• Home »
  • Articles »
  • කෝවීඩ්, අරගලය, භූ-දේශපාලනික අවශ්‍යතා සහ බල පෙරළිය

කෝවීඩ්, අරගලය, භූ-දේශපාලනික අවශ්‍යතා සහ බල පෙරළිය

ප්‍රස්තාවනාව: මෙය හුදු විරෝධතාවයක් පමණක්ම නොවීය

ඕනෑම විශාල දේශපාලන පෙරළියකට කතා දෙකක් තිබේ.

එක් කතාව ලියවෙන්නේ මහමග
තෙල් පෝලිම්, ගෑස් පෝලිම්, බෙහෙත් හිඟය, කෝපය, දුක්කම්කටොලු සහ සැබෑ පීඩනයෙන් පාරට බැසූ ජනතාව සමඟය.

අනෙක් කතාව ලියවෙන්නේ තිරය පිටුපස

විදේශ තානාපති කාර්යාල, ආධාර සපයන ජාල, NGO අරමුදල්, මාධ්‍ය මෙහෙයුම් සහ භූ-දේශපාලන උපායමාර්ගික මැදිරි තුළය.

“අරගලයට” මේ පැති දෙකම තිබුණි.
සම්පූර්ණ චිත්‍රය දෙස බැලූ විට පෙනී යන්නේ, මෙය හුදු අවුල් සහගත ජනතා විරෝධතාවයක් නොව, අවස්ථාව ලැබූ විට ක්‍රියාත්මක කළ ගෝලීය පිටපතක සවිස්තරාත්මක  නාට්‍යයක් බවයි.

ඉලක්කය

2019 වන විටත් ගෝඨාභය රාජපක්ෂ ගෝලීය බලවතුන්ට පහසු නායකයෙක් නොවීය.
ඔහු බලයට පත්වූයේ පැහැදිලි සිංහල–බෞද්ධ ජනවරමක් සමඟය. ඔහු බටහිර ප්‍රසාදය සඳහා තම ප්‍රතිපත්ති නැවත සකස් කළේ නැත.
වැදගත් වශයෙන්, ඔහු ගත් තීරණ කිහිපයක් බාහිර බලවතුන්ගේ මූලික අවශ්‍යතා සමඟ සෘජුවම ගැටුණි:

MCC ගිවිසුම — Indo-Pacific භූ-දේශපාලන සැලැස්මට සම්බන්ධ වූ මෙය අත්සන් කිරීමට ප්‍රතික්ෂේප කළේය.
NGO අරමුදල් — විදේශ මුදල් රජයේ අධීක්ෂණය යටතට්ට ගෙන ඒමට උත්සාහ කළේය; donor-driven ජාලයන්ට මෙය රතු ඉරක් විය.
කාබනික වගාව — ක්‍රියාත්මක කිරීමේ දෝෂ තිබුණද, එය ගෝලීය පොහොර හා කෘෂි-රසායන බහුජාතික ඒකාධිකාරයට අභියෝගයක් විය.
ශක්තිමත් ආර්ථිකයක් ඇති රටක මෙවැනි තීරණ විවාදයට තුඩු දෙයි.

නමුත් ආර්ථිකව දුර්වල රටක, මෙවැනි තීරණ නායකයා ඉවත් කිරීමට භාවිතා කළ හැකි අවස්ථාවක් බවට පත්වේ.

දුර්වල ආර්ථිකයක් උරුම කරගත් නායකයෙක්

2015–2019 පසුබිම
ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වූයේ ශක්තිමත් ආර්ථික පසුබිමක නොවේ.
ඔහු උරුම කරගත්තේ, 2015–2019 කාලයේ කෙටිදර්ශී හා අසම්මත ආර්ථික කළමනාකරණයෙන් බරපතළ ලෙස දුර්වල කර තිබූ රාජ්‍ය මූල්‍ය ව්‍යුහයකි.
ණය ව්‍යුහයේ අවදානම් පරිවර්තනය
2015ට පෙර ශ්‍රී ලංකාවේ විදේශ ණය බහුතරයක් දිගු කාලීන, අඩු පොලී, ව්‍යාපෘති-සම්බන්ධ වුවද, 2015–2019 කාලයේදී International Sovereign Bonds (ISBs) — කෙටිකාලීන, ඉහළ පොලී, USD ණය — අධික ලෙස භාවිතා විය.
මෙම ණය:
ඩොලර් උපයන ව්‍යාපෘති සඳහා යොදාගත්තේ නැත
නව නිෂ්පාදන හැකියාවන් සෑදුවේ නැත
repayment wall (එකවර ගෙවිය යුතු බර) ගොඩනගා තිබුණි

වර්ධනය, ආදායම් හා විශ්වාසය

මෙම කාලයේදී GDP වර්ධනය මන්දගාමී විය; ආදායම්-GDP අනුපාතය පහළම මට්ටමක රැඳුණි; බදු ප්‍රතිසංස්කරණ අසාර්ථක විය; policy uncertainty නිසා දිගුකාලීන ආයෝජන පසුබැසීය.
2019 වන විට විදේශ සංචිත  පීඩනයට ලක්ව තිබුණි.
ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වූයේ අවදානම් ලාම්පු දැල්වෙමින් තිබූ මොහොතකය.

කොවිඩ්
දුර්වල පදනම මත වැදුණ අවසාන පහර

ඉන්පසු කොවිඩ් වසංගතය පැමිණියේය.
ශ්‍රී ලංකාව ආර්ථිකයට වඩා ජන ජීවිතය අගය කළේය.
රට වසා දැමුණි; නිරෝධායන මධ්‍යස්ථාන ඉදි විය; සෞඛ්‍ය පද්ධතිය සම්පූර්ණයෙන්ම සක්‍රීය විය.
මිලියන ගණනක් වූ රාජ්‍ය සේවකයින්ට වැටුප් හා විශ්‍රාම වැටුප් අඛණ්ඩව ගෙවුණි.
මානුෂීයව නිවැරදි වූ මේ තීරණ, ආර්ථිකව දැඩි බරක් විය: සංචාරක ව්‍යාපාරය (USD 4.5bn+) බිඳ වැටුණි
අපනයන ආදායම අඩු විය
ඩොලර් සංචිත සිඳී ගියේය
2021 අග වන විට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟය අනාවරණය විය.

ජනතා කෝපය

තෙල්, ගෑස්, බෙහෙත් හිඟය සටන් පාඨ නිසා නොව, මුල්‍යය තත්වය නිසා ඇති විය.
නමුත් ඉතිහාසය කියන්නේ: ජනතාව බඩගින්නේ හා තෙහෙට්ටුවෙන් සිටින විට, ඔවුන්ව මෙහෙයවීමට “මතවාදයක්” (Narrative) පමණක් ප්‍රමාණවත් බවයි.

මෙම මොහොතේ:
වෘත්තීය සමිති ක්‍රියාමාර්ග
විදේශවල සිටින ශ්‍රී ලාංකිකයන්ට නිල මාර්ගවලින් මුදල් එවීම නවත්වන්න කියන ඉල්ලීම් හරහා පීඩනය තවදුරටත් තීව්‍ර විය.

ගෝලීය “Color Revolution” ක්‍රමවේදය – එකම නාට්‍යය, රටවල් වෙනස්

ශ්‍රී ලංකාවේ අරගලය අහම්බයක් ලෙස පෙනුණද, ලෝක ඉතිහාසය සමඟ සසඳන විට එය එකම පිටපතක තවත් පිටුවක් බව පැහැදිලිය.
සර්බියාව (2000)
ජෝර්ජියාව (2003 / 2024)
යුක්රේනය (2004 / 2014)
ටියුනීසියාව (2010)
ඊජිප්තුව (2011)
ආර්මේනියාව (2018)
හොං කොං (2019)
බෙලරුස් (2020)
බංග්ලාදේශය (2013 / 2024)
නේපාලය (2024–25)

පොදු ස්වභාවය සහ ක්‍රමවේදය
සැබෑ ජනතා පීඩනය
රෝධතා
Influencersla භාවිතය
ප්‍රසිද්ධ යු ටියුබ් කරුවන්, යු ටියුබ් පවුල්, කලාකරුවන් අරගල භූමියට ගෙන්වීම( මුදල් වලට)
නායකයෙකු නැති( leaderless) ලෙස පෙනෙන විරෝධතා
කලාත්මක / සංකේතාත්මක ක්‍රම
වීදි නාට්‍යය, පහන් දැල්වීම, ජංගි එල්ලීම, ආරක්ෂක අංශ වලට රෝස මල් දීම
NGO & civil-society networks
පුරවැසි බලය, ජනත කේන්ද්‍රීය, නිර්පාක්ශික
foreign media amplification
“democracy / human rights” narrative
ප්‍රජාතන්ත්‍රවාදය සහ මානුශීය අයිතීන් වෙනුවෙන් කරන සටනක් බව එත්තු ගැන්වීම
regime change පසු protest momentum අතුරුදහන් වීම
සරලවම අරගල භූමියට මුදල් පොම්ප කිරීම නැවැත්වීම

ශ්‍රී ලංකාවේ අරගලය මේ සියල්ලටම අකුරටම ගැලපේ.

තිරය පිටුපස මෙහෙයවන්නන් –
USAID, NED, NGO ජාල
නූතන පාලන තන්ත්‍ර පෙරළි සිදුවන්නේ ටැංකිවලින් නොව — Grants, trainings, narratives මගිනි.
USAID, NED වැනි සංවිධාන වසර ගණනාවකට පෙර සිටම ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන්, “fact-checkers”, තරුණ ජාල සඳහා යටිතල පහසුකම් සකසයි.
අර්බුදය පැමිණි විට, ඒවා හදිසි ලෙස පෙනුණද, සැබවින්ම කලින් සූදානම් කළ ඒවාය.

මනෝවිද්‍යාත්මක මෙහෙයුම් සහ නාට්‍ය
ආර්ථික පීඩනය “ජනතා කෝපයක්” බවට පරිවර්තනය විය; රාජ්‍යයේ දුර්වලතාවය “අපරාධයක්” ලෙස හංවඩු ගැසුණි.

පණ්ඩු කරඳ ගස
ස්විස් තානාපති කාර්යාල සිද්ධිය
වැනි සිදුවීම් හරහා විශ්වාසය කඩාවැටීමට උත්සාහ කෙරිණි. මෙවැනි මෙහෙයුම්වලදී සත්‍යයට වඩා වැදගත් වන්නේ වෙලාවයි.

පිටපත අවසානය
ගෝඨාභය රාජපක්ෂ ධුරයෙන් ඉවත් වූ දිනයේ :සිට
තෙල් පෝලිම් අඩු විය
විදුලිය ස්ථාවර විය
ගෑස් නැවත පැමිණියේය
විරෝධතා කඳවුරු අතුරුදහන් විය
නමුත්:

ණය එලෙසම
බදු බර ඉහළ
ජීවන වියදම අඩු නොවීය
මෙය ප්‍රතිසංස්කරණයක් නම්, ඒවා ආරම්භ වීමට පෙර අරගලය නතර වූයේ ඇයි?

ලේ වැගිරීම ප්‍රතික්ෂේප කළ මිනිසා

බලය භාවිතා කිරීමට හැකියාව තිබුණද, ගෝඨාභය රාජපක්ෂ:  එකදු වෙඩි උණ්ඩයක්වත් පත්තු කළේ නැත
ත්‍රස්තවාදීන්ට  දෙවරක් නොසිතා වෙඩි තැබීමට  අණ කල එවක ආරක්ෂක ලේකම් වු ඔහු හසරක් නොදැන මංමුලා වු තමන්ගේ පුරවැසියන්ට වෙඩි තැබීමට ඔහු අණ කලේ නැත
ලේ වැගිරීමක් සිදු කළේ නැත

ලේ වැගිරීම වැළැක්වීමට ඔහු තනතුරෙන් ඉවත් විය.
අවසානය – ඉතිහාසය මතක තබා ගත යුතු සත්‍යය

මෙය හුදු විරෝධතාවයක් නොවීය.
එය සැබෑ ජනතා වේදනාව මතින් ගිය භූ-දේශපාලනික නාට්‍යයක් විය.
මිනිසුන්ගේ වේදනාව සැබෑය.
නමුත් එහි දිශාව සහ අවසානය කලින් තීරණය කළ ඒවාය.

ඔහු බලයට වඩා මනුෂ්‍යත්වය අගය කළ මිනිසෙකි!



3 Viewers