකා එක්සත් ජනපදයේ නාවික යුධ ඇකඩමියේ පිහිටි නාවික මාණ්ඩලික පාසලෙන් උපාධිය පාඨමාලාව සාර්ථකව නිමකරන එතුමන්, 2005 වසරේ නවදිල්ලි ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ උපාධි පාඨමාලාව ද උසස් ලෙස සමත් වු විද්‍යාර්තයෙක් ලෙස සැලකේ.දිල්ලි ආරක්ෂක විද්‍යාලයේදී “නාවික ත්‍රස්තවාදය පරාජය කිරීමේ උපායමාර්ග” යන මැයෙන් ඔහු විසින් සම්පාදනය කළ නිබන්දනය සහ “තිරසාර සහයෝගිතා ආරක්ෂක අභියෝග සහ විකල්ප” යන මාතෘකාව යටතේ ඉදිරිපත් කරන ලද සම්මන්ත්‍රණ පත්‍රිකාව ප්‍රසිද්ධියට පත් කරන ලද ලේඛණ ලෙස සම්මානයට පාත්‍රවී ඇත.

නාවික හමුදාවේ කොමදෝරු නිලයේ රාජකාරි කරන අතරතුර, ආරක්‍ෂක අධ්‍යයනයන් වෙනුවෙන් එක්සත් ජනපදයේ හවායිහි පිහිටුවා ඇති ආසියානු පැසිපික් මධ්‍යස්ථානය විසින් පවත්වනු ලබන ආරක්ෂක අධ්‍යයන විධායක පාඨමාලාව හැදැරිමේ අවස්ථාව ද 2003 වසරේ දී එතුමන් විසින් හිමිකර ගන්නා ලදී. එහීදී රටවල් 91 උපාධිදාරින් අතරින් ඉහළම ස්ථානයට පත්වීමේ දුර්ලභ අවස්ථාව ද එතුමන් හිමිකර ගන්නා ලදී.

1977- 2006 දක්වා කාලය තුළ නාවික හමුදාපති ධුරය දැරු නාවික හමුදාපතිවරුන් 04 දෙනෙකුගෙන් සේවය ඇගයිමේ ලිපි 05 ක් ලබාගැනීමටද ඔහු සමත්ව ඇත.එසේම 2009 වසරේදී ජනාධිපතිතුමන් සහභාගි වු ලිබියානු සංචාරයට සහ 2006 වසරේ අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුකළ ඉන්දුනීසියානු සංචාරය සඳහා සහභාගි වීමට ද එතුමන්ට හැකි විය.

මානුෂිය මෙහෙයුමේ ආරමිභයත් සමගම 2005 වසරේ දෙසැම්බර් මස ඔහු උතුරු ප්‍රදේශය භාර වැඩ බලන ආඥාපති වශයෙන් කටයුතු කළ අතර, 2006 වසරේදී අධ්‍යක්ෂ ‍ජෙනරාල් මෙහෙයුම්, 2007 වසරේ දී නැගෙනහිර ආඥාපති 2008 වසරේ දී උතුරු ආඥාපති වශයෙන් ද කටයුතු කර ඇත.

LTTE සංවිධානයේ පාවෙන අවි ගබඩා විනාශ කිරිමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරන අවධියේ ඔහු අධ්‍යක්ෂ ජනරාල් මෙහෙයුම් ලෙස මෙම ක්‍රියාදාමයන් සාර්ථක කර ගැනීමේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකරන ලදී. 2009 වසරේ මැයි මස ඔහු නාවික හමුදා මණ්ඩලික ප්‍රධානී තනතුර වෙත උසස් වන ලදී.සිය රණකාමිත්වය වෙනුවෙන් පිදෙන රණශූර පදක්කමින් හා රාජකාරිය වෙනුවෙන් දක්වන ලද කැපවීම සහ මව්බිමේ ආරක්ෂාව වෙනුවෙන් සිදුකළ නිකලැල් සේවය උදෙසා පිදෙන විශීෂ්ඨ සේවා ව්භූෂණයෙන් සහ උත්තම සේවා පදක්කමින්ද පිදුම් ලබා ඇත.

ක්‍රීඩා කටයුතු සදහා දායකත්වය:

• ශ්‍රි ලංකා නාවික හමුදා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීම (1978 – 1988)
• පහත සදහන් නාවික හමුදා ක්‍රිඩා සංගම් වල සභාපතිත්වය දරා ඇත.
ක්‍රිකට් – 1998
රගර් – 1986 – 1989 සහ 2004
මලල ක්‍රිඩා – 1984
වෙඩිතැබිම් – 1997
• ශ්‍රි ලංකා රග්බි පාපන්දු සංගමයේ සාමාජිකත්වය දරා තිබීම

ජාතික මට්ටමේ නියෝජනයන්:

• 1998 වසරේ පැවත් වූ ශ්‍රී ලංකාවේ 50 වන නිදහස් දින සමරු උත්සවය වෙනුවෙන් ප්‍රධාන ආරධිතයා වශයෙන් පැමිණි වේල්සයේ කුමාරයාගේ ජ්‍යෙෂ්ඨ සහකාර නිලධාරි වශයෙන් කටයුතු කිරීම.
• ශ්‍රි ලංකාව සම්බන්ධ මහද්විපික ආන්තික සීමා නිර්ණය කිරීමේ, ජාතික කාර්යසාධන බලකායේ පුරෝගාමි සමාජිකයෙකු වශයෙන් කටයුතු කිරීම.
• 2006 වසරේ පැවති 10 වන සාක් ක්‍රීඩා උළෙලේදී ජාතික රයිෆල් සංගමයේ සභාපති වශයෙන් කටයුතු කිරිම.
1960 – 1974 දක්වා කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලබා ඇති අතර, එහි දි පහත සඳහන් නියෝජනයක් සිදුකර ඇත.
1973 – ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායකයෙකු වශයෙන් කටයුතු කිරිම.
1973 – ශ්‍රි ලංකා කැඩෙට් බලකායේ තුන්වන බලඇණියේ රෙජිමේන්තු සාජන් මේජර් වශයෙන් කටයුතු කිරිම.
1972 – මලල ක්‍රීඩා වාර්ථා දිනා ගැනීම.
1973 – A කණ්ඩායමේ නායකත්වය දැරීම.
1973 – ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා කණ්ඩායමේ උප නායකත්වය දැරිම.

ශ්‍රි ලංකා පරිපාලන සේවයේ නිලධාරියෙකු වු ප්‍රැන්සික් සමරසිංහ මහතාගේ සහ නුගේගොඩ අනුලා විද්‍යාලයේ ආචාර්යවරියක් වශයෙන් සේවය කළ උමාවති සමරසිංහ මැතිනියගේ දෙවන පුත්‍රයා වන අද්මිරාල් සමරසිංහ මහතාගේ ප්‍රිය බිරිඳ වන්නේ මාලනි සමරසිංහ මැතිනියයි.ඔවුන්ට නදීකා සහ හරීන් නමින් දියනියක් සහ පුතනුවෙකු සිටි.
…………..

විශ්‍රාමික මේජර් ජෙනරාල් කේ.එම්.යූ. විජේරත්න යූ.එස්.පී. එන්.ඩී.යූ.

මේජර් ජෙනරාල් කේ.එම්.යූ විජේරත්න යූ.එස්.පී. එන්.ඩී.යූ. 1982 මැයි 24 වන දින කැඩෙට් නිලධාරියෙකු ලෙස හමුදාවට බැඳුණු අතර ඔහුගේ කීර්තිමත් යුද හමුදා ජීවිතය තුළ වසර 34 කට වැඩි කාලයක් නොකැළැල් සේවයක් ඉටු කළේය. මේජර් ජෙනරාල් කේ.එම්.යූ විජේරත්න 2016 නොවැම්බර් 1 වන දින ශ්‍රී ලංකා යුද හමුදාවෙන් විශ්‍රාම ගියේය . ඔහුගේ හමුදා සේවා කාලය තුළ ඔහු හමුදාවේ ප්‍රධාන තනතුරු ගණනාවක් දැරූ අතර අවසානයේ ආරක්ෂක හමුදා මූලස්ථානය (නැගෙනහිර) අණදෙන නිලධාරී තනතුර දැරීය. මේජර් ජෙනරාල් උදයන්ත විජේරත්න යූ.එස්.පී. එන්.ඩී.යූ. නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ඒ.එච්.එල්.ජී. අමරපාල විසින් පිළිගනු ලැබීය.

2016 ඔක්තෝබර් 28 වන දින රාත්‍රී  බලකා මූලස්ථානයේ ප්‍රධාන දොරටුවේදී  ප්‍රථමයෙන් ආරක්ෂක භටයින් පැමිණීම පරීක්ෂා කරන ලදී.

ඉන්පසුව, පෙළපාළි චතුරශ්‍රයේදී ඔහුට ගෞරව සම්මාන මුරයක් පිරිනමන ලදී. ගෞරව සම්මාන උළෙලෙන් පසු නිලධාරී භෝජනාගාරයේ තේ පැන් සංග්‍රහයක් සංවිධානය කරන ලද අතර, ප්‍රධාන ආරාධිත අමුත්තා සියලු සපර් නිලධාරීන්, ඥාතීන් සහ මිතුරන් විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා පිළිගනු ලැබීය. 1930  කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් එච්සීපී ගුණතිලක ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ සියලුම නිලධාරීන් විසින් විශ්‍රාම යන මේජර් ජෙනරාල් උදයන්ත විජේරත්න මහතාට සමුදීමේ රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වන ලදී. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ සපර් නිලධාරීන් සහ සපර් නිලධාරීන් සහ ඔවුන්ගේ කලත්‍රයන් රැසක් සහභාගී වූ අතර එමඟින් දිනයේ අවසාන උත්සවයට චමත්කාරයක් ගෙන දෙන ලදී.
………………………



4 Viewers