• Home »
  • Articles »
  • ගුරුවරුන්ව දඩ ගහලා හිරේ දාලා මදි

ගුරුවරුන්ව දඩ ගහලා හිරේ දාලා මදි

හරිණි අමරසූරිය තමන්ට පැවරුණු රාජකාරිය හරියටම දශමයටම ඉටු කරමින් ඇත. අක වර අහසින් රැගෙන ජවිපෙ පැරණි සාමාජිකයන්ද පසු කර රටේ දෙවැනි පුරවැසියා බවට පත් කල බාහිර බලවේග කාලාන්තරයක් තිස්සේ උත්සාහ කල බොහෝ දෑ කිසිදු අපහසුවකින් තොරව හරිණි ලවා ඉටු කර ගනිමින් ඇත. එය ඔවුන් ලැබූ සුපිරි ජයග්‍රහණයකි. හැරිණි රාජ්‍ය නොවන සංවිධාන වල කල රැකියා වලින් ලද මුදලට අද සාධාරණය ඉටු කරමින් ඇත.
හරිනිගේ මෙහෙයුම ඇරඹියේ පාසැල් විෂය මාලාවෙන් ඉතිහාසය ඉවතට දැමීමෙනි. හරිණිලාගේ මෙහෙයුම සාර්ථක වන්නට නම් නියත වශයෙන්ම තමා කවුද,තම ජීවත්වන රට කුමක්ද එහි ඉතිහාසය කුමක්දැයි නොදන්නා අමනයින් පිරිසක් බිහි කර ගත යුතුය. එය ඉතාමත් සූක්ෂම ආකාරයට ඉටු කර ගැනීමට ඇය සමත්ව ඇත. හර විශයක්ව පැවති ඉතිහාසය බාස්කට් විෂයකට මාරු කර ළමයින්ගෙන් ඈත් කිරීම සාර්ථක කරගෙන ඇත. පළමු පියවර ඉතාම පහසුවෙන් ජය ගෙන ඇත. ඒ පිළිබඳව සිහින් කෙඳිරියක්වත් නගන්නට කිසිවෙකුත් නැත.

දෙවැනි පියවර ලෙස දණ්ඩ නීති සංග්‍රහයට මේ ගෙනෙන සංශෝධන මගින් ගුරුවරු සහ දෙමාපියන් බෙල්ල මුලටම හිර කර ඇත. මේ අප ගෙන යමින් ඇත්තේ කවර නම් සංස්කෘතික මානයකටදැයි තේරෙන කිසිවෙකුත් ඇතැයි මා නම් හිතන්නේ නැත. මන්ද මුළු මහත් සමාජයම දීර්ඝ නිද්‍රාවකට වැටී ඇති සෙයක් දිස් වෙයි. මෙතෙක් කලක් අපට උරුමව පවතී වසර දහස් ගණනක සංස්කෘතියේ මුදුන් මුල බවට පත්ව තිබූ පවුල් සබදතාව තව දුරටත් වලංගු යතාර්ථයක් වන්නේ නැත.

තුන්වෙනි පියවර ලෙස සමලිංගික ක්‍රියාකාරකම්ද ඇතුලත් LGBTQ ප්‍රවර්ධනය කාලයක් තිස්සේ කර ගෙන විත් එය හිමින් සීරුවේ පාසැල් පද්ධතියටද ඇතුල් කරමින් ඇත.දැන් මාලිමා ආණ්ඩුවේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රධාන අංගයක් බවට LGBTQ සංචාරක ගමනාන්තයක් බවට ප්‍රවර්ධනය කිරීමද රාජ්‍ය අනුග්‍රහය සහිතව අරඹා ඇත. එය සාමාන්‍යකරණය කිරීම මෙහි තවත් එක ව්‍යාපෘතියකි.

දෙමාපියන් වැඩිහිටියන් ගුරුවරුන්ට තව දුරටත් කල හැකි බක්කක් නැත. හරිනිගේ නව පනත අනුව දෙමාපියන්ට ගුරුවරුන්ට හා වැඩිහිටියන්ට ඉතිරිව ඇත්තේ වයස 16 දී ඇමති බිමල් මාමාට අනුව නිදහසේ ලිංගික ක්‍රියා කාරකම් සඳහා එලියට යන දූ දරුවන්ට උපත් පාලන උපකරණ ලබා දීම සහ ඒ සඳහා අවශ්‍ය වියදම ලබා දීම පමණි. ඉන් පසුව සමාජයේ බටහිර මෙන් සිංගල් මාම්ලා බහුල වනු ඇත. මතට හුරු වන දරුවන් බේරා ගැනීමට දෙමාපියන්ට ගුරුවරුන්ට කල හැකි බක්කක් නැත. ඒ පිලිබඳ වචනයක් හෝ කියන්නේ නම් නියත වශයෙන්ම සිර ගෙදර ලැගීමට හා වන්දි ගෙවීමට මුදල්ද එකතු කරගෙන සිටීම අනිවාර්ය වනු ඇත.

පාසැල් වල ගුරුවරුන්ට තමන්ට ලැබෙන සොච්චම් වැටුපෙන් වන්දි ගෙවීමට බැරි නිසා වෙන් ඕනෑම විනාශයක් නොදැක්ක සේ සිටීමට සිදු වනු ඇත. දෙමාපියන් කිහිප දෙනෙකුට සිර බත් කන්නට සහ වන්දි ගෙවන්නට සිදු වූ පසු බටහිර මෙන් දරුවන් හැදීම හැර දමා හුදු විනෝදය සඳහා පමණක් විවාහ වීම බහුල වනු ඇත.රටක් ජාතියක් විනාශ කිරීමට යුද්ධ කල යුතුම නැත. ඒ සඳහා ඉතා ප්‍රභල මිසයිලයක් ලංකාවට ඒවා ඇත. එය මෙතෙක් ලෝකයේ නිපදවා ඇති සියලුම න්‍යෂ්ඨික මිසයිල වලට වඩා භයානක බව ටික කලකින්ම තේරුම් ගනු ඇත. නමුත් ඒ වන විට අපට නැවත හැරීමක් නැත. මාලිමාවට උද දමාගෙන චන්දය දුන් බොහෝ අය මුලින්ම එහි ගොදුරු බවට පත් වෙමින් ඇත.ඒ භයානක මිසයිලයේ නම හරිණි අමරසූරිය බව අද මෙසේ ලියා තබමි.

-කැලුම් ජයසුමන



17 Viewers