• Home »
  • Articles »
  • කොටි නැව් දඩයම් කරපු බුද්ධි මෙහෙයුම..

කොටි නැව් දඩයම් කරපු බුද්ධි මෙහෙයුම..

යාළුවනේ, අද මම ඔයාලට කියන්න යන්නේ හොලිවුඩ් ෆිල්ම් එකකවත් දකින්න නැති තරම් තීරණාත්මක, භයානක වගේම අතිශය රහසිගතව සිද්ධ වුණ සත්‍ය මෙහෙයුමක් ගැන.. මේ කතාව ඇහුවම ඔයාලට හිතේවි මේ සිදුවීම පාදක කරගෙන ෆිල්ම් එකක් හැදුවනම් හොඳයි කියලා…

මුලින්ම කියන්න ඕන මිත්‍රවරුනි මේක නිකම්ම නිකම් මුහුදු සටනක් නෙවෙයි. මේක බුද්ධි තොරතුරු සහ නොසැලෙන ධෛර්යය එකතු වෙලා කරපු දැවැන්ත ගේම් එකක්..

යුද්ධය දරුණුවටම යන කාලේ, LTTE සංවිධානයට ඕන කරන බෝම්බ, පතරොම්, මෝටාර්, යාත්‍රා සහ මරාගෙන මැරෙන බෝට්ටු පවා හොර රහසේ ලංකාවට ආවේ මුහුදෙන්.. මුලින් මුලින් මුහුදු මට්ටමේ ඉඳලා කිලෝමීටර් 20-30ක් දුරින් මේවා මාරු කළත්, අපේ නාවික හමුදාව මුර සංචාර දැඩි කරපු නිසා ඔවුන් උපක්‍රමය වෙනස් කළා..

ඔවුන් ජාත්‍යන්තර මුහුදේ, ඒ කියන්නේ ලංකාවේ වෙරළේ ඉඳලා නාවික සැතපුම් 1000කටත් වඩා ඈතින්, විශාල වෙළඳ නැව් නවතා තැබුවා.. මේවා තමයි ඔවුන්ගේ Floating Arsenals හෙවත් පාවෙන අවි ගබඩා. මේ නැව් වල ඇතුළේ තිබුණේ සීනි මලු හරි පිටි මලු හරි නෙවෙයි… අපේ වීරෝදාර හමුදාවට එරෙහිව පාවිච්චි කරන්න ගෙනාපු මරණයේ ආයුධ..

නැව් මුහුදේ තියෙනවා කියලා දැනගත්තට විතරක් මදි.. ඒ නැව් තියෙන තැන Exact Coordinates, ඒවයේ තියෙන බඩු මොනවද, ඒවා ලංකාවට එන වෙලාව හරියටම දැනගන්න ඕන… අන්න එතනදී තමයි අපේ රාජ්‍ය බුද්ධි සේවාව SIS සහ නාවික බුද්ධි අංශය සුවිශේෂී වැඩක් කළේ..

කොටි සංවිධානයේ සැපයුම් ජාලය ඇතුළටම අපේ බුද්ධි අංශ රිංගා සිටියා.. සමහර නිලධාරීන් වසර ගණනාවක් තිස්සේ ඔවුන්ගේම විශ්වාසවන්තයෝ වගේ රඟපාමින්, ජීවිතය පරදුවට තියලා තොරතුරු එළියට දුන්නා.. “දැන් නැව පිටත් වුණා, තව දවස් දෙකකින් අහවල් තැනට එනවා” වගේ අතිශය රහසිගත තොරතුරු මූලස්ථානයට ලැබෙන්න ගත්තා..

තොරතුරු ලැබුණා විතරයි, එවකට නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාගේ උපදෙස් මත මාරක මෙහෙයුම ක්‍රියාත්මක වුණා.

ඔයාලා දන්නවාද? මේ නැව් දඩයම් කරන්න අපේ නාවික හමුදාවේ වෙරළාරක්ෂක යාත්‍රා P411 වගේ බෝට්ටු විතරක් මදි. මොකද මේ සටන තිබුණේ ලංකාවට පේන මානයේ නෙවෙයි, මාලදිවයිනත් පහු කරලා, ඉන්දුනීසියාවටත් කිට්ටු ගැඹුරු මුහුදේ..

අපේ නිලධාරීන් මාස ගණන් යන කෑම බීම, තෙල් තොග නැව් වල පටවාගෙන, සති ගණන් මුහුදේ රළ අතරේ සැඟවිලා සතුරා එනකම් බලාගෙන හිටියා… රේඩාර් ක්‍රියා විරහිත කරලා, හරියට නිකම් දඩයමට බලන් ඉන්න සිංහයෙක් වගේ…

මේ නැව් දඩයම ලෙහෙසි වුණේ නැහැ. LTTE නැව් වල හිටපු අයත් දක්ෂයෝ. ඔවුන් ජාත්‍යන්තර මුහුදේ ගමන් කළේ සාමාන්‍ය වෙළඳ නැව් වගේමයි. ඔවුන්ගේ නැව් වල නම සහ වර්ණය පවා වරින් වර වෙනස් කළා.

අපේ බුද්ධි අංශ සොයාගත් තොරතුරු අනුව, LTTE එකට අයත් ප්‍රධාන නැව් පෙළක්ම තිබුණා.

“මොන්යා” (Monia)

“ෂෝෂින්” (Shoshin)

“කෝෂියා” (Koshia)

මේවා ඇතුළේ තිබුණේ නිකම්ම තුවක්කු නෙවෙයි. යුද්ධයේ ගමන් මග වෙනස් කරන්න පුළුවන් Artillery Gun (කැනන් තුවක්කු), අධි වේගී ප්‍රහාරක යාත්‍රා කෑලි වලට ගලවපු ඒවා, සහ යුරෝපයෙන් ගෙනාපු නවීනතම තාක්ෂණික උපකරණ. මේවා ලංකාවට ගොඩබෑවා නම් යුද්ධය තවත් අවුරුදු ගණනාවකට ඇදිලා යන්න තිබුණා.

2007 වසරේදී තමයි වැඩිම නැව් ප්‍රමාණයක් දියබත් කළේ.. අපේ සයුර, සමුදුර වගේ නෞකා සැතපුම් දහස් ගණනක් ඈතදී LTTE නැව් වට කළා. අපේ හමුදාව මුලින්ම දුන්නේ එක අවස්ථාවයි. “නැව නවත්වන්න, අපිට පරීක්ෂා කරන්න ඕන”

නමුත් කොටි කළේ මොකක්ද? ඔවුන් නැවේ ඉඳලා අපේ නැව් වලට වෙඩි තියන්න ගත්තා. එතනින් එහාට ඉතින් සමාවක් නැහැ. අපේ 76mm තුවක්කු වලින් පිටවුණ උණ්ඩ LTTE නැව් වල තිබුණ මෝටාර් සහ පතරොම් ගබඩා වලටම වැදුණා.

BOOM..

මුළු සාගරයම ඒකාලෝක කරමින් අහසට මතු වුණේ දැවැන්ත ගිනි ජාලාවක්. නැවක් නෙවෙයි, මහා ගිනි කන්දක් මුහුද මැද පුපුරනවා වගේ. තත්පර ගණනක් ඇතුළත මිලියන ගණනක් වටිනා ආයුධ තොගයයි,

ලෝක නාවික ඉතිහාසයේ කුඩා රටක නාවික හමුදාවක් තම මව්බිමේ සිට නාවික සැතපුම් 1600ක් (කිලෝමීටර් 3000කට ආසන්නයි) ඈතට ගිහින් මෙහෙයුමක් කරපු පළමු අවස්ථාව මෙයයි. ඒ කියන්නේ අපේ නැව් හිටියේ ඕස්ට්‍රේලියාවට සහ ඉන්දුනීසියාවට ආසන්න මුහුදේ

ඉන්දුනීසියාවේ ඇන්ඩමන් දූපත් ආසන්නයේදී තමයි මේ මාරක ගැටුම් ඇති වුණේ. ඒ වෙලාවේ අපේ නිලධාරීන් මුහුණ දුන්න ලොකුම අභියෝගය තමයි තෙල්… නැව් වල තෙල් ඉවර වුණොත් ආපහු එන්න විදියක් නැහැ. ඒ නිසා ඔවුන් අතිශය අරපිරිමැස්මෙන් තෙල් පාවිච්චි කරමින් මේ දඩයම අවසානය දක්වාම ගෙනිච්චා.

සමහර LTTE නැව් වල හිටපු පිරිස් තේරුම් ගත්තා තමන් කොටු වෙලා කියලා. ඔවුන් අවසන් මොහොතේ උත්සාහ කළේ තමන්ගේ නැව අපේ නාවික හමුදා නැවක හප්පලා දෙකම විනාශ කරන්න. කෝෂියා නැව විනාශ කරන වෙලාවේ ඒක ඇතුළේ තිබුණ බෝම්බ පිපිරිලා ඇති වුණ කම්පනයට සැතපුම් ගණනක් ඈතින් තිබුණ අපේ නැව් පවා හෙල්ලුනා කියලයි වාර්තාවල සඳහන් වෙන්නේ…

මෙහෙයුම් මාලාව අවසානයේ නැව් 10කට වඩා විනාශ කරන්න නාවික හමුදාවට පුළුවන් වුණා. මේක කොටි සංවිධානයට වැදුණු මාරාන්තිකම පහරක්. මොකද ඔවුන්ගේ ප්‍රධාන සැපයුම් මාර්ගය වැසුණා. ගොඩබිමේ ඉන්න කොටි සාමාජිකයන්ට පතරොම් නැති වුණා. ජාත්‍යන්තරව ඔවුන් ගොඩනගාගෙන තිබුණ නොපෙනෙන ජාලය කුඩුපට්ටම් වුණා.

අද අපි මේ භුක්ති විඳින නිදහස පිටුපස, එදා ගැඹුරු මුහුදේ රළ අතරේ නිදි නැතිව හිටපු, බුද්ධි තොරතුරු හොයන්න ජීවිතය පරදුවට තියපු ඒ වීරයන්ගේ ශක්තිය ධෛර්යය තියෙනවා..

මේ මෙහෙයුම් වලට නායකත්වය දුන්න වගේම, තොරතුරු සෙව්ව බුද්ධි නිලධාරීන්ගෙන් බොහෝ දෙනෙක් අදටත් ප්‍රසිද්ධියේ පෙනී ඉන්නේ නැහැ. ඔවුන් නිහඬ වීරයෝ…

දැන් ඉන්න ගොඩක් අයට මේ දේවල් මතවත් නැහැ… මිත්‍රවරුනි මේ වගේ කතා අපි අපේ දරුවන්ට කියල දෙන්න ඕන… ඔව්න් අපේ රට රැකගන්න කරපු කැප කිරීම් අමතක කරන්න හොඳ නැහැ.

ඔයාලා මොකද හිතන්නේ මේ අභීත මෙහෙයුම ගැන?  ඒ වගේම මේ වීර ඉතිහාසය හැමෝටම බලන්න ශෙයා කරන්නත් අමතක කරන්න එපා…

#අමුතු



3 Viewers