• Home »
  • Articles »
  • ගරු කාදිනල් තුමනි! නැවත සිතන්න…..

ගරු කාදිනල් තුමනි! නැවත සිතන්න…..

පාස්කු ප්‍රහාරයේ විමර්ශන යළි ආරම්භ වී තිබීම ප්‍රශ්නයක් නැත. මහ මොළකරු හමුවේ දැයි නම් ප්‍රශ්නයකි. පියවි ඇසට පෙනෙන දේ අප තේරුම් ගතයුතුය. මෙය ISIS සංවිධානය සහරාන් පාවිච්චි කර සිදු කළ අපරාධයක් බවයි බොහෝ දෙනාගේ පිළිගැනීම. මේ ප්‍රශ්නය නිසා ආගමික සහජීවනයට හානි සිදු වුවහොත් එය බරපතල තත්වයකි. දැනටමත් ඔබ වහන්සේ ඇතුලු කතෝලික සභාවට එන විවේචන වැඩිය. ඇතැම් දෙනා දැඩි ලෙස ඔබ වහන්සේ විවේචනය කරති. ආණ්ඩුවට නම් ප්‍රශ්නයක් නැත. ආණ්ඩුවක් හැම දා නැත. එහෙත් ජාතික ආරක්ෂාවට ජාතික සමගිය හා ආගමික සංහිඳියාවට හානි සිදු වුවහොත් එය රටකට සුබ දෙයක් නොවේ.

පාස්කු ප්‍රහාරය සිදු කළේ ISIS සංවිධානය බව හැම දෙනාම දනිති. සහරාන් එහි මහ මොළකරු භූමිකාව සිදු කරන්නට ඇති බව වසර ගණනාවක සිට අදහස් මතු විය. තව දුරටත් විමර්ශන කොට අධිකරණය මගින් කරුණු තහවුරු කර ගැනීම ප්‍රශ්නයක් නැත. විවේචනය තිබෙන්නේ රහස් පොලිස් ක්‍රියා පිළිවෙතයි.

ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගැනීම ප්‍රශ්නයකි. ජාතික ආරක්ෂාව ගැන වඩාත් සංවේදී වූවා නම් මෙවැනි අපරාධ නවතා ගැනීමට තිබිණි. එයද සත්‍යයකි.එයට වගකිව යුත්තේ කව්රුන්ද යන්න ඕනවටත් වඩා තොරතුරු අනාවරණය වී තිබේ. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රහස් පොලිස් අත්අඩංගුවේ සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ තව දුරටත් එසේ සිටිය යුතුද? ඔහු මිය යාමට ද මේ ඉඩ හරින්නේ? අවාසනාවකට එවැනි තත්ත්වයක් උදා වුවහොත් සිදු විය හැකි දේ කුමක්ද? මේවා කව්රු කවුරුත් තේරුම් ගත යුතුය. පාස්කු ප්‍රහාරය ගැන ජාත්‍යන්තර විමර්ශන ආයතන හොඳින් දනී. අලුත් විමර්ශනය වටා ගෙතී ඇති කතා එතරම් හොඳ නැත. විමර්ශන නිලධාරීන්ට තිබෙන පුද්ගලික ප්‍රශ්න ද මේවාට බලපා ඇති බව මාධ්‍ය වාර්තා කරයි. ශානි අබේසේකර හා රවී සෙනවිරත්න යන නිලධාරීන්ට යළි වගකීම් බාර දීමට ඔබ තුමා ප්‍රධාන කතෝලික සභාව මැදිහත් වී ඇත. එය දැන් ප්‍රතික්ෂේ කිරීමෙන් ඵලක් නැත. එතැන ම අවුලකි. පසුගිය ආණ්ඩු වලින් ශානි අබේසේකර පීඩා විඳී අයෙකි. එවැනි කෙනෙකු යටතේ පාස්කු ප්‍රහාරය ගැන විමර්ශන කිරීම එතරම් සාධාරණ නැත. ඔහුට තවත් චෝදනා ඇත. වගකිව යුතු අය රැසක් මේ ගැන කරුණු පෙන්වා දී ඇත. මේ සම්බන්ධයෙන් කතෝලික සභාව නැවත සලකා බැලීම වඩාත් යෝග්‍ය වනු ඇත්තේ. එක් වැරදීමකින් බරපතල හානි සිදු වීමට ඉඩ තිබේ. ළඟ නොබලන්න දුර බලන්න.



2 Viewers