කුරුවල් වන තරුණයන්ගේ ජාතිකත්වය
සැ
බවින්ම ලජ්ජාවෙමි…
එක් වරක් නොව දහස් වරක් ලජ්ජාවෙමි..
රිච්මන්ඩ් ආදි ශිෂ්‍යයෙක් වශයෙන්
ලජ්ජාවෙමි…
මහ තරගයේ මහින්දයේ සදාචාරය ගැන කතා කරන්නට ගිය අපිට රිච්මන්ඩ් රථ සංචාරයේ දකින්නට ලැබුණු මේ දසුන ඉතිහාසයේ කිසිම දිනෙක කිසිවිට නොදුටු අවාසනාවන්ත තත්ත්වයකි..
මොහු රිච්මන්ඩ් ආදි ශිෂ්‍යයෙක්දැයි මා දන්නේ නැත…
එසේ නැත්නම් වැස්සට රිච්මන්ඩ් එකට ගොඩ උන එකෙක්දැයි දන්නේ නැත..
එහෙමත් නැත්නම් රිච්මන්ඩ් ෆාම් එකේ හිටපු එකෙක්දැයි දන්නේ නැත.
රථ සංචාරයේ වරින්වර වාහනයකින් බැස සාටකයක් පැළඳ පපොළොව ඉබිමින් ඔහු අනුකරණය කරන්නේ විදුහලෙන් බිහිකළ මෙරට එකම ප්‍රථම පුරවැසියා වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂයි..
මේකාට වයස කීයදැයි නොදනිමි..
දෙදහස් නවයට පෙර පාසල් ආ එකෙක් නම්
මොහුගේ මවුපියන් මොහු පාසල ඇරෙන තුරු ගේට්ටු මුර කරන්නට එන්නට ඇත..
ගාල්ල වරායට කොටින් දරුණු ප්‍රහාරයක් එල්ල කල දවසේ.අපේ දරුවන් විදුහලට ගොස් සිටි මොහොතක කොළඹ රාජකාරි කරමින් සිටි මගේ හදවතේ ඇවුළුණු ගිනි මම දනිමි..
දුවත් පුතත් රිච්මන්ඩ් විදුහලටත්, සංගමිත්තාවටත් උදෑසන ත්‍රීවීල් රථයෙන් ගෙන ගිය අයියා,
එදා දවල් කාලය පුරාම මාරුවෙන් මාරුවට විදුහල් දෙක ළඟට යමින් දුරකථනයෙන් කතා කරමින් තත්ත්වය විස්තර කරන අයුරුත් මම පපුවේ පත්තුවෙන ගින්දර මැද ගාල්ලේ විස්තර ඔහුගෙන් අසා සිටි අයුරුත් මතකය..
මේකා මේ අනුකරණය කරමින්,
හාස්‍යයට ලක් කරන්නේ ඒ බිහිසුණු ත්‍රස්තවාදය අවසන් වූ දිනයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කටුනායක ගුවන්තොටුපලේ දී ලක් දෙරණ සිප ගනිමින් දැක්වූ ඉරියව්වයි..
සැබැවින්ම මේ නින්දිත හැසිරීම පිළිබඳව මේ රථ සංචාරය සංවිධානය කර අය පැහැදිලිවම සමාව ගත යුතුය..
ඉතිහාසයේ රිච්මන්ඩ් රථ පෙළපාලියක කිසිම දිනක මේ රටේ කිසිදු නායකයෙක් හෝ දේශපාලනඥයෙක් අපහාසයට උපහාසයට ලක් කල අයුරක් අපි දැක්කේ නැත..
ඇත්තටම මිනීමරු ප්‍රභාකරන්ගේ බෝම්බ වලට වෙඩි උණ්ඩවලට මේ රට නිදහස් කර ගැනීමට දිවිඳුන් විරුවන්ගේ ජීවිත බේරී,
ඒවාට ගොදුරු වෙන්නට තිබුණේ තිබුණේ මේ වගේ එවුන්ය..
ඔවුන් මේ උපහාසයට අපහාසයට ලක් කරන්නේ බිහිසුණු ත්‍රස්තවාදයෙන් මේ මව්බිම ගත් මොහොත ක් සැමරීම පිළිබඳවය..
අද බොහෝ අයගේ මනස විකෘති කර තිබේ..
ලෝකයේ තිබුණු ම්ලේචම බිහිසුනම ත්‍රස්තවාදයකින් අපගේ ජීවිත ,
අපගේ දරුවන්ගේ ජීවිත,
අපගේ දෙමව්පියන්ගේ ජීවිත,
පිළිබඳ කිසිම විශ්වාසයකින් තොරව ජීවත් වූ ඒ බිහිසුණු යුගය සහ ඉන් මේ මව්බිම මුදාගත් ආකාරය බලහත්කාරයෙන් අමතක කරවන්නට බොහෝ දේ සිදුවේ..
මෙවැනි කාලකන්නි දසුන් අපට දකින්නට ලැබෙන්නේ ද විකෘතියේ ප්‍රතිඵල ලෙසය…
මොන පාසලට ගියත්,
මොන ගුරුවරයාගෙන් ඉගෙන ගත්තත්, සමහර එවුන්ට උපතින් ලැබෙන දේ කෝවක දමා මැකුවත් හදාගන්න බැරිබව අපිට ජීවිතයේ හමු වූ සමහරුන්ගෙන් නොයෙක් අවස්ථාවල දැකගන්නට හැකිව තිබේ…
මේ එවන් තවත් අවස්ථාවක් විය හැකියි…
රිච්මන්ඩ් විදුහල අඛණ්ඩව මහා තරග තුනක් ජයග්‍රහණය1913/14/15 කළේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ලොකු තාත්තා,
වූ ඩී එම් රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් බව බව වත් මේකා දන්නවාදැයි දන්නේ නැත…
එමෙන්ම රිච්මන්ඩ් විදුහලේ භෞතික සම්පත් අද දියුණු වී ඇති ආකාරය දෙස බලන විට ඉන් මිලියන 200ක පමණ භෞතික සම්පත් විදුහලට එක් වූයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලයේ බව මේ දුර්ජනයා දන්නවාදැයි දන්නේ නැත.
ලාල් ද අල්විස්
ප.ලි.
ඩිග්‍රියට වඩා පෙඩිග්‍රිය වැදගත්. මූ කිසිම පෙඩිග්‍රියක් නැති එකෙක් ?
10 Viewers





