ජනාධිපතිට ලියුමක්
2025 පෙබරවාරි 25වන දින.
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ගරු ජනාධිපති
අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා,
ජනාධිපති කාර්යාලය,
කොළඹ 1.
ගරු ජනාධිපතිතුමණි,
*මන්නාරමේ සහ මඩකළපුවේ පිහිටි සිංහල පාසැල් වැසී යාමේ තර්ජනයක*
මෙහි සඳහන් මන්නාරම සහ මඩකලපුව මේ රට තුල ඇති ගම්මාන දෙකක්, දෙමළ ත්‍රස්තවාදී විසින් යුද්ධය නීසා මන්නාරමේ සහ නැගෙනහිර පලාතේ සාමාන්‍ය සිංහල මිනිසුන් තම උපන් ප්‍රදේශය වන මේ මන්නාරමේ සහ මඩකළපුව සහ අනිකුත් ප්‍රදේශ වලින් පලවා හැරීමෙන් පසු නැවතත් තම උපන් බිමේ පදිංචියට ගිය පිරිසට සහ යුද්ධය තිබියදීත් එයට මුහුන දුන් පිරිසේහි දු දරුවන් වෙනුවෙන් ආරම්භ කරන ලද මඩකළපුවේ කල්කුඩා සිංහල පාසල සහ මන්නාරමේ සිංහල පාසල් වලට අවශ්‍ය සිංහල ගුරුවරුන් නොමැතිව නිසා මේ පාසැල් නැවතත් වැසීයාමේ තර්ජනයට මුහුණ දීමට සිදුව ඇති බව පෙනේ.
මේ යුද්ධය නීසා එම ප්‍රදේශවල සිංහල ඉගැන්වීමට හැකි විද්‍යා පීඨ ගුරුවරුන් බිහිනොවීම එයට ප්‍රදාන සාදකයකි, මේ ප්‍රදේශ වල වැඩිපුර පාසැල් පද්ධතිය තුල ඉන්නේ දෙමල භාෂාවෙන් උගත් ගුරුවරු වීම නිසා මේ සිංහල දරුවන්ට ඉගැන් වීමේ අපහසුතාවයක් පැන නැගී ඇත.
රජයක් හැටියට ඒකීය රටක් තුල මේ සියලුම පුරවැසියන්ට ඉගෙන ගැනීමේ සහ ඉගැන්වීමේ කාර්ය රජය සහ රජයේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ කාර්ය වන අතර, මේ ගැන අවධානය යොමු කොට, මේ අවස්ථාවේ මේ මන්නාරමේ සහ මඩකළපුවේ ඇති පාසැල් සදහා සිංහල ගුරුවරුන් ලබා දීමට කාරුණික වන්න.
නමුත්, දෙවැන්න වන්නේ අප රටේම දරුවන් එකම කණ්ඩායමක් ලෙස කටයුතු කලද අදාල පලාතේ ද්‍රවිඩ නිලධාරීන් එසේ කටයුතු නොකොට ජාතිවාදී ලෙස හැසීරීමත් සිට්නා සිංහල යැයි කියාගන්නා නිලධාරීන් ගේ මන්දොත්සාහි බවත් එයට හේතු වී ඇත.
එම ප්‍රදේශවල පවතින දුශ්කර තත්ත්වය සැලකිල්ලට ගෙන විශේෂ වරප්‍රසාදය ලබාදි හෝ දකුනේ ගුරුවරුන් එම ප්‍රදේශවලට යැවිය යුතුය අතර, රැකියා නොමැති සිංහල භාෂාවෙන් ඉගැන්වීමට හැකි උපාධිදාරීන් හෝ යොදවන්න.
මේ රටතුල රැකියා විරහිත උපාධිදාරීන් ගැන අවධානය යොමු කොට මේ ක්‍රියා මාර්ගයට මුල පුරන්න.
විද්‍යා පීඨ ගුරුවරුන් හට පත්වීම් ලබාදීමේදී උඩරට කදුකරයේ ගුරුවරුන් සදහා දක්වන සැලකිල්ල එම ප්‍රදේශවලට ලබාදීම.
( මධ්‍යම කඳුකරයේ පවතින ගුරු හිඟයට ඉන්දියාවෙන් ගුරුවරු ලබා දීමටද පසුගිය කාලයේ කතිකා කළ බව අමතක කළ යුතු නැත) මේ කඳුකර ප්‍රදේශ සඳහාද, දෙමල, සිංහල සහ ඉංග්‍රීසි භාෂා ප්‍රවර්ධනයට යොමු වන්න.
දැනට ගුරු සහයකයින් ලෙස ඉගැන්වීමේ කටයුතු කරන අයවලුන් එම පාසැල් වලට ගුරුවරුන් ලෙස බදවාගැනීම
එම පාසල් වල සේවය කරන ගුරු සහායකයින් හට එතෙක් ජීවත්වීමට සරිලන යම් වැටුපක් කඩිනමින් අත්‍යවශ්‍ය සේ සලකා දානපතියන් හරහා කැපකරු ක්‍රමයක් මගින් ලබාදීමට කටයුතු කීරීම මේ මොහොතේ ඉතාමත් කඩිනමින් ක්‍රියාත්මක කල යුතුව ඇත .
මේ අවස්ථාවේ, අධ්‍යාපන අමාත්‍යංශයට අනුව, පාසල් සඳහා කිසිදු මුදලක් දරුවන්ගෙන් අය නොකරන ලෙස චක්‍ර ලේකනයක් යොමු කර ඇති අතර, දැනට ධනපතියන්ගේ උදව්වෙන් සිංහල ගුරුවරු ගුරු වෘත්තීයේ යෙදී සිටින නමුත්,දානපතියන් හරහා පසුගිය කාලයේ යම් මුදලක් ගෙවන ලදමුත් එයද මේ වන විට ගෙවීමට අපහසුතා පැන නැගී ඇත මොවුන් වෙනුවෙන් මසකට රු. 25,000.00 එක් ගුරුවරයෙකුට පසුගිය කාලයේ ගෙවා ඇත මේ වෙනුවෙන් රජය සහ අධ්‍යාපන අමාත්‍යංශය මේ ගුරුවරුන්ට නිතියානු කුලව මොවුන් ගුරු වෘර්තියේ යොදවා, මේ ගම්මාන වල සිටින සිංහල දරුවන්ගේ සිංහල, දෙමල සහ ඉංග්‍රීසි දැනුම වර්දනය කරන්න කටයුතු කරන මෙන් අපගේ අවධානය ඔබතුමාට යොමු කරමි.
මේ ප්‍රදේශවල සියලුම පාසැල් වෙනුවෙන් විදේශ ආධාර හෝ රජය විසින් මේවර අයවැයෙන් අධ්‍යාපනයට වෙන්කළ මුදලින් කොටසක් යොමු කරන්න.
අවම වශයෙන් ගුරුවරුන් 10 දෙනෙක් වෙනුවෙන් එම කැපවීමක් කල හැකි අවම වශයෙන් එක් අයකුගේ වගකීමක් බාරගෙන කටයුතු කිරීමට හැකි දානපතියන් මේ රටේ හෝ විදෙස් රටවල සිටිනු ඇත.
මේ රටේ සියලුම දරුවන් හැමෝම “දරුවෝය” දරුවන් රැක ගැනීම රජයේ වගකීමයි. මේ දරුවන් අතර ඉන්නේ ශ්‍රී ලංකික දරුවෝය, මොවුන්, සිංහලද, දෙමළද, මුස්ලිම්ද කියා වෙනසක් නොමැත. මේ රටේ අනෙකුත් ප්‍රදේශ වල සියලුම දරුවන් එකසේ ඉගෙනුම ලබන්නේ නම්, මන්නාරමේ සහ මඩකළපුවේ දරුවන්ටත් අවශ්‍ය සහයෝගය කාරුණිකව දැක වන්න.
ඔබගේ දැක්මට අනුව මේ රට සුරපුරයක් කිරීමට නම්, මේ අවස්ථාවේ, රාජ්‍ය වියදම් සහ ජනාධිපතිගේ වියදම් කැපකර සිටිනම්, මේ රජයේ ඉතිරි කර ගැනීමට හැකි මුදලින් සුළු මුදලක් යෙදීම විශාල පිනක් සහ මහගු ආධාරයක් වේ.
ලෝකය ඉදිරියේදී සහ දියුණුවන තාක්ෂනය, ඩිගිටල් යුගයේදී, මේ සියලුම දරුවන්ට උසස් අධ්‍යාපනයක් අවශ්‍ය වේ. දැනුම අනාගතය වේ, මේ රට කෘෂි ආර්ථිකයකට ගෙන යෑමට මේ දුෂ්කර ප්‍රදේශ වල දරුවන්ටත් මේ අධ්‍යාපනය අවශ්‍ය වේ.
එම නිසා මේ අවස්ථාවේ මේ මන්නාරමේ සහ මඩකළපුවේ දැනට මේ දරුවන්ට සිංහල මාධයෙන් උගන්වන ගුරුවරුන් ස්ථිර කොට ඔවුන්ගේ වැටුප් ගෙවීමට ක්‍රම වේදයක් සොයන්න.
ඔබගේ අවධානයට: අධ්‍යාපන අමාත්‍යංශයේ නිළ වෙබ් පිටුවේ රජය වෙනස් වී මස හතරක් වෙන අවස්ථාවේ අදටත් එහි අධ්‍යාපන අමාත්‍යංශයේ ඇමතිතුමා හැටියට පෙන්වන්නේ හිටපු ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතය.
මෙයට, ඒකීය රටක්වෙනුවෙන් අපි එක මුතුව.
ජයන්ත වෙදසිංහ.
0773226767, 0114564477
17 Viewers





